English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රචණ්ඩව හැසිරුණු මන්ත්‍රීවරුන්ට එරෙහිව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්!

නොවැම්බර් 14 සහ 16 වෙනි දින පාර්ලිමේන්තුවේදී සිදුවූ පොදු දේපල වලට සිදුවූ හානිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඉල්ලීමක් කරමින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් විය. එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ සමාජ ක්‍රියාකාරිකයෙක්සේම, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම්වරයා වන සුදේශ් නන්දිමාල් විසිනි. ඔහු විසින් ඉල්ලා ඇත්තේ පසුගිය සභාවාර දෙකේදී පාර්ලිමේන්තුවේ පොදු දේපලවලට හානි කළ පාර්ලිමේන්තු නියෝජිතයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

නොවැම්බර් 19 වෙනි සඳුදා පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදි. ඒ මගින් ඔහු ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුවේ පොදු දේපල වලට හානි සිදුකිරීම රාජ්‍ය දේපල වලට හානි කිරීමක් නිසා සාමාන්‍ය මිනිසුන්ට මෙන්ම ඔවුන්ටද එකසේ නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

පාර්ලිමේන්තුව යනු රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ආයතනයක් බව පෙන්වා දෙන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල්, පොලිස්පති පූජිත ජයසුන්දර වෙත අවධාරණය කර ඇත්තේ පොදු දේපල වල අයිතිය රටේ ජනතාව සතු බැවින් ඒවාට හානි කළ පාර්ලිමේන්තු නියෝජිතයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. 

නිල ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන්ට පාර්ලිමේන්තුව තුළදී පහර දුන් මහජන නියෝජිතයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති සුදේශ් නන්දිමාල් පොලිස්පතිවරයාට පැහැදිලි කර ඇත්තේ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා සිදු කරන වැරදි පිළිබඳව පනත යටතේ චෝදනා ගොනු කිරීමේ හැකියාව පවතින බවයි.

පොලිස් නිලධාරියෙකු ඉදිරියේ සිදු කරන ලබන වරදක් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 109/4 යටතේ නඩු පැවරීමේ හැකියාවක් පවතින බවත් අයිතිවාසිකම් සුරැුකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පොලිස්පතිවරයා වෙත සිදු කළ පැමිණිල්ලේ සඳහන්ය.

පසුගිය නඩුවාර දෙකකදී පාර්ලිමේන්තුවේ පොදු දේපලවලට හානි කිරීම සහ පොලිස් නිලධාරීන්ට පහරදීම යන චෝදනා සඳහා පාර්ලිමේන්තු නියෝජිතයන් වන අරුන්දික ප‍්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, ප‍්‍රසන්න රණවීර, ආනන්ද අලූත්ගමගේ, විමල් වීරවංශ, නිරෝෂන් පේ‍්‍රමරත්න, ගාමිණි ලොකුගේ, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යනාදීන් සුදේශ් නන්දිමාල් විසින් සිදු කළ පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නම් කර තිබේ.

පොලිස්පතිවරයා වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා, කමිටු සමාජික ලාල් හිද්දැල්ල පෙරේරා සහ එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමාසිරි හපුආරච්චි යන අය සහභාගි විය.




2018-11-19
Advertisement

Find us on Facebook