English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“පාර්ලිමේන්තුව වහාම කැඳවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න” - මහා සඟ සමුළුව

ඔක්තෝම්බර් 26 වෙනි දින ව්‍යවස්ථා විරෝධී අයුරින් මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත් කිරීමත් සමගම රටේ ඇති වුනු ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් රැසකට විරෝධය දැක්වීම සඳහාත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවතත් තහවුරු කර පාර්ලිමේන්තුව නැවත කැඳවා බහුතර බලය ඇති පුද්ගලයා අගමැතිධූරයට පත් කරන ලෙසත් ඉල්ලා සිදු කෙරෙන මහා සඟ සමුළුව 2018 නෙැවැම්බර් මස 11 වෙනි දින පස්වරු 2.00 කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් එක්වුනු ශ්‍රී ලංකාවේ ත්‍රෛයිනිකායික සංඝරත්නම එක්වී, රටට ඉතාම අනතුරුදායක තත්ත්වයක් මතු වී ඇති බව තේරුම් ගෙන, ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, තක්සේරු කිරීමෙන් අනතුරුව මෙම සමුළුව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් රටට විශාල අපකීර්තියක් අත්වෙමින් යන බවත්, සම්බාධක පැනවිමට පසුබිම සකස්වෙමින් තිබෙන බවත්, රටේ තිබෙන ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශවීමට හේතුවෙමින් යන බවත්, රටේ සංහිඳියාවටත් යම් හානියක් සිදුවෙමින් තිබෙන බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ වීමට හේතුවන පියවරයන් රැගෙන තිබෙන බවත්, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සමුදී ඒකාධිපති, මිලිටරි පාලනයක් පහළවීමට ලකුණු පහළ වී තිබෙන බවත්, වැනි කරුණු ගැන සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ ගැන එකඟතාවයකට පැමිණ තිබෙනවා. 

මේ තත්ත්වය බැරෑරුම් ලෙස සැලකූ ෛත්‍රිනිකායික මහා සංඝරත්නය තමන්ට ඒ දෙස බලා සිටීමට පුළුවන් කමක් නැති බවත්, තමන්ට රට ගැන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන වගකිමක් සහ යුතුකමක් තිබෙනවා බවත් අවබෝධ කර ගනිමින්, මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී ගමන, ක්‍රියාකාරකම් වහාම නැවැත්විය යුතු බවට එකගතාවයකට පැමිණ තිබෙනවා. ඒ සඳහා මූලික පියරවක් වශයෙන් ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මහා සග සමුළුව” යන මැයෙන් 11වෙනි දින, කොළඹ නගර ශාලාවට රැස්වී මහජනතාවට කරුණු පැහැදිලි කිරීමටත්, දැනුවත් නොවූ සංඝරත්නය දැනුවත් කිරීමටත් මුල් පියවරක් වශයෙන් මෙම සග සමුළුව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.




2018-11-04
Advertisement

Find us on Facebook