English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිට ජනතා දෝෂාභියෝගයක් ගෙනා යුතුයි ! - චන්ද්‍රගුප්ත තේනුවර

පාර්ලිමේන්තුවෙන් නෙමෙයි, 62 ලක්ෂයක් වූ මහජනතාවගෙන් වගේම, එවකට විරුද්ධව සිටි දැන් කළ කිරීමෙන් සිටින කණ්ඩායමෙනුත් ඉල්ලන්න කැමතියි, ව්‍යවස්ථා විරෝධීව වැඩ කළ මේ ජනාධිපතිවරයාට විරුද්ධව මහජනතාවගෙන් දෝෂාභියෝගයක් ආරම්භ කළ යුතුයි කියලා.” යැයි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා විශ්ව විද්‍යාල ආචාර්වරුන් විසින් සංවිධානය කරන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් 2018 නොවැම්බර් මස රාජගිරියේදී පැවැත්වුනා. ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සහභාගි වී සිටි අතර එහි සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරී සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් ප‍්‍රකාශ කරන ලද අදහස් හා වීඩියෝව පහත දැක්වේ.

“පළමුවෙනි විශ්වාසභංගය සම්මත වී ගියාට පස්සේ එය කට හඩින් සම්මත කලා. ඒ නිසා අපට පේනවා. අනීතිකි රජයක්. අනීතික ආකාරයෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් යන්නේ. ඒනිසා අවධානය යොමු කරන්න කැමතියි, දැන් ජනාධිපතිතුමාට අවශ්‍යවෙලා තියෙනවා. අර පළමුවෙනි වගන්තිය පාර්ලිමේන්තුව තුළ සම්මතවීම ඉවත් කරගන්න. මොකද ඒක එතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමේ කාරණයකට මුල්වෙන්න පුළුවන් නිසා.

මම කැමතියි පාර්ලිමේන්තුවෙන් නෙමෙයි, මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්න විශේෂම කාරණයක්. 62 ලක්ෂයක් වූ මහජනතාවගෙන් වගේම, එවකට විරුද්ධව සිටි දැන් මේ කළ කිරීමෙන් සිටින කණ්ඩායමෙනුත් ඉල්ලන්න කැමතියි ඉල්ලන්න මේ ව්‍යවස්ථා විරෝධීව වැඩ කළ මේ ජනාධිපතිවරයට විරුද්ධව මහජනතාවගෙන් දෝෂාභියෝගයක් ආරම්භ කළ යුතුයි කියලා.

අනීතික රජයක් යටතේ මහඡන්දයක් පවත්වන්න සැලසුම් කරන ජනාධිපතිවරයට හැමදාම මොකක් හරි අඩුවක් හොයනවා. පාර්ලිමේන්තුව තුළ වෙන්නේ මොකක්ද කියන එක පැහැදිලිව නෑ. එතුමා කලින් කට්ට්යක් හම්බවෙලා විපක්ෂයේ සහ අනික් අයට කියනවා මේ විදියට ගේන්න පළමුවෙනි ව්‍යවස්ථාව කොටස අවලංගු කරලා ඡන්ද අරගෙන එන්න. ඊට පස්සේ ඊළග කණ්ඩායම අඩගහලා කියනවා ඔය ගොල්ලන්ට පුළුවන් දෙයක් කරන්න කියලා. මම හිතන්නේ ඒක තමයි පේන්නේ. ජනාධිපතිවරයගේ ආශිර්වාදය මත තමයි මේ දේ සිද්ධ වෙන්නේ. නැත්නම් කොහොමද අරුන්දික ප‍්‍රනාන්දු ගිහිල්ලා කතානායකවරයා එන්නට කලින් ඒ ක්‍රියාව සිදු කිරීමට වාඩිවෙන්නේ. ඒ කොහොමද ජාතික ධනය විනාශ කිරීමේ ව්‍යාපාරයට ඔවුන් සම්බන්ධ වෙන්නේ. මේ කියන දේවල් වෙන්නේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේත්, අර පින් අගමැතිවරයාගේත්, එහෙමත් නැත්නම් අනීතික අගමැතිවරයාගේ ආශිර්වාදය ඇතිව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ක්‍රියාවලිය දෙස බලමින් අපි දැන් ප‍්‍රධාන වශයෙන්ම මේ දෙදෙනාම ගෙදර යැවීමේ ක‍්‍රමයක් සූදානම් කරන්න  ඕනා.





2018-11-18
Advertisement

Find us on Facebook