English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“මහරජාණෝ සිට ජෝකර් දක්වා ගෙන ආ සිරිසේනගේ සූදුව” - විමල් කැටපෙආරච්චි
අපේ ගම්වල මල ගෙවල් වල සාමාන්‍යයෙන් බූරුව ගහනවා. මල ගෙදර ඇතුලෙ කැරම්,  ඕමි, තුන්සිය හතර ගහද්දි මලගෙදරට ටිකක් ඈතට වෙන්න බූරුපියට පටන්ගන්නවා. මේ බූරුවගැහිල්ල අපේ සංකෘතික ලක්ෂණයක්, කාඩ් පැක් එක ලංකාවට ඇවිත් අවුැරදු 500ක් විතර වෙනව ඇති එදා ඉදල අපේ මල ගෙවල් වල බූරුව ගහනවා. මෛයිත්‍රීපාල සිරිසේනත් පසුගිය 26 වෙනිදා හවස ඉදලා බූරුව ගහන්න පටන් ගත්තා. සාමන්‍යයෙන් මල ගෙවල්වල බූරුව ගහන්නෙ මධ්‍ය රාත්‍රීයෙ ඉදල අනෙක් වැදගත් කාරනාව මෙයා බුරුව ගහන්න පටන් ගත්තෙ මලගෙයක් නැතුවයි. 26 සිකුරාදා රාත්‍රියේ ඉඳල මේ රටම මලගෙයක් වුනා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මලගමේ මීනී පෙට්ටිය යට ඉදල මෙයා බූරුව ගහන්න පටන් ගත්තා. ජනතාවගෙ පරමාධිපත්‍ය බලය, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, හැට දෙලක්ෂයක් වූ ජනතාවගෙ බලාපොරොත්තු මේ ඔක්කොම ඔට්ටුවට දාල මෙයා බූරුව ගැහැව්වා.

අර ගම්වල ඉතා අසංකෘතිකව පැවතෙන බුරුව ගැහිල්ලෙත් රූල්ස් තියෙනවා. මිනී පෙට්ටිය යටින් තියාගෙන කවුරුවත් බූරුව ගහන්නෙ නැහැ. ජෝකර් කොළ දෙක පැත්තකින් තියල කූට්ටම අනල කපල තව කොල දෙකක් පැත්තකින් තියලයි බූරුව ගහන්නෙ. මෙයට ඒ රූල්ස් මුකුත් නැහැ. ජෝකර් කොළ දෙකත් දාල සෙල්ලම් කලේ. මේකේ එක ජොකර් කෙනෙක් මහින්ද රජපක්ෂ. අද වෙන කොට මේ රටේ මහරජානෝ කියල හිටිය ලක්ෂ 58ක් ගත්ත පුද්ගලය සම්පුර්ණයෙන් ජොකර් කෙනෙක් කරල තියෙනවා.

විමල් කැටපෙආරච්චි මහතාත මේ අදහස් පල කලේ අද (14) මරදාන CSR ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එක අරමුණක්, එක පෙරමුණක් යන මැයෙන් “දිදුලන හදවත” නැමති කලා හා සාහිත්‍යකරුවන් සහභාගී වූ මෙම මාධ්‍ය හමුව සදහා රවී සිරිවර්ධන, අසංක සායක්කාර, නීතිඥ විරන්ජන හේරත්, කත්‍යානා අමරසිංහ, ඩබ්. ජයසිරි, ප්‍රියන්ත කොඩිප්පිලි හා ජයතිලක බණ්ඩාර යන අය අදහස් දක්වන ලදී.  

සම්පුර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්....





2018-11-14
Advertisement

Find us on Facebook