English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නියං සහනාධාර ද ඡන්ද අල්ලස් ද ?


මොණරාගල දිස්ත‍්‍රික්කයට ලබාදීමට සැළසුම්කළ නියං සහනාධාර අත් හිටුවයි.

හිටි හැටියේ ම මොණරාගල දිස්ත‍්‍රික්කයට නියං සහනාධාර බෙදා දීමට ආණ්ඩුවට කල්පනාවක් පහළ වී ඇති බව වාර්තා වුණි.  එහෙත් මේ ගෙවෙන්නේ මැතිවරණ නියං සමයක් මෙන්ම ජයග‍්‍රහණය කරගැනීමේ දාහයකින් පෙළෙන අවධියක් බැවින් ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය විසින් මොණරාගල දිස්ත‍්‍රික්කයේ ජනතාවට එසේ හිටි හැටියේම ලබාදීමට පෙරුම් පිරු එම රුපියල් මිලියන 300 ය කිසිම ආකාරයකින් බෙදා නොහරින ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කර ඇත. 

එක් පවුලකට රුපියල් 2500 බැගින් ලබාදිමට සැළැසුම් කර තිබුණු අතර එම මැතිවරණ නියං සහනාධාරය අද සිට එනම් 10 වන සිට 16 වෙනිදා දක්වා බෙදාහැරීමට  සැළැසුම්කර තිබුණි.

සමස්ත මුදල, එනම් මිලියන 300 ඒ වන විටත් මොණරාගල දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙත ලබා දී තිබුණු බවත් වාර්තා විය.

එහෙත්, මෙය නියං සහනාධාරයක් නොව මැතිවරණ අල්ලසක් ලබාදීමක් යැයි මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් විසින් මැතිවරණ කොමසාරිස්වරයා හට පෙන්වා දීමෙන් පසුව, එය අත්හිටවන ලෙසට මැතිවරණකොමසාරිස්වරයා විසින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා හට දන්වා ඇත.
-MMP



2014-09-10
Advertisement

Find us on Facebook