English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ජාතිවාදී අනාථයෝ දැන් සුළු ජාතීන් පස්සේ යනවා.” - ප‍්‍රසංග ප‍්‍රනාන්දු

“දැන් කැත නැතුව පසුගිය කාලේ ජාතිවාදය වපුරපු, දෙමළුන් එක්ක වැඩ කරන්න බැහැ කියපු, දෙමළුන්ට බලය දෙන්න බැහැ කියපු, මේ රාජපක්ෂවාදීන් හා මේ ජාතිවාදීන් අද ටී.එන්.ඒ එකේ සමහර මන්ත්‍රීවරුන් බාගෙන තියෙනවා. එතකොට අනික් පැත්තෙන් මේ ආණ්ඩුව හානිපූර්ණය සම්බන්ධව පනතක් ගෙනල්ලා සියළුම අයට වන්දි දෙන්න කියද්දි, මේ බංකොලොත් ජාතිවාදීන් ටික, විශේෂයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිළ වගේ යන අය කෑගහලා කිව්වා කොටින්ට, හමුදාව මරපු එවුන්ට සල්ලි දෙන්න යන්නේ කියලා. දැන් උන්ට ලැජ්ජා නැද්ද අහන්න මේ ටී.එන්.ඒ එකේ මන්ත්‍රීවරුන්ව බිලිබාගන්න, රිෂාඩ් බදියුදීන් පස්සේ යන්න. උන්ට ලැජ්ජා නැද්ද? මහා සිංහයෝ. අපේ එකම ජාතිය සිංහල ජාතිය, අපි දෙමළුන්ට යටත් නෑ. අපි මුස්ලිම්වුන්ට යටත් නැහැ. හැබැයි දැන් මොකටද මේ සුළුජාතීන් පස්සේ යන්නේ. එතකොට අපට පැහැදිලිවම මෙතන පේනවා. මේ ජාතිවාදී අනාථයෝ තමයි මේ රට මේ වෙනකන් පාලනය කළේ. ඒක මහින්ද රාජපක්ෂ විසින් ඉතාම හොඳ විදියට පාලනය කරමින් ගියා."

“කවුරු ආණ්ඩු කළත්, යුක්තියේ හඩ පාගා දැමීමට ඉඩ නොදෙනු” යන මැයෙන් සාමයික සහ සමාජීය කේන්ද්‍රයේදී පැවැති “සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව” විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේදී ඉල්ලීම් කිහිපයක් ප‍්‍රධාන වශයෙන් මතු කළේය. එනම් යුක්තිගරුක ආණ්ඩුවක් ඇති කර වැලිකඩ සිරකරුවන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ හා උසාවි කටයුතු අවසන් කිරීම හා  තාජුඩීන්, එක්නැලිගොඩ, රොෂේන් චානක, රතුපස්වල, ලසන්ත හා සිසුන් 11 දෙනෙකු පැහැරගත් ඝාතකයන්ට දඩුවම් ලබා දීම ඉන් ප‍්‍රධානය. මේ සඳහා වික‍්‍රමබාහු කරුණාරත්න, සන්ධ්‍යා එක්නැළිගොඩ, ප‍්‍රසංග ප‍්‍රනාන්දු, රොෂේන් චානකගේ මව, සහභාගි වී සිටියහ. එහිදී අදහස් නිදහසේ වේදිකාවේ සාමාජික ප‍්‍රසංග ප‍්‍රනාන්දු මෙසේ තම අදහස් දැක්වීය.

"ඊළගට කිව්වා වගේ දේශපාලන සිරකරුවෝ ගැන කතා කරනවා. මේ ගැන දිගටම කෑගහනවා. ඔවුන් එල්.ටී.ටී.ඊ කාරයෝ කිව්වා. පහුගිය කාලයේ අනුරාධපුරයේ දේශපාලන සිරකරුවන් සම්බන්ධ උද්ඝෝෂණයකදි තරුණයෝ දෙන්නෙක් ඇවිත් අහනවා දෙමළ මිනිස්සුන්ගෙන්, “උඹලට සිංහල කතා කරන්න පුළුවන් ද?” කියලා. ඒක ජාතිවාදය. අපි 2015 ජනවාරි 08 නැති කළේ ජාතිවාදය. හැබැයි නැවතත් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදිරියට එන්න පටන් අරන් තියෙනවා. දැන් එයාලා කියනවා මම දැක්කා නාමල් රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවේ තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ කල්පනා කරමින් යනවාය මේ දේශපාලන සිරකරුවන්ව නිදහස් කරන්න.දැන් කෝ අර කෑගහපුවුන්. උන්ට ලැජ්ජා නැද්ද? එකෙක්වත් නෑ. උන් නිදි.

