English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“...මේ ගමන සිවිල් කැරැල්ලකටද...” - පූජ්‍ය දඹර අමිල හිමි.

“...මේක මේ විදියට ගියොත් සිවිල් සටනකට යනවා ලංකාව. සිවිල් කැරැල්ලකට යනවා අනිවාර්යයෙන්. දැනට කණ්ඩායම් දෙකක් බෙදිලා ඉන්නවා. දැනට අපි ශාලාවල තමයි රැස්වෙන්නේ. ඒගොල්ලොත් හන්දිවල රැස්වෙනවා. මේක මේ විදියට යනකොට කොයි වෙලාවේ හරි මුණ ගැහෙනවා. මුණ ගැහෙනකොට භාෂාවෙන් නෙමෙයි කතා කරන්නේ. අතපය කතා කරන්න පටන් ගන්නවා. අත පය වලට මදිවෙන කොට ශක්තිය, අවි ආයුධවලට කතා කරන්න පටන් ගන්න සිද්ධ වෙනවා. මේකට වෙන වෙන බලවේග මැදිහත් වෙනවා. මැදිහත්වුනාට පස්සේ මේක සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය බවට මේක පත්වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන, මහින්දත් එක්ක ගහන සෙල්ලම නිකන් පොඩි සෙල්ලමක් නෙමෙයි. ලේ වැකුණු සෙල්ලමක්. මේක ලේවලින්, රුධිරයෙන්, ජීවිතවලින් වන්දිගෙවන්න වෙන සිද්ධියක්. ඒ නිසා තමයි ඉන්දියාව වුනත් මේකට මැදිහත් වෙලා කියන්නේ පලාතේ තියෙන රටවල් සාමකාමීව තියාගන්න නැත්නම් මටත් කරදයක් වෙනවා කියලා ඒ නිසා තමයි ඒගොල්ලෝ ඒක කියන්නේ. ඒගොල්ලන්ටත් වගකීමක් තියෙනවා අපේ රට සාමකාමීව තබන එක. මේ නිසා මෛත්‍රීපාල සිරිසේනට මොනවත් කරන්න නෑ කරන්න තියෙන එකම දේ පාර්ලිමේන්තුව වීවෘත කරන්න...”

“ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සඟ පෙරමුණ” සංවිධානය කරන ලද ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය වහාම තහවුරු කරන්න” යනුවෙන් කොළඹ නව නගර ශාලවේදී ඊයේ දින (06) පැවැත්වූ මහා සඟ සමුළුවට විශාල සංඝරත්නයක් වැඩම කර සිටියහ. එහිදී රටේ ප‍්‍රධාන සංඝයාවහන්සේලා කිහිප නමක් අදහස් දැක්වූහ. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි. 

“මම දැක්කා අස්ගිරියේ හාමුදුරුවෝ මේ කුමණ්ත‍්‍රණයේ ඉන්නවය කියලා කියනවා කාමරවලට වෙලා ඒ සාකච්ඡා කළාය, අපේ ඇතැම් මන්ත්‍රීවරුන්ව, ඇමතිවරුන්ව බිලී බා ගැනීම සඳහා දීර්ඝ සාකච්ඡා කරමින් දුරකතනයෙන් බලපෑම් කළාය කියනවා. ඒක ආණමඩුවේ හාමුදුරුවෝ ද, අරයද, මෙයාද කියලා මම කියන්න යන්නේ නෑ. මම එහෙම කියන එක වැරදියි. එතකොට ඒ වගේ කුමණ්ත‍්‍රණත් සිද්ධ වෙලා තියෙනවා. නිරත වෙලා තියෙනවා.

මට මතක් වෙන්නේ දොන්ජුවන් ධර්මපාල පෘතුගීසීන්ට අපේ රට පාවා දුන්නු හැටි. ඒ වගේම තමයි ජනවාරි 08 මේ අහිංසක මිනිස්සු අතින් කට්ට කාගෙන, අතින් සල්ලි දාගෙන ගිහිල්ලා තමයි ජනවාරි 08 ඔහුට මේ තත්ත්වය ඇති කරලා දුන්නේ. දුන්නේ ලොකු කොන්ත‍්‍රාත් එකක්. මේ වැඩ ටික කරන්න කියලා. අද එයා ඒවා ඔක්කෝම පස්සට දාලා. 62 ලක්ෂයක්ම පාවාලා දීලා තියෙනවා. දොන් ජුවන් ධර්මපාල පෘතුගීසීන්ට පාවලා දුන්නා. මෛත්‍රීපාල 62 ලක්ෂයක් පාවලා දුන්නා. ඒ ධර්මපාල මේ මෛත්‍රීපාල. පාල දෙකක්. දෙන්නට තියෙන්නේ ආවේනික ලක්ෂණ තමයි.

මේක සම්පූර්ණයෙන්ම සදාචාරාත්මකත් නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදීත් නෑ. ඒ නිසා හාමුදුරුවනේ යමු ගමක් ගමක් ගානේ. යමු පන්සලක් පන්සලක් ගානේ. අපි හදමු ආපහු ජනවාරි 08 නතර කරපු තැන ඉඳලා ඉස්සරහට අපි ආපහු ගමන් කරමු. ඒකෙදි පක්ෂ ගන්න එපා. මේකෙදි ජාතිවාදී මොනවත් එපා. මේකේ ආගම් බේද මොනවත් නෑ. මේක සම්පූර්ණයෙන් ශ්‍රී ලාංකික පුරවැසියාගේ ප‍්‍රශ්නයක්. මේක සම්පූර්ණයෙන්ම ලාංකිකයාට මුහුණ දෙන්න තියෙන ප‍්‍රශ්නයක්. ඒකට අදාල විසඳුම අපි දෙමු අනිවාර්යයෙන්ම. වහාම මෙයාට යන්න කියලා.”

සම්පුර්ණ වීඩියෝව පහතින්...





2018-11-07
Advertisement

Find us on Facebook