English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනපතිගේ අධම තීරණයන්ට එරෙහිව ජනතා විරෝධයක් කොළඹ දී


ඔක්තෝම්බර් මස 26 වෙනි දින සිට සිදුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දේශපාලන තීරණ සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුව තුළ නොවැම්බර් 15 වෙනි දින සිදුවූ ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවන් සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමක් එක්සත් ජාතික පෙරමුණ විසින් අද (15) ලිප්ටන් ටවරවුම අසලදී සංවිධානය කර තිබුණි.

මෙහිදී ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් පවත්වන්නේ නම් ඒ සඳහා තමන්ගේ සහය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පැවසීය. එසේම මුස්ලිම් කොන්ග‍්‍රස් නායක රාවූෆ් හකීම්, හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක පවසා සිටියේ ජනාධිපතිවරණයක් දැන් අත්‍යවශ්‍ය බවයි. එසේම පාඨලී චම්පික රණවක පවසා සිටියේ ජනාධිපතිවරණයත්, මහාමැතිවරණයක් එකට පවත්වන ලෙසත්, එසේ පැවැත්වුවහොත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන්ත්, මහින්ද රාජපක්ෂත් එකට තබා පරාජය කරන බවයි.

මේ ජන හමුව සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටි අතර එක්සත් ජාතික පෙරමුණේ නායකයින් රැසක් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක නායිකාවන් රැසක් ජනතාව ඇමතුවේය.

පහත දැක්වෙන්නේ එහි විවිධ අවස්ථාවන් රැගත් වීඩියෝවක්............




2018-11-15
Advertisement

Find us on Facebook