English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“දැන් පොඩි උපාසිකාමාතාවත් අපිට ව්‍යවස්ථාව ගැන උපදෙස් දෙනවා කිරි කපන ගමන්.” - පූජ්‍ය දඹර අමිල හිමි

“ඉස්සර ව්‍යවස්ථාව ගැන ඇහුවම මංඤංවගේ ඔලූව හොළව, හොළව බලන් ඉන්නවා. දැන් එහෙම නෙමෙයි. දැන් දෙනවා 33 වගන්තියේ දෙවෙනි එකට අදාලව මේකයි, 70 වෙනි වගන්තියේ උප වගන්තියට අනුව මේකයි. ඒක විසුරුවනවානම් ඒ ගැන වගන්ති තුනක් තියෙනවා. දැන් පොඩි උපාසිකාමාතාවත් අපිට උපදෙස් දෙනවා කිරි කපකප ඉන්න ගමන්. කානු කපන අය, ත්‍රීවීල් මල්ලිලාත් අපිට උපදෙස් දෙනවා ව්‍යවස්ථාව ගැන. ඒක හොඳ දෙයක්.” යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් පවසයි.

ඒ වගේම පිබිදීමක් ඇති වෙලා තියෙනවා කුපාඩි වැඩ කලාම, රිටන් එක දෙන්න  ඕන කියලා මිනිස්සු හොඳට ඒක අරගෙන තියෙනවා. පොඩි වෛරය මුසුවුනු එකක් ඇති වෙලා තියෙනවා. අපේ බුද්ධාගමට අනුව නම් ”දෝමනස්ස සහගත පටිඝසම්පියුත අසන්ගාරිකසිට” දේශපාලනයට අනුව නම් ඒක ටිකක්  ඕනා මාත‍්‍රාවෙන් සීනි,මීපැණි දමා තිබුණට කමක් නැහැ. ඒක නිසා මිනිස්සු යුක්තිය පතා එකතුවෙන ස්වභාවයක් මතු වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක් ඒක. මොකද ඒතරම් ඉවසන්න බැරි වැඩක් මේ කරලා තියෙන්නේ කියලා.  


උන් වහන්සේ මේ අදහස් පැවසුවේ රට අනතුරේ, ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට ජනබලයෙන් පිළිතුරු දෙමු. සිවිල් සමජයේ එකමුතුවේ විරෝධතා රැස්වීම නව නගර ශාලාවේදී 2018 නොවැම්බර් මස 12 වෙනි දින පැවැත්විනි. මේ සඳහා පූජ්‍ය දඹර අමිල හිමි, අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය චම්පික රණවක, වික‍්‍රබාහු කරුණාරත්න වැනි දේශපාලනඥයන්ද, ගාමිණි වියන්ගොඩ, සමන් රන්තප්‍රිය, පිලිස් දිසානායක, වැනි සිවිල් ක්‍රියාධරයින්ද මෙම විරෝධතා රැස්වීමට සහභාගි විය.


“අර ගලබොඩ උන්නැහැගෙන් අපි අහනවා කොහොමද වැඩේ කියලා. ආපහු මළසොහොන් ගමනකට යන්නේ. මෛත්‍රීපාලට මොකද වුනේ?  අන්න පොහොට්ටුවට ගියා අනික් පැත්තෙන්. මෛත්‍රීපාල හොයහොයා හිටියේ මැග්ෆන් ග්ලාස් දෙකක් දාලා කෝ යූ.එන්.පී. එකේ සේනායනායකවරු කියලා. මේකා එහෙම කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු බණ්ඩාරනායකට කෙළියා. හතරගාතෙන් වැටිලා. කුජීතයි සම්පූර්නයෙන්ම. ඊළගට කිව්වා මම ගහනවා අන්තිම තුරුම්පුව කියලා ගැහැව්වා පාර්ලිමේන්තුව විසිරෙව්වා. අන්න දැන් ඒක අධිකරණයේ විභාග වෙමින් තියෙනවා මේ වෙන කොට. අපි හිතනවා යුක්ති ගරුකභාවය ගැන බැලූවොත් එහෙම, මේක වැරදි වැඩක් කියලා කියාවි අධිකරණය කියලා. මොකද අපි හිතනවා අධිකරණය ස්වාධීනයි කියලා. අපි ඒ ගොල්ලන්ට කශේරුකාවක් තියෙනවා කියලා. එතෙකාට මම හිතනවා එතුමන්ලා හරි තීරණය ගනියි කියලා.

සම්පුර්ණ කතාව පහත වීඩියෝවෙන්...





2018-11-13
Advertisement

Find us on Facebook