English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීතිපති, මැතිවරණ කොමසාරිස්, පොලිස්පති හා රාජන් හුල් - නීතිඥ නාමල් රාජපක්ෂ
පිට කොන්දක් තියෙන, කොමිෂන් සභාවේ කාර්ය මොකක්ද කියලා කල්පනා කරන, රාජන් හූල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා. ඒ පිට කොන්ද තිබුණේ නැහැ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට. එවැනි මැතිවරණ කොමසාරිස්වරයෙක් ඉදිරියේදී රාජපක්ෂලාගේ සහ සිරිසේනලාගේ පාදඩ පාලනය යටතේ කොයි විදියක මැතිවරණයක් පවත්වයිදැයි අපිට සැක සහිතයි. මොකද අපි 19 වෙනි සංශෝධනයෙන් මැතිවරණ කොමිසම ස්වාධින කරලා දුන්නා. තමන්ගේ රාජකාරිය බයෙන්, සැකෙන් තොරව කිරීමට අවස්ථාවක් හදලා දුන්නා. ඒ හදලා දීලා තියෙද්දිත් ක්‍රියා කරපු විදිය වැරදයි.

නීතිපතිතුමා කියන්නේ ලංකාවේ මානව හිමිකම් සුරැකීම සඳහා සිටින ප‍්‍රධාන නිලධාරියා. නීතිපතිතුමාට එකවිට කාර්යභාරයන් දෙකක් තිබෙනවා. එකක් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ විට පෙනී සිටීම සහ දෙක රටේ සියළුම ජනතාවගේ මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් සම්බන්ධ ප‍්‍රධාන නිලධාරියා තමයි නීතිපතිවරයා. ඒ නීතිපතිවරයාට කිසිවිටෙකත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ජනාධිපතිවරයෙක් වෙනුවෙන් පෙනී සිටින්නට කිසිඳු අයිතියක් නෑ. ඒ නිසා විශේෂයෙන්ම අපි හොඳට දන්නවා මානව හිමිකම් නඩුවකදී රජයේ සේවකයෙක් යම් කිසි වරදක් කරපු අවස්ථාවකදි ඒ පුද්ගලයෝ නීතිපතිතුමා වගඋත්තර කරුවෙකු බවට පත් කරනවා. මොකද රජයේ සේවකයෙක් නිසා. නමුත් ඒ පේන ක්‍රියාව විධායකයේ ක්‍රියාවක් හෝ අනුමත ක්‍රියාවක් නොවූ කළ නීතිපතිතුමා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීමක් සිදු කරන්නේ නැහැ. හේතුව මොකද රටේ ජනතාවගේ අයිතිය රැකීම තමයි නීතිපතිතුමාගේ කාර්යභාරය. නීතිපතිතුමාට පඩි ගෙවන්නේ ඩඩ්ලි සිරිසේනගේ අරලිය හාල්මෝලෙන් නෙමෙයිනේ. ජනතාවගේ සල්ලිවලින්. ඒ නිසා ජනතාවගේ සල්ලිවලින් පඩි ගන්න නීතිපතිතුමා දැනගත යුතුයි මේ වගේ ව්‍යවස්ථාව අත්තනෝමතිකව උල්ලංඝනය කරපු අවස්ථාවක පෙනී නොසිටිය යුතු අතර, ජනාධිපතිතුමා වෙනුවෙන් නොවෙයි කරුණු කිව යුත්තේ, සමස්ත ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපි ළගදීම බලාපොරොත්තු වෙනවා. නීතිපතිතුමා තමන්ගේ කාර්යභාරය ඉටු කිරීමට අපොහොසත්වී ඇති නිසා නීතිපතිතුමාට විරුද්ධව, ධූරයේ රැඳී සිටීමට සුදුසුදැයි පරීක්ෂා කිරීමට, නඩුවක් පැවරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිෂන් සභාවක් හැදුවා. නමුත් තමන්ට තියෙන ස්වාධීනත්වය තමන් දන්නේ නැතුව, මහින්ද දේශප්‍රීය කියනවා මම දන්නේ නැහැ ගැසට් එකක් මට ආවා, ගැසට් එක ආපු නිසා මම ඡන්දේ කරනවා කියලා. එතුමාට එහෙම කියන්න කිසිම අයිතියක් නැහැ. මොකද අපි ස්වාධීන කරලා දීලා තියෙන්නේ එතුමාට එනවා නම් නීති විරෝධී නීයෝග එතුමා ඒ නීති විරෝධී නීති ක‍්‍රියාත්මක නොකළ යුතුයි. එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය යුතුයි. එතුමා කිව යුතුයි ප‍්‍රශ්නයක් තියෙනවා. යම් කිසි මත දෙකක් තිබෙනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය මොකක්ද ඒ සම්බන්ධයෙන් ගත යුතු තීරණය කියලා. එතුමා ගැසට් එක ආපු පලියට ඡන්දය පවත්වන්න සූදානම් වෙනවා. එතුමා මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්ට නියෝග කරලා තියෙනවා මැතිවරණ කටයුතු කරන්න පියවර ගන්න කියලා. ඒ නිසා එතුමා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ කරපු එම ක්‍රියාවලිය මග හැරලා තියෙන නිසා, අපි බලාපොරොත්තු වෙනවා එතුමා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිධුරයට නුසුදුසු පුද්ගලයෙක් බවට. ඒ කොමිෂන් සභාවේ පිට කොන්දක් තියෙන, කොමිෂන් සභාවේ කාර්ය මොකක්ද කියලා කල්පනා කරන, රාජන් හූල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා. ඒ පිට කොන්ද තිබුණේ නැහැ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට. එවැනි මැතිවරණ කොමසාරිස්වරයෙක් ඉදිරියේදී රාජපක්ෂලාගේ සහ සිරිසේනලාගේ පාදඩ පාලනය යටතේ කොයි විදියක මැතිවරණයක් පවත්වයිදැයි අපිට සැක සහිතයි. මොකද අපි 19 වෙනි සංශෝධනයෙන් මැතිවරණ කොමිසම ස්වාධින කරලා දුන්නා. මොකද ඒ අයට තමන්ගේ රාජකාරිය බයෙන් හැ සැකෙන් තොරව කිරීමට අවස්ථාවක් හදලා දුන්නා. ඒ හදලා දීලා තියෙද්දිත් ක්‍රියා කරපු විදිය වැරදයි.

