English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට “සිකුරාදා මණ්ඩපයේ” විරෝධය


සිකුරාදා මණ්ඩපය වෙනුවෙන් මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, මහාචාර්ය කාමිනා  ගුණරත්න සහ ආචර්ය විශ්වලින්ගම් විසින් නිකුක් කරන ලද රටේ පවතින ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් ප්‍රකාශනය.

සිකුරාදා මණ්ඩපය පහත සඳහන් පුද්ගලයන්ගෙන් සමන්විතය. ප්‍රශාන් ඩි විස්සර් මහතා, පුලස්ති හේවාමාන මහතා, චන්ද්‍ර ජයරත්න මහතා, ශාන්ති ඩයස් මහත්මිය, තිස්ස ජයතිලක මහතා, මහාචාර්ය රන්ජනී ඔබේසේකර, දුලිප් ඩි චිකේරා පියනම, මහාචාර්ය ගනනාත් ඔබේසේකර, ආචාර්ය ගීද්රෙක් උස්වත්ත ආරච්චි, මහාචාර්ය ගමීලා සමරසිංහ, අචාර්ය දිනේශා සමරරත්න.

මාධ්‍ය නිවේදනය

විධිමත් ආකාරයට පත් කරනු ලැබූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් පහ කොට මහින්ද රාජපක්ෂ මහතා  බලයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත්  ක්‍රියාමාර්ගය “සිකුරාදා  මණ්ඩපය” (Friday Forum) දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව දන්වා  සිටිමු.  මෙම ක්‍රියාව  ජාතියට දැඩි බලපෑමක් ඇති කරන්න වූ ක්‍රියාවකි. මෙහිදී පාර්ලිමේන්තුව තුල අගමැතිවරයාට බහුතර බලය නොමැති බවත්  එනිසා ඔහු එම තනතුරේ ක්‍රියාකිරීමට සුදුසු නොමැති බවටත්  ව්‍යවස්ථානුකුලව ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිතුමා අසමත් වී ඇත. ඔහු විසින් මෙම  කාර්යය සිදු කල ආකාරය මගින් නීතිය සහ ව්‍යවස්ථාව  උල්ලංඝනය කර ඇති අතර එය සිය වගකීමක් පැහර හැරීමක්ද වේ. එසේම ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාව 2015 වසරේදී ඔහු ජනාධිපති ලෙස පත් කීරීමට ක්‍රියාකළ බහුතර ජනතාවකගේ සිතුම් පැතුම් සහ ජනමතයට එරෙහිව ක්‍රියා කිරීමකි. තමා විසින් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට ඔහු අසමත් වී ඇති බවත්, යහ පාලනය තුල ඉතාම තීරණාත්මක අවස්ථාවල ඒසඳහා නායකත්වය සැපයීමට අසමත්  වූ බවත් ප්‍රකාශ  කරනු කැමැත්තෙමු. එමෙන්ම අප වඩා  විශ්මයට පත් වනුයේ 2015 රාජපක්ෂ රෙජීමය පැරදවීමට බහුතර ජනතාව කැමැත්ත දී තිබියදී නැවත රාජපක්ෂ මහතාට බලය දීමට ඔබ පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ක්‍රියාකර තිබීමය. එබැවින් ව්‍යවස්ථාවට පටහැනිව බලයට පත්වූ රාජපක්ෂ මහතා රටට සහ දේශපාලන පක්ෂ නායකයන්ට ප්‍රජතන්තවාදයට ගරු කරන ලෙස ඉල්ලසිටීමෙන් රටක උද්ගතවන ප්‍රශ්න කොතරම්දැයි  පසක් වනු ඇත. පාර්ලිමේන්තුව කල් තැබීම මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හැල්ලුවට ලක් කිරීම හෙලා  දකින අතර, ජනතාවටත්,  රටටත්, ඉමහත්  බලපෑමක් කරන්නාවූ මෙ ජාතික ව්‍යසනය වහා ම අවසන් කිරීම සඳහා කතානායක සතු බලතල භාවිත කරන ලෙසත් එතුමාට බලකර සිටින්නෙමු. එමෙන්ම අපගේ ජනතාවගෙන්, රාජ්‍ය සේවකයන්ගෙන් සහ  ත්‍රිවිධ  හමුදාවෙන් සහ පොලිසියෙන් කරනු ලබන ඉල්ලීම වනුයේ වෘත්තීයමයභාවයකින් සහ ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලේසයි.

“සිකුරාදා මණ්ඩපය” වෙනුවෙන් මහාචාර්ය සාවිත්‍රි ගුණසේර, මහාචාර්ය කාමිනා  ගුණරත්න සහ ආචර්ය විශ්වලින්ගම්




2018-11-07
Advertisement

Find us on Facebook