English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනපතිගේ මේ ඉරණම ලිව්වේ ඔහු වටා සිටි උපදේශකයන් හා ඔහුගේ හැසිරීම - මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි

"2015 ජනවාරි 08 වෙනි දා මේ රටේ මිනිස්සු දේශපාලන වෙනසක් වෙනුවෙන් තියාගත්ත බලාපොරොත්තුව තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. අද ඔහුම කියනවා වැඩිපුරම සමාජ මාධ්‍යවලින් අපහාසයට උපහාසයට ලක්වෙන්නේ ඔහු කියලා. ඔහු ඒ දේ බොහෝ කනස්සල්ලෙන් ප‍්‍රකාශ කරලා තිබුණා. විශේෂයෙන්ම ඔහුගේ පින්තූර හාස්‍යයට ලක් කරනවා කියලා. ඒ නිසා මම එතුමට ඉතාමත්  ඕනකමින් කියනවා. පොඩ්ඩක් හිතලා බලන්න. ඔය 10ට නිදාගන්න එක පැයක් කල් දාලා. හිතලා බලන්න ඔබතුමා පහුගිය කාලේ කරපු වැඩ නිසා නෙමෙයි ද හාස්‍යයට ලක් වුනේ කියලා ?

ඇත්තටම ඔහු වටා එකතුවුනු පිරිසත්, ඔහු මේ තැනට තල්ලූ කිරීමේ වගකීම ගන්න  ඕනා. උපදේශක මට්ටමින් තියාගත්ත පිරිස ගැන අපට ලොකු විවේචනයක් තියෙනවා. විශේෂයෙන්ම 2015ට කලින් ආණ්ඩුව හිටපු බොහෝ පිරිස්වලට චෝදනා කරලා තමයි ඔහු බලයට පත් වුණේ. ඊට පස්සේ ඔහු ළං කරගත්තේ ඔහු ඉතාම නරක විදියට බැනපු, නරක විදියට හොරු කියපු, නරක විදියට වංචාකරයෝ කියපු ඒ පිරිසම තමයි. එහෙම නම් අපි එදා දැනගත්තා ඔහුට මේ ඉරණම වැඩිකල් යන්න කලින් අත්වෙනවා කියලා. ඔහු විසින්ම ළගා කරගත්ත ඉරණමක් මේක."

මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි මේ අදහස් දැක්වූයේ පසුගිය දින කොළඹ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ දිදුලන හදවත සංවිධානය මෙහෙය වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි. ඩබ්ලිව් ජයසිරි, විමල් කැටපේආරච්චි, කත්යානා අමරසිංහ යන අය මේ සඳහා සහභාගිවී සිටියහ.

“ඔහු ඒ ඉරණම ලියාගත්තේ ජනාධිපතිවෙලා ඔහු වටා එකතු කරගත්ත පිරිස හා ඔහුගේ හැසිරීම තමයි. එහෙමනම් දේශපාලනය මොන විදියට තීරණය වුනත් පුරවැසියෝ විදියට අපි සිහිකල්පනාවෙන් වැඩ කරන්න  ඕනා මොහොතක් තමයි එළඹිලා තියෙන්නේ. අපි දැක්කා පහුගිය දවස් ටිකේ රාජ්‍ය මාධ්‍යවලට අත්වෙච්ච ඉරණම. මම කියන්නේ නැහැ පහුගිය දවස්වල මාධ්‍ය නිදහස දෝරේ ගැලූවා වගේ එකක්. සාපේක්ෂ වශයෙන් ලියන්න කියන්න නිදහසක් තිබුණා. මේ පහුගිය දවස් ටිකේ මොකද වුනේ කියලා මම අමුතුවෙන් කියන්න  ඕන නෑ. දැන් තවමත් මාධ්‍ය සමාජයේ සමාජිකයෙක් විදියට අපි බොහෝ දෙනෙක්ට යම් කිසි චකිතයක් මතුවෙමින් තිබෙනවා. අපි නැවතත් ගමන් කරන්නේ පහුගිය දශකයට වගේ, කාල පරිච්ඡේදයකට වගේ කියලා. වගේ කාලයකට ද කියලා.ඒ නිසා අපි දැන් ශක්තිමත් වෙන්න  ඕනා.”

සම්පුර්ණ අදහස් දැක්වීම පහතින්...





2018-11-15
Advertisement

Find us on Facebook