English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“යහපාලනය මඟින් ඇතිකළ අධිකරණ ක්‍රියාවලිය ගැන පැහැදිලි අවබෝධයක් ජනතාවට ඇති උනා” - නීතිඥ මිස්බා සත්තාර්

හැමදෙනාම බලා සිටියේ කවුරුත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන්නේ කියලා. මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුව කල්තැබීම හේතුකොට ගෙන නොයෙකුත් දේශපාලන පක්ෂ, ඒකට පක්ෂපාතීව හිටපු පක්ෂ, ප‍්‍රකාශ කර සිටියේ ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැත්තේ, ගිහින් මේකට විසඳුමක් අරගන්න පුළුවන්නේ කියලා. මේ ගැන විසඳුම තිබුණේ පාර්ලිමේන්තුවේ නිසා පාර්ලිමේන්තුවෙන් මෙය විසඳාගන්න බලාගෙන හිටියා. ඒ අනුව මේ මස 14 වෙනි දා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කලා. 14 වෙනිදා පාර්ලිමේන්තුවේදී කල් තැබීම සම්බන්ධයෙන් සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීම, කැබිනට් මණ්ඩලය අනීතිකව අයින් කරපු එක, වැරදි සහගත තීරණයක් කියලා ප‍්‍රකාශවීමත් සමගම එය පරාජය කිරීමට දැනගැනීම හේතුකොට ගෙන ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පාර්ලිමේන්තුව විසුරුවැ හිරීමෙන් පසුව යන්න තියෙන තැන තමයි මේ රටේ උත්තරීතරම උසාවිය වන ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඉදිරිපත් වුනා. මොකද මේ රටේ ජනතාවට සහ යහපාලනය ඇති කරපු මේ ආණ්ඩුවට අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි අවබෝධයක් තිබුණා. ඔවුන් අපක්ෂපාතීව කටයුතු කරණු ඇති බවට මේ රටේ ජනතාවටත්, සියලූ අයටත් ඒක පිබිදීමක් හැටියට ඇතිවෙලා තිබ්බා. නීතිඥවරයෙක් හැටියට මං ඒ ගැන මනාව දැනගෙන හිටියා.

මේ අවස්ථාවේදී මම ප‍්‍රකාශ කර සිටින්න  ඕන, මම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විශාරදයෙක්වත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිඥවරයෙක්වත් නෙමෙයි. නමුත් මම ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම්දුන්න නීතිඥයෙක්. මම ක්‍රියාත්මකවෙන්නේ අපරාධ නීතිය හා රේගු නීතිය සම්බන්ධවයි. ඒ නීති වර්ග දෙක ගැන මට මනා දැනීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වෙනම විශාරදයින් ඉන්නවා. පහුගිය වකවානුවේදී දැක්කා යම් යම් උදවිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අතට ගත්ත පළියෙන් නොයෙකුත් ප‍්‍රකාශ කරනවා. ඒ ප‍්‍රකාශ කරපු උදවිය බොහෝමයකට අද පිළිතුරු ලැබිලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුනු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් අග‍්‍රවිනිශ්චකාරතුමා ප‍්‍රමුඛ තවත් විනිසුරුවරුන් දෙදෙනෙකු සමග විනිසුරු මඩුල්ලක් මේ පෙත්සම් විභාගයට ගත්තා. ඔවුන්ටත් බැලූ බැල්මට මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙලා තියෙනවද ජනතාවගේ පෙත්සම්කරුගේ පෙත්සම නිසි ප‍්‍රකාරව මේ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල නොවැම්බර් 12 වෙනි දින විභාගයට ගත්තා. ඒ අවස්ථාවේදී නීතිපතිතුමා නියෝජනය වෙලා තිබුණේ නැහැ මුල් අවස්ථාවේදී. සවස 2.00ට විතර නීතිපතිතුමා පැමිණ කරුණු ඉදිරිපත් කරන්න කල් ඉල්ලා සිටියා. ඒ අනුව අග‍්‍රවිනිශ්කාරතුමා ප‍්‍රමුඛ විනිශ්චය මණ්ඩලය විසින් 13 වෙනි දිනට කල් දුන්නා කරුණු ඉදිරිපත් කරන්න. ඒ අතර පෙත්සම්කරුවන්ටත් කරුණු ඉදිරිපත් කිරීමට කල් දුන්නා. ඒ අවස්ථාවේදී තවත් අතුරුපාර්ශ්වයන් විසින් ඉදිරිපත් වෙන්න  ඕන කියලා කියපු කණ්ඩායම්වලටත් අද දින කරුණු ඉදිරිපත් කිරීමටත් ඉඩ ප‍්‍රස්ථාව ලබා දුන්නා. ඒ අනුව ඒ ඉදිරිපත් වෙච්ච සියලූම නීතිඥවරු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මනා දැනුමක් තියෙන පුද්ගලයන් විදියට මාත් හඳුනාගෙන තියෙනවා. ඔවුන් බොහෝමයක්ම ජනාධිපති නීතිඥවරු. ඔවුන් කරුණු ඉදිරිපත් කලා. පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කලා. සියල්ලම සලකා බලා විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව තීරණය කලා මෙහි බැලූ බැල්මට මූලික අයිතිවාසිකම් කඩවී තිබෙන බව තීරණය කරලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රය සම්බන්ධයෙන් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරලා ඒවා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

සම්පුර්ණ අදහස් දැක්වීම පහතින්...





2018-11-14
Advertisement

Find us on Facebook