English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණය සම්බන්ධයෙන් පරික්‍ෂණයක් පවත්වන්නට නියෝග !


පොලිස් පහරදීමකින් මිය ගිය බව පැවසෙන කන්දකැටියේ සඳුන් මාලිංග යන තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පරික්‍ෂණයක් පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප් 09) නියෝග කළේය.

පොලිස් පහරදීම් සහ රජයේ නිළධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන් තමන්ගේ දරුවා මියගියේ යැයි මාලිංගගේ ඥාතීන් චෝදනා කරන අතර සදුන් මාලිංගගේ පියා විසින් ගොනුකරනු ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව  ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.  

ඔහු අත්අඩංගුවට පත්වීමට සහ මෙවැනි අසාධාරණ මරණයක් හිමිවන්නට සඳුන් මාලිංගට පොලීසිය විසින් චෝදනා කරමින් වරද පටවනු ලැබුවේ දාහත් හැවිරිදි මාලිංග පසුගිය මැයි මාසයේදි නිදන් හාරන්නට සම්බන්ධ වුවා කියාය.

මිය ගිය මාලිංග පිළිබඳව සියලූ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරු බදුල්ල රජයේ රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිළිධාරියාට නියම කළේය.

සිය පුත‍්‍රයා කිසිම ආකාරයක වරදකට , කිසිදු අපරාධයකට සම්බන්ධ නැතැයි පවසන සඳුන් මාලිංගගේ පියා, පී එච් රංජිත් කියා සිටියේ, තමාව බිම දාගෙන විනාඩි හතළිස් පහක් පමණ පහරදුන්නා කියා පුත‍්‍රයා කී බවයි. 
 
"අද නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටියා. මෙහි අධිකරණ වෛද්‍ය වාර්තාව මීළග ණඩු දිනයට ඉදිරිපත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කළා. මෙම අන්තර්වාර මරණ පරීක්‍ෂණයේදි සඳහන්කරලා තිබෙනවා නිසි අවධානය යොමු උනානම් මේ මරණය වැළැක්විය හැකිය තිබුණාය කියා." යනුවෙන් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ ලක්ෂාන් ඩයස් පැවසීය.
-MMP



2014-09-09
Advertisement

Find us on Facebook