ජනතාවක් හැටියට අපි කල්පනා කරන්න  ඕනා, ආයෙමත් මේ රට ලේ විලකට යන්න ඉඩදෙනවද නැද්ද කියන එක. අපට තේරෙන විදියට. ජනතාවක් හැටියට අපි බලන්න  ඕනා. මේ හොර කත්කඩි නඩය මොකක්ද කරන්නේ. දැන් බලන්න කෝටි 50 ක් කියනවා එක ඇමතිවරයෙකුට. කෝටි 50 ගානේ මන්ත්‍රීවරු 10ක් ගත්තොත්. ලක්ෂ 5000ක් වෙනවා. ලක්ෂ 5000ට මොනවද කරන්න පුළුවන්. මම මේ අද ගෙදර ඉඳගෙන කල්පනා කලා. පහුගිය කාලේ අර පෙට්ස්කෑන් මැෂින් එකක් ගන්න ලංකාවේ මිනිස්සුන්ගෙන්ම සල්ලි එකතු කලා. ඒක කෝටි 20 ක් වුනා. එතකොට මේ කෝටි 5000 න් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? පෙට්ස්කෑන් මැෂින් 250ක් ගන්න පුළුවන්. පිළිකා රෝගීන් ඉන්නවා ටෙස්ට් කරගන්න බැරිව. හෘදය වස්තුව අමාරුකරයෝ ඉන්නවා පෝලින්වල. මරණය අතේ තියාගෙන මිනිස්සු ඉන්නේ. දැන් මුන් රාජපක්ෂ ආණ්ඩුව ඇමතිවරු 10 ගත්තොතින් ස්ටෙන් දාන්න පුළුවන් ලක්ෂ 5 කට. ලක්ෂ 5 කගේ ජීවිත බේරන්න පුළුවන්. හැබැයි මේ කත්කඩි ටික. රටේ ජනතාව ගැනද මේ හිතන්නේ. මුං හිතන්නේ මුංගේ බලය තහවුරු කරගෙන ඉස්සරහ යන්න. මුං කරපු අපරාධ ටික වහගන්න. හිරේ යන්න තියෙන ටික වලක්වන්න.

දැන් පහුගිය කාලේ ආවා විශේෂ අපරාධ හා වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම. ඒකේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපති ලොක්කට. දැන් මොකක්ද සිරිසේන ලොක්කා මේකට කරන්නේ. සිදුවීම් 40 ක් තියෙනවා. ඉදිරියේදී මේවට නඩුදාන්න නියමිතයි. ලබන සතියේ හරි, ඊළග සතියේ හරි මේවට ක්‍රියාමාර්ග ගන්න ඉඩ තියෙනවා. දැන් මේවට මොකද වෙන්නේ. ඒ කාලේ ලොක්ක කෑගගහා හිටියා මේවා අල්ලන්නේ නැහැ කියලා. රනිල් වික‍්‍රමසිංහ විසින් අපරාධකාරයෝ, හොරු ආරක්ෂා කරනවා කියලා. දැන් කව්ද අපරාධකාරයෝ ආරක්ෂා කරන්නේ? දැන් ආරක්ෂා කරන්නේ සිරිසේන ලොක්කා. සිරිසේන ලොක්කා මේවා රෙද්දක් ඇඳන්ද කියන්නේ කියලා මට අහන්න  ඕනා.

මම දැක්ක තවත් තොරතුරක්. මේක ඇත්තද නැද්ද දන්නේ නැ. හොර අගමැතියා ආවට පස්සේ මුදල් මුද්‍රණය කරලා තියෙනවා රුපියල් ලක්ෂ 10 ඒවා එක්ලක්ෂ දහනමදාස් හාරසිය හැටතුනක්. දැන් මෙහෙම තමයි රුපියල නැගපු එක බස්සන්න හදන්නේ. ඒ නිසා සහෝදරවරුනි, මේ යහපාලනය වෙනුවෙන් වැඩ කරන්න එෆ්.සී.අයි.ඩි වල සී.අයි.ඩී වල විශේෂයෙන් වැඩ කරපු නිලධාරීන් කොටසක් ඉන්නවා. කල්පනා කරන්න මේ තක්කඩින් ආපු හැටියේ ඒ මිනිසුන්ට මොකද වෙන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ. ඒ මිනිස්සු රැකියාවෙන් එහා ගිහිල්ලා ඒ මිනිස්සු දේවල් කලා. ඒ තර්ජනය ගත්තා. අපි දැක්කා ඊයේ පෙරේදා රනින් සූට් පිටින් යනවා එෆ්.සී.අයි.ඩී. එකට. මේ බලය පෙන්වන්නේ. මෙයාලා වැරදිලා හරි මේ ආණ්ඩුව ගත්තොතින් මේක මොකක් හරි කරලා ඡන්දෙකට ගිහිල්ලා මේක ආයේ ලේ විලක් කරන එක කතා දෙකක් නෑ. අපි දන්නවා රාජපක්ෂගේ හැටි. අපි දන්නවා එයා කරපු කෙළි.”

සම්පුර්ණ වීඩියෝව පහතින්...





2018-11-06
Advertisement

Find us on Facebook