English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පාර්ලිමේන්තුව රැස් කරනු! යුක්තිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම සඳහා නැගී සිටිමු.!


අශීලාචාර පාර්ලිමෙන්තුවක් වෙනුවට ශීලාචාර පාර්ලිමේන්තුවක්, විධායක ජනාධිපතිධූරය අහෝසි කරනු, ජනතා පරමාධිපත්‍යය කොල්ලකෑමට එරෙහිව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය රනිල්, මෛත්‍රී, මහින්ද නොවේ එය පුරවැසියන්ගේ බලයයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවිකණනු, පාර්ලිමේන්තුව රැස් කරනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනු, යුක්තිය උදෙසා ජනඅරගලය අඛණ්ඩව, ලාංකීය පුරවැසි ගෞවරවය කෙළෙසීමට එරෙහිව, වැනි සටන් පාඨ රැගත් සිවිල් ප‍්‍රජාවක් අද (04) දවහල් කොල්ලූපිටිය වට රවුම අවට ගමන් කරමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව තව විරෝධය දැක්වීය.


මෙම පිරිස විවිධ ස්වාධීන සිවිල් සංවිධාන නියෝජනය කරමින්, පුරවැසි සංවිධාන නියෝජනය කරමින් විරෝධතාවයන්හී නියැලී සිටියහ. මෙම ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටි සමාජ ක්‍රියාධරයෙක්වූ විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක, සමාජ ක්‍රියාදරයෙක් වූ සම්පත් සමරකෝන්, මෙසේ අදහස් දැක්වීය.

“මෙම විරෝධතාවයට සතරදිග්භාගයෙන් සිය ගණනක් පැමිණෙමින් සිටිනවා. ඒ පැමිණෙන්නේ යම් කිසිවක් නිසා නෙමෙයි, ලක්ෂ 62ක ජනතා වරමකින් 2015 බලයට පත් වුනු, මෛත්‍රීපාල සිරිසේන ජනධිපතිවරයා විසින් ඒ 62 ලක්ෂයේ ජනවරම, අමු අමුවේ නිරුවත්ව පවාදීමට එරෙහිව තමයි අද මෙතනට දහසකු පමණ ජනතාව රැස්වෙමින් තිබෙන්නේ. විශේෂයෙන් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ නැමති කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් හිතුමනාපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, අගමැතිවරයෙක් විදියට දිවුරුම් දුන්නා. මෙය මේ රටේ සුවහසක් ජනයා මෙන්ම, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් අගයන, කිසිඳු පුරවැසියෙක් අනුමත නොකරන, ක්‍රියා කලාපයක් තමයි ජනාධිපති සිරිසේන විසින් මේ වෙලාවේ අනුගමනය කරමින් තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනයා වගේම විදේශ රටවල සංවිධාන, තානාපති කාර්යාල, පාර්ලිමේන්තුව රැස් කරන්න කියන අවම ඉල්ලීම මේ රටේ ජනතාවත්, විදේශ රටවල ජනතාවත් කරමින් සිටිනවා. ඒත් මේ වන තෙක් ජනාධිපතිවරයා කිසිඳු ප‍්‍රකාශයකට, කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. අන්න ඒකට එරෙහිව තමයි මෙතන මේ ජනයා රැස්වෙලා සිටින්නේ. විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න කියලා. ඒ වගේම පාර්ලිමේන්තුව ඉතා ඉක්මනින් වහාම කැඳවන්න කියන ඉල්ලීම ඉල්ලීමත්, මේ රටේ ගොවීන්ගේ ප‍්‍රශ්න, මේ රටේ කඳුකර ජනයාගේ ප‍්‍රශ්න, මේ රටේ ධීවර ජනයාගේ ප‍්‍රශ්න, මේ රටේ අතුරුදහන්වූවන්ගේ ප‍්‍රශ්නවලට යුක්තිය ඉෂ්ට කරන්න කියලා මේ ජනයා මෙතනට ඇවිල්ලා පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙමෙයි මේ ජනයා මතක් කර සිටින්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා කියන්නේ කාගෙවත් බූදයක් නෙමෙයි. මේ රටේ පුරවැසියන්ගේ අයිතියක්. එය සල්ලිවලට පවලා දෙන්න එපා කියන එක තමයි අද මේ කොල්ලූපිටිය ලිබර්ටි මංසන්ධියට පැමිණ ඉල්ලා සිටින්නේ. මෙය සංවිධානය කරන්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යුක්තිය ඉල්ලන පුරවැසියන් කණ්ඩායමක්.” 



මෙම විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රවීන ජනමාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා තමන්ගේ මුහුණු පොතේ අදහසක් දක්වමින් ඔවුන් දිරිමත් කරමින්, අගය කරමින් ඔවුන් ඉදිරියේ ඇති අභියෝගයන් සම්බන්ධයෙන් සටහනක් පළ කර තිබුණා.

සිරිසේනගේ පවාදීමට එරෙහිව විවිධාකාර සිවිල් ජන පිරිස් වීදිබසිමින් සිටිති. මෙම දේශපාලන මෙහොතෙහි දැකිය හැකි එක් සාධනීය වර්ධනයක් වන්නේ එයයි. පවත්නා බල අරගලයෙන් රාජපක්ෂ ජයග‍්‍රහණය කළහොත් මෙම බලවේගයන්ට දරුණු ප‍්‍රහාරයක් එල්ලවනවා ඇත. පසුගි කාලය පුරා දෙමළ ජනයාගේ අයිතීන් මෙන්ම සන්ධ්‍යා එක්නැළිගොඩ යනාදී උද්ඝෝෂණයන්ට සහය දුන්නේ ද මෙම බලවේගයන්මය. මෙම සිවිල් ජන පිරිස් සමඟ හරවත් දේශපාලන සංවාදයක් ගොඩනඟා ගැනීම ප‍්‍රගතිශිලී ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන්ට ඉතා වැදගත්ය. විප්ලවකාරී වාමාංශයෙන් එය ඉටු වන්නේ නැත. ඔව්හූ මෙම ව්‍යාපාරයෙන් ඈත් වී සිටිති. මෙම දේශපාලන මොහොත අප සමාජයේ ඉදිරිගාමී ජන පිරිස් අතර දේශපාලන සංවාදයකට ඉතා වැදගත් විවරයක් ලබා දී තිබේ.”

සම්පුර්ණ වීඩියෝව පහතින්...




2018-11-04
Advertisement

Find us on Facebook