English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුව ගොවියාගේ අයිතියත් පැහැර ගෙන !


ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛණ හා මහ පොළොවේ යාතාර්ථය අතර විශාල වෙනසක් ඇතැයි ද මහ පොළොව හා බද්ධව වෘත්තීය කරන ජනතාව අද අතරමං වී ඇතැයි ද එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

"අද සාමාන්‍ය පොඩි මිනිහාට හාල් කිලෝවක් ගන්න වෙලා තිබෙන්නේ රුපියල් 85යි. ආණ්ඩුවේ දත්තයි මහ පොළොවේ යාතාර්ථයයි අතර ලොකු වෙනසක් පවතිනවා. සහල් වැඩි මිළට විකුණන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා කියලා ආණ්ඩුව කියනවානම්, සියලූම සිල්ලර වෙළෙන්දන්ව අත්අඩංගුවට ගන්න වෙනවා. එහෙමනම් ඔවුන්ව දමන්න අලූතින් සිර කුඩුත් හදන්න වෙනවා." යැයි ආචාර්ය හර්ෂ පවසයි.

එමෙන්ම, රටේ ජනගහනයෙන් 30% ක් ම සිටින්නේ ගොවියන් බවත් ගොවියාට මේ වන විට ආ ගිය අතක් නොමැති බවත් ගොවි ජනතාවට වත්මන් ආණ්ඩුවෙන් සෙතක් සැළසී නැති බවත් ගමේ සිටින තරුණයින් දැන් ගොවිතැන අතහැර දමා කොන්ක‍්‍රීට් අනන්නට යන බවත් ප‍්‍රකාශ කළේය.

"කෙරවලපිටියේ සිට කඩවත දක්වා අධිවේගි මාර්ගයේ එක් කිලෝමිටරයකට රුපියල් දශ ලක්‍ෂයකට අධික මුදලක් වැය කරනවා. ඒවගේම හම්බන්තොටට ගුවන් පාලම් කුමකට ද ? කෝට්ටේ හෝ නාවලට නම් ඒවා සුදුසුයි. මේ වෙනුවෙන් ණය ගැනීම ඉතාම පහසුයි. ණය ගැනීම ලොකූ දෙයක් විධියට ආණ්ඩුවේ උදවිය දුටුවත් ජනතාව විශාල ණය උගුලක හිරවෙලා ඉන්නේ." යැයි කීහ.

එමෙන්ම, බදුල්ලේ ජනතාව දුක්විඳින බවත්, උමා ඔය හරවා මොණරාගලට වතුර දෙන බව ආණ්ඩුව කීවත් ඇත්ත කථාව නම් හම්බන්තොටට වතුර ලබාදීම යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කීවේය.

ඡායාරූප  -  අන්තර්ජාලයෙන්
-MMP




2014-09-10
Advertisement

Find us on Facebook