English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“කවුරු ආණ්ඩු කළත්, උතුරේ දේශපාලන සිරකරුවෝ හිරේ”- සුදේශ් නන්දිමාල් සිල්වා

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේම ගත්තු මේ රටේ ජාතිවාදී සංවිධාන ඉන්නවා. ජාතිවාදීන් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. මේ හොර අගමැති පැමිණීමත් සමගම ඔවුන් නිදහස් වෙලා ඉන්නවා. ඒත් අරන් තියෙන්නෙම එකම පනත යටතේ. නමුත් ඔවුන් අද නිදහස් කරලා. තාමත් උතුරේ දේශපාලන සිරකරුවෝ අවුරුදු 10, 12 සිරගත වෙලා ඉන්නවා

සාමයික සහ සමාජීය කේන්ද්‍රයේදී පැවැති සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේදී ඉල්ලීම් කිහිපයක් ප‍්‍රධාන වශයෙන් මතු කළේය. එනම් යුක්තිගරුක ආණ්ඩුවක් ඇති කර වැලිකඩ සිරකරුවන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ හා උසාවි කටයුතු අවසන් කිරීම හා  තාජුඩීන්, එක්නැලිගොඩ, රොෂේන් චානක, රතුපස්වල, ලසන්ත හා සිසුන් පැහැරගත් ඝාතකයන්ට දඩුවම් ලබා දීම ප‍්‍රධානය. මේ සඳහා වික‍්‍රමබාහු කරුණාරත්න, සන්ධ්‍යා එක්නැළිගොඩ, ප‍්‍රසංග ප‍්‍රනාන්දු, රොෂේන් චානකගේ මව, සහභාගි වී සිටියහ. එහිදී අදහස් දැක්වූ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලේකම් වූ සුදේශ් නන්දිමාල් සිල්වා විසින් මෙලෙස තමන්ගේ අදහස් දැක්වීම සිදුකරන ලදි.

“මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ මිනීමැරුම්වලට සාක්ෂි දුන්නා මිනිස්සු. දැන් ඒවා ඔක්කෝම මේ මෛති‍්‍රපාල විසින් යටගහලා. හොර අගමැති කෙනෙක් පත් කරලා. මේ රට අරාජක කරලා තියෙනවා. අපි කියන්නේ මෛත්‍රීපාල සිරිසේනට තව දුරටත් මේ ආකාරයෙන් නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී වැඩ කරලා රාජපක්ෂලාගේ මිනිමරුවෝ ආරක්ෂා කරන්නේ නැතුව මහජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න. රාජපක්ෂ කාලයේ කළාවූ ඒ ඝාතන,පැහැරගැනීම්, දූෂණ සම්බන්ධ පිරිස්ව අත් අත්ඩංගුවට ගන්න.

අද ඒ අත්අඩංගුවට ගැනීම් වෙනුවට අද කරන්නේ නිදහස් කරන එක. අපි ඒක හොඳටම දන්නවා, පහුගිය කාලේ නියමම තත්ත්වය තමයි දෙමළ දේශපාලන සිරකරුවෝ අවුරුදු 10,12 ඉන්න සිරගතව ඉන්න අය ඉන්නවා. දැන් තමයි රාජපක්ෂලට ඔවුන් එළියට දාන්න  ඕනයි කියලා අදහස ඇවිල්ලා තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේනට දැන් තමයි ඒ සිරකරුවෝ එළියට දාන්න  ඕනයි කියලා ඇවිල්ලා තියෙන්නේ. නමුත් අද ඒක නෙමෙයි, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේම ගත්තු මේ රටේ ජාතිවාදී සංවිධාන ඉන්නවා. ජාතිවාදීන් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. මේ හොර අගමැති පැමිණීමත් සමගම ඔවුන් නිදහස් වෙලා ඉන්නවා. ඒත් අරන් තියෙන්නෙම එකම පනත යටතේ. නමුත් ඔවුන් අද නිදහස් කරලා. තාමත් අවුරුදු 10, 12 සිරගත වෙලා ඉන්නවා උතුරේ දේශපාලන සිරකරුවෝ. ද්‍රවිඩ දේශපාලන සිරකරුවෝ. මේක තමයි ජාතිවාදී මහින්දලාගේ ස්වරූපය. ජාතිවාදී මෛත්‍රීගෙත් ස්වරූපය මේක තමයි.”





2018-11-05
Advertisement

Find us on Facebook