English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මේ විධායක බලතල තවදුරටත් සීමා විය යුතුයි.! - ආචාර්ය නිහාල් හෙන්නායක


"යම්තාක් දුරකට අපිට පුළුවන් වුනා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා අත්තනෝමතික බලතල සීමා කරන්න. ඒ සීමා කළත් පරණ පුරුද්දට දෝ එහෙම සීමා නොවුනා කියලා හිතාගෙන වැඩ කරනවා.ඒ නිසා මේ විධායක බලතල තවදුරටත් සීමා විය යුතුයි. පැහැදිලිව කිව්වොත්, අත්තනෝමතික හිතුවක්කාරී පාලකයෙක් අතට, මේ බලතල පත් වුනහම රටකට මෙන්න මේ වගේ ව්‍යවසනයක් අත්වෙන්න පුළුවන්.”  ආචාර්ය නිහාල් හෙන්නායක පවසයි.

"ඉතාම කෙටියෙන් කියනවා නම් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු වට රවුමේ රැස්වීමේදී කියපු ආකාරයට අපිට 113ක් තියෙනවා ඒ නිසා අපිට ප‍්‍රශ්නයක් නැහැ. 113 ක් තියෙනවා නම් පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාට මේ දේශපාලන ව්‍යසනය විසඳන්න ගතවෙන්නේ විනාඩි 05 යි. ඔච්චර පිරිවැයක් දරන්නේ නැතුව විනාඩි 05 ක් අරගෙන මේ දේශපාලන ව්‍යසනය මග හරවා ගන්න ජනාධිපතිතුමාට  ඕන කමත් තියෙනවා නම් කරන්න පුළුවන්. ජනාධිපතිතුමාට මම විශ්වාස කරන්නේ නැහැ නොතේරෙනවා කියලා. රටක් ඉස්සරහට යන්න ආර්ථිකයේ ස්ථාවරයක් ඇති කර ගන්න දේශපාලන ස්ථාවරත්වය වැදගත්. ජනාධිපතිතුමා තමන්ගේ හිතළු අනුව මේ විනාශ කරලා දැම්මේ දේශපාලන ස්ථාවරත්වයක්ව තිබූ රට හා රජය. ඒ සඳහා ජනාධිපතිතුමා කියන්න උත්සාහ කලා, හිටපු රනිල වික‍්‍රමසිංහ අගමැතිතුමාගේ අදහස් ගැලපෙන්නේ නැහැ. එයාගේ සංස්කෘතිය මට ගැලපෙන්නේ නැහැයි කියලා වගේ අදහස්. සමහර වෙලාවට ජනාධිපතිතුමා එයින් අදහස් කළේ එයා ටයි එක දානවා, එයා ඉංග්‍රීසි කතා කරනවා. මට ටයි එක දාන්න බෑ. මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ. ඒ වගේ දේවල් දකින දේ පිළිබඳව මට සැකයක් තියෙනවා. මේ වගේ හිතළු, පුද්ගලික කෝන්තර රාජ්‍ය නායකයෙකුට සුදුසු වෙන්නේ නැහැ තීරණයක් ගන්න. ඒ නිසා මම මෙයාට දෙන්නම්, අරයට දෙන්නම් කියලා කියන්න බැහැ. තමන්ගේ පක්ෂය තුළ මේ ප‍්‍රශ්නය ඇති වුනා නම් ජනාධිපතිවරයට කියන්න පුළුවන් මගේ පක්ෂයේ මම අගමැතිකම දෙන්නේ අහවලාට. වෙනත් පක්ෂයකට එහෙම සදාචාරයක් නැහැ මම ඔය පක්ෂයේ අහවලාටයි දෙන්නේ, නැත්නම් අහවලාටයි දෙන්නේ කියලා කියන්න ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලයකුත් නැහැ. සදාචාරයකුත් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ ආර්ථික, දේශපාලන, ව්‍යසනය මග හරවා ගැනීම සඳහා විනාඩි 05 ක් ඇති ජනාධිපතිතුමාට මේ බලලෝභී දේශපාලන වුවමනාවෙන් මිදිලා මේ වටිනා ඩිනාඩි 05 රට වෙනුවෙන්, රටේ අනාගත පරපුර වෙනුවෙන්, රටේ ආර්ථික දියුණුව වෙනුවෙන්, මෙන්න මේ වටිනා විනාඩි 05 පාර්ලිමේන්තුවට ඇවිල්ලා, පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගත කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

රට වැසියාගෙන් මම ඉල්ලන්නේ මෙන්න මේ බලෙන් ඇති කරපු දේශපාලන ව්‍යාකූලත්වය තේරුම් ගන්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙළ ගැසෙන්න. ඒ නිසා තමයි අපි කියන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සීමාවීය යුතුයි කියලා. හිතුවක්කාරී පාලකයෙක් අතට මේ විධායක බලතල පැමිණිනහම මෙන්න මේ ව්‍යසනය වෙනවා. ඒක මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාගේ ක්‍රියාවෙන් හොඳට ඔප්පු කරලා තියෙනවා. යම්තාක් දුරකට අපිට පුළුවන් වුනා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මෙන්න මේ අත්තනෝමතික බලතල සීමා කරන්න. ඒ සීමා කළත් පරණ පුරුද්දට දෝ එහෙම සීමා නොවුනා කියලා හිතාගෙන වැඩ කරනවා.ඒ නිසා මේ විධායක බලතල තවදුරටත් සීමා විය යුතුයි. පැහැදිලිව කිව්වොත්, අත්තනෝමතික හිතුවක්කාරී පාලකයෙක් අතට, මේ බලතල පත් වුනහම රටකට මෙන්න මේ වගේ ව්‍යවසනයක් අත්වෙන්න පුළුවන්. ඉතාමත් වුවමනාවෙන් ඉල්ලා සිටිනවා ජනතාවගෙන් මෙන්න මේ උවදුර තේරුම් ගන්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙළ ගැහෙන්න කියලා.”

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා විශ්ව විද්‍යාල ආචාර්වරුන් විසින් සංවිධානය කරන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් 2018 නොවැම්බර් මස 18 වෙනි දින රාජගිරියේදී පැවැත්විය. ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සහභාගි වී සිටි අතර එහි ආචාර්ය නිහාල් හෙන්නායක විසින් එසේ අදහස් ප‍්‍රකාශ කරන ලදී. වීඩියෝව පහත දැක්වේ.





2018-11-19
Advertisement

Find us on Facebook