අනික් කෙනා පොලිස්පතිතුමා. පොලිස්පතිතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැම රාජ්‍ය නිලධාරියෙක්ම හයවෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රකින බවට දිවුරුම්දීලා, ප‍්‍රතිඥදීලා තමයි ඇවිත් තියෙන්නේ. ඒ නිසා මේ කිසිම රාජ්‍ය නිලධාරියෙක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරනවා නම් තම හිතට එකඟව ඉල්ලීමක් කරන්න  ඕනා මට ඒ දේ කරන්න හැකියාවක් නැහැ කියලා. ඒ නිසා අනීතික විදියට ක්‍රියා කරපු සියළුම දෙනා වෙනුවෙන් අපි පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.

නීතිපතිතුමාගේ වගකීම වෙන්නේ රටේ ප‍්‍රධානතම මානව හිමිකම් රකින්න ඉන්න නිලධාරියා වශයෙන්, ජනාධිපතිතුමා ගත්ත තීරණය වැරදි නම් නීතිපතිතුමාට ඒ බව තේරෙනවා නම්, ඒක වැරදියි කියලා, ඔහු ස්වාධින නිලධාරියෙක් නිසා, ජනාධිපතිතුමාට කියන්න තිබුණා, මේ වැඩේ වැරදියි කියලා. තමන්ගේ රටේ පුරවැසියෝ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා, තමන්ගේ මානව අයිතීන් උල්ලංඝණය වෙලා කියලා මහජනතාව ආවම මේ නීතිපති කියනවා එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන්න කියලා. කෙතරම් අත්තනෝමතික, වහල් තත්ත්වයකට පත්වෙලා තියෙනවද නීතිපතිතුමා. ඉදිරියේදී අපි පියවර ගන්නවා නීතිපතිතුමා සුදුසු නැහැ කියලා. අධිකරණ ක්‍රියාමාර්ගයක් තුලින් එතුමා ඉවත් කිරීමට අපි ක්‍රියා මාර්ග ගන්නවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වෘත්තීයවේදීන් යනුවෙන් 2018 නොවැම්බර් මස 18 වෙනි දින පෙරවරුවේ රාජගිරියේදී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් දක්වන ලද්දේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නාමල් රාජපක්ෂයි. ඔහු දැක්වූ අදහස් පහත දැක්වෙන වීඩියෝවද ඔබට නැරඹිය හැකිය.





2018-11-18
Advertisement

Find us on Facebook