English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහින්දට එරෙහි විශ්වාසභංගයට මන්තී‍්‍රවරු 122 යි


ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඊයේ දින (13) අත්හිටුවීමෙන් පසුව ඉන් පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කැදවීම සදහා නිකුත් කල තිබූ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අද දින (14) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව අද දින (14) කැදවා තිබුනි.

ඊයේ රාති‍්‍රයේ සිට අද උදේ දක්වා වීරවංශ ඇතුලූ බුද්ධිමතුන් පාර්ලිමේන්තුව කැදවීමට කතානායකවරයාට බලයක් නැති බවත් එය නීති වරෝධීබව ප‍්‍රකාශකර සිටියත් මහින්ද රාජපක්ෂ ඇතුලූ ඔහුගේ මන්තී‍්‍රවරු බොහොමයක් අද පාර්ලිමේන්තුව ආරම්භකිරීමත් සමග පැමින සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා විජිත හේරත් විසින් මෛතී‍්‍ර - මහින්ද රජයට එරෙහිව විශ්වාසභංග ‌‌ෙයා්ජනාවක් සභාවට ඉදිරිපත් කරන ලදුව අද දිනම ඒ සදහා සභාවේ මතය විමසිය යුතුබවටද යෝජනා කර තිබුනි.

එම යෝජනාව පිළිගත් කතානායකවරයා ඡන්ද වීමසීම ආරම්භ කර වාචික ඡන්ද වීමසීමක් සිදු කර තිබුනි. ඒ අනුව මෙම යෝජනාව බහුතරයෙන් සම්මත වූ බව කතානායකවරයා නිල වශයෙන් පාර්ලිමේන්තුවට ප‍්‍රකාශ කරන ලදී.

ඡන්ද විමසීමෙන් පසුව ලක්මන් කිරිඇල්ල මන්තී‍්‍රවරයාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව හෙට (15) උදේ 10 දක්වා කල් තැබුනු අතර විශ්වාසභංග ‌ෙයා්ජනාවේ පිටපතක් සහ ඊට අදාල සභාවේ තීරණද, ජනාධිපතිවරයා විසින් පසුගිය දා අගමැති ඇතුලූ කැබිනට් මණ්ඩලය පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවට සදහන් කරමින් මන්තී‍්‍රවරු 122කගෙ අත්සන් සහිත ලිපියක් ද යොමු කරමින් ව්‍යවස්ථානුකූලව ඉදිරි කටයුතු කිරීම සදහා කතානායක සින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

මේ අතර එජපෙ යෙන් පැන්න වසන්ත සේනානායක වඩිවේල් සුරේෂ් යන මන්තී‍්‍රවරු හා ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු වන මනුෂ නානයක්කාර, ඒඑච්එම් ෆවුසි, පියසේන ගමගේ ඇතුලූ මන්තී‍්‍රවරු 5 දෙනෙකු විපක්ෂයේ අසුන්ගෙන තිබුනි.  




2018-11-14
Advertisement

Find us on Facebook