English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යහපාලන ආණ්ඩුවේ තනතුරු හෙබ වූ කලාකරුවෝ බරට වැඩ


ජනකාන්ත නලූ නිලි ගායක ගායිකා, සාහිත්‍යකරුවන්, සංගීත්‍යයින් ඇතුලූ මෙකී නොකී බොහෝ දෙනා මහින්ද රාජපක්ෂගේ දැත ශක්තිමත් කරන්නට පොරකකා පෙලගැසෙද්දී, තනතුරු, තාන්න මාන්න පමණක් නොව පැරදුනොතින් තම ජීවිතයට පවා එල්ල විය හැකි තර්ජනයන් පිළිබදව නොසලකා හරිමින් 2015 ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැපූ වූ කලා හා සාහිත්‍යකරුවන් කිහිප දෙනෙකු ඒ අතර සිටියා.

යහපාලන රජයේ සමහර කි‍්‍රයාකාරකම් සම්බන්ධව මෙම කලාකරුවන් අතර යම් යම් කළකිරීම් පැවතියත්,  ජනාධිපතිවරයා විසින් සිදු කරමින් සිටින මෙම ප‍්‍රජාතන්ත‍්‍ර වීරෝධී කටයුතු වලට එරෙහිව මේ අයගෙන් බොහෝ දෙනෙකු කොන්දේසී විරහිතව ඊට විරෝධය ප‍්‍රකාශ කරමින් සටනට අවතීරණව සිටියා. නමුත්, මේ අතරින් යහපාලන රජයේ තනතුරු හෙබවූ කලකාරුවන් කිසිවෙකු පසුගිය සිකුරාදා සිට මේ සටනේ පෙන්නට නොමැති වීම සම්බන්ධව එජාප කලා සංසදයේ ලේකම් බර්ලින් ප‍්‍රනාන්දු මහතාගෙන් අප විමසා සිටියා.

බර්ලින් ප‍්‍රාන්දු මහතා අයිතිය සමග පවසා සිටියේ.. කලාකරුවන් විදියට අපිට මේවා කියන්නත් ලැජ්ජයි නමුත් මේව රට දැනගන්න  ඕන... මම ඉනෝක සත්‍යංගනීට කතා කළා මේකට විරුද්ධව පවත්වන කලාකරුවන්ගෙ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එන්න කියලා, එයාට විශේෂාංග වැඩටසහනක පටිගත කිරීම් දිගටම තියෙනව කිව්වා, බෙනට් රැපසිංහට කතා කළා එයා කිව්වෙ ඔය සමනලූන්ගෙ වැඩවලට මම එන්නෙ නැහැ කියල සමන් අතාවුදට කියන්න කියලා, නදීෂා හේමමාලි කිව්වෙ මගේ ඡන්ද දායකයන්ට මට මුකුත් කරගන්න බැරි වුනා  ඕවට ඇවිත් වැඩක් නැහැ කියලා, සනෝජා බිබිලෙ දිගටම ෆොන් ආන්සර් කලේ නැහැ. ඔය වගේ ලිස්ට් එකක් මට කියන්න පුලූවන්. හැබැයි එදා ඉදලම ඉන්න කලාකරුවො කිහිපදෙනක් තවමත් අපිත් එක්ක ඉන්නවා ඒක අපිට ලොකු හයියක්.  




2018-11-14
Advertisement

Find us on Facebook