English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“පොදු අපේක්ෂකයන්” ගැන මේක හොඳ පාඩමක්, අනාගතයේදී ප‍්‍රවේසම් විය යුතුයි.- ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

මම හිතනවා මෙබඳු විදියේ පොදු අපේක්ෂකයන් පිළිබඳ පාඩමකුත් අපිට ඉගෙන ගන්න පුළුවන්. නිර්පාක්ෂිකයන් වුනත් මෙබඳු වෙළදාම් කරන්නෙක්, නැත්නම් මෙබඳු අපරාධයන්ට උදව් කරන්නෙක්, ලෙස සිටින අයෙක් අපි මීට පස්සේ අනුමත කරගත යුතු නැහැ. කිසියම් ආකාරයකට රටේ විධායක ජනාධිපතිධූරය අහෝසි වෙමින් තිබුණත්, අපිට යම් කිසි ආකාරයක ජනාධිපතිවරයෙක් අවශ්‍ය වෙනවා බල තුලනය සඳහා. එහෙදි වුනත් මීට වඩා සැලකිලිමත් වෙන්න  ඕනා.” යැයි සෞන්දර්කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ හා සමාජ ක්‍රියාදර ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා අයිතිය සමග පැවසීය.

“ විවිධ අය, විවිධ පාක්ෂිකයන් නොවන නිදහස් පුරවැසියන් එකතු වී මේ අවස්ථාවේදී මෙතන සිද්ධවෙන්නේ පාර්ලිමේන්තුව කැඳවා ගැනීමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරගැනීමත් කියන කරුණයි. අනික් එක තමයි දැන් පාර්ලිමේන්තුව දිගු කිරීමෙන්, කාලය දිග් කරලා, නිවාඩු දීගෙන, කල් අරගෙන මේ කරන්න හදන්නේ අර 62 ලක්ෂයක් වූ අයගේ ඡන්දත්, අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂට තිබුණු ඡන්දත්, කිසියම් ආකාරයකින් අලෙවි කිරීමේ ව්‍යාපාරයක්. මොකද ඔහු තමයි මහින්දටත් වඩා වැරැද්ද කරලා තියෙන්නේ. මොකද ඔහුට තිබුණා මෙබඳු දේකට යන්නේ නැතුව තමාට රනිල් සමග ප‍්‍රශ්නයක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරලා ඒ ආණ්ඩුත් එක්ක කතා කරලා, තවත් ඒ ආණ්ඩුවේම ඉන්න වෙනත් අය  ඕන නමක් අගමැති ධූරයට පත් කරන්න. එහෙම දෙයක් කරෙත් නෑ. අනිත් එක පුරවැසි සංවිධානවලට දැනුම් දුන්නෙත් නෑ. මහජනතාව එක්ක කතා බහ කළෙත් නැහැ.

අත්තනෝමතික ක්‍රියාත්මකවීම තිබුණේ 18 වෙනි ව්‍යවස්ථාව අනුව. එයාට හිතුණ දෙයක් කරන්න. මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියවලා නැති බව තමයි පේන්නේ. අඩුගානේ අනික් අය කියන විදියට නෙමෙයි, ඉස්සෙල්ලා තමන්ම කියවන්න  ඕනා. ඒ කියවලා බලන්න  ඕනා තමන්ට මේකේ එහෙම බලයක් තියෙනවද කියලා. මොකද 19 වෙනි ව්‍යවස්ථාවෙන් තමයි අපේ රටේ පහුගිය කාලේ වෙච්ච විශාලම ජයග‍්‍රහණය සිද්ධ කරගත්තේ. එකත් තමයි කොමිෂන් සභා ස්ථාපිත කිරීම. අනික් පැත්තෙන් පාර්ලිමේන්තුවට බලය කේන්ද්‍රගත කිරීම. පාර්ලිමෙන්තුව තමයි සියලූම ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නේ. අගමැතිවරු සහ ආණ්ඩුව පිළිබඳ තීන්දු තීරණ ගන්නේ. වෙන අය නෙමෙයි.

මීට කලින් 18 වෙනි ව්‍යවස්ථාවේ තමයි තිබුණේ  ඕන වෙලාවක, හිතිච්ච වෙලාවක  ඕන කෙනෙක්ව අගමැති හැටියට පත් කිරීමේ හැකියාව තිබුණේ. ඒ නිසා ඒකාධිපතියෙකු බවට ඔහු ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ සැඟවුණු ඒකාධිපතියෙක්. නැත්නම් එබඳු ඒකාධිපති ආශාවක්, දුර්වල ශරීරයක් වුනත්, ඒකාධිපති ආශාවක් තියාගෙන හිටපු මිනිහෙක් හැටියට තමයි අපිට මෛත්‍රීපාල සිරිසේන මහතා පේන්නේ.

අපිට මතක් වෙනවා ඔහු කියපු කතා. මොකද බලය ආපු ගමන්ම කිව්වේ ඔහුට අතිගරු කියන්නත් එපා, මහත්මයා කියන්න, කිසිම විශේෂ සැලකිලි අවශ්‍ය නෑ. මම සාමාන්‍ය කෙනෙක්. ඊට පස්සේ බැලූවහම අපි ඉක්මනටම ව්‍යවස්ථාව වෙනස් කරනවා. විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. එහෙම කියපු මිනිහා මේක පැද,පැද හිටියා මිසක වෙන මුකුත් කළේ නැහැ. සෝභිත හාමුදුරුවොත් අපවත්වෙන තෙක්ම ඉඳලා ඒ දෙන ඉස්සරහත් පොරොන්දු වුනේ, මේ දේවල් කරනවා කියලා. ඒකෙන් පේනවා මොහු මේ සඟවාගෙන සිටියේ තමාගේ විධායක අවශ්‍යතා. නැත්නම් තමන්ගේ අනාගත පරපුරක් වෙනුවෙන් වැඩ කිරීමේ අවශ්‍යතාවය. මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයත් කල්පනා කරන්න  ඕනා මේ මිනිහත් එක්ක එකට ගමනක් යාහැකිද කියලා. මොකද ඔහු විසින් සිදු කරනු ලබන්නේ සම්පූර්ණ විනාශයක්. ජනතාවගේ බලාපොරොත්තු, අපේක්ෂාවන්, සියල්ලම වතුරේ දමමින්,එක රැයකින් විනාශ කලා මේ මනුස්සයා.

ඉතින් මම හිතනවා මෙබඳු විදියේ පොදු අපේක්ෂකයන් පිළිබඳ පාඩමකුත් අපිට ඉගෙන ගන්න පුළුවන්. නිර්පාක්ෂිකයන් වුනත් මෙබඳු වෙළදාම් කරන්නෙක්, නැත්නම් මෙබඳු අපරාධයන්ට උදව් කරන්නෙක්, ලෙස සිටින අයෙක් අපි මීට පස්සේ අනුමත කරගත යුතු නැහැ. කිසියම් ආකාරයකට රටේ විධායක ජනාධිපතිධූරය අහෝසි වෙමින් තිබුණත්, අපිට යම් කිසි ආකාරයක ජනාධිපතිවරයෙක් අවශ්‍ය වෙනවා බල තුලනය සඳහා. එහෙදි වුනත් මීට වඩා සැලකිලිමත් වෙන්න  ඕනා.

වීඩියෝව පහතින්...





2018-11-04
Advertisement

Find us on Facebook