English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හොර අගමැති වැඩ අරඹයි - නීතිඥයෙක්ගේ හා පවුලේ අයගේ ජීවිතය අනතුරේ...

පහළොස් දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායම් දෙකක් විතර ඇවිල්ලා මගේ නිවස වට කරලා ආයුධ තියෙනවා කියන තොරතුරක් මත, කිසිඳු වරෙන්තුවකින් තොරව නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසුවා. මම කිව්වා මම නීතිඥයෙක් වශයෙන් මම දන්නවා මොකක්ද නීතිය කියලා. සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය බව. මම කැටපෝලයක්වත් පාවිච්චි නොකරන පුද්ගලයෙක් නිසා කිසිඳු ප‍්‍රශ්නයක් නැහැ නිවස සෝදිසි කරන්න කියලා කිව්වා.” යැයි - ජාතික නීතිඥ සංගමයේ නීතිඥ ලිලාන් අමරකෝන් පවසයි.

පසුගිය ඔක්තෝබර් 31 වනදා කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ වෘත්තීයවේදීන්ගේ ප‍්‍රවෘත්ති සාකච්ඡාව අවසන් වනවාත් සමඟ හදිසියේ එම ස්ථානයේ සිටි සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී සිටි, ටයි එකක් දමා සිටි තරුණ මහතෙක් තමන්ට අදහස් දැක්වීමට ඉදිරියට ආවා. ඔහු තමන්ට වූ කරදරයක් සම්බන්ධයෙන් කරුණු දැක්වූවා. ඔක්තෝම්බර් 29 වෙනි දින ගන්නා ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී තීරණය නිසා ගම් නියම්ගම් වල, රජයේ ආයතනවල, පක්ෂ අභ්‍යයන්තරයන්හී මතු වී ඇති තත්ත්වයන්ට හොඳම උදාහරණයක් වේ. මාධ්‍ය ආයතනයන්ට මුදා හරින ලද ප‍්‍රචණ්ඩත්වය දැන් දැන් රට පුරා පැතිර ඇත. මේ ඇතිවී තිබෙන තත්ත්වයන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන් වගකිව යුතුය.

මානව හිමිකම් පිළිබඳ හා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ක්‍රියාකරන අයිතිය මෙම තත්ත්වයන් දැඩි ලෙස විවේචනය කරන ලද අදාල බලධාරීන්ට අවධාරණය කරනු ලබන්නේ මෙම තත්ත්වයන් සමනය කිරීම සඳහා තමන්ගේ දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කරන ලෙසත් නීතියට නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන ලෙසත්ය. මෙම සිදුවීමේදී පොලිසිය ක්‍රියාත්මක වන ආකාරයෙන් පෙනේන්නේ පොලිසිය නැවතත් දේශපාලන වුවමනාවන් අනුව ක්‍රියා කරන බවයි. මේ තත්ත්වය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලවත් පහරක් බව අයිතිය අවධාරණය කරයි.

“මම හිතන්නේ මේ බල පෙරළියේ පළමුවෙනි බිල්ල වුනා කියලා මම හිතනවා. ඒ නිසයි මම විශේෂයෙන් මෙතනට ඇවිල්ලා යම් කිසි අදහස් දැක්වීමක් කරන්න බලාපොරොත්තු වුනේ. නීතිඥ සංගමය නමින්ම එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධයි. මෙතන ඉන්නේ ස්වාධීන විද්වත් මණ්ඩලයක්. නමුත් මම එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධයි. ඔක්තෝම්බර් 29 වෙනි දින ඊට අදාළව යම් පෙරළියක් කරන්න ජනතාව දැනුවත් කිරීම සඳහා වන දැවැන්ත ජන රැළියක් පැවැත්වුවා ඊයේ දිනයේදී. ඒ රැළිය සඳහා වන සංවිධානාත්මක කටයුතු කරමින් සිට කෑගල්ල මගේ ගම් ප‍්‍රදේශය වන නමුත් මම පදිංචිව සිටින්නේ කිරිබත්ගොඩ. මධ්‍යම රාත්‍රීයේ මම නිවසට ගියා. ඊට පැය භාගයකට පමණ පසුව පහළොස් දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායම් දෙකක් විතර ඇවිල්ලා මගේ නිවස වට කරලා ආයුධ තියෙනවා කියන තොරතුරක් මත, කිසිඳු වරෙන්තුවකින් තොරව නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසුවා. මම කිව්වා මම නීතිඥයෙක් වශයෙන් මම දන්නවා මොකක්ද නීතිය කියලා. සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය බව. මම කැටපෝලයක්වත් පාවිච්චි නොකරන පුද්ගලයෙක් නිසා කිසිඳු ප‍්‍රශ්නයක් නැහැ නිවස සෝදිසි කරන්න කියලා කිව්වා. ඔවුන් ටික වෙලාවකින් තේරුම්ගත්තා තත්ත්වය. මම හිතන්නේ ඔවුන්ට නියෝගය ලැබී තිබුණේ ඉහළ පොලිස් නිලධාරියෙක් හරහා. නිවස සෝදිසි කිරීම සහ මාව අපහසුතාවයකට පත් කරන්න. නිවසේ සිටියේ මගේ දරු දෙදෙනාත්, මාගේ දෙමව්පියන් දෙදෙනාත් පමණයි. ඔවුන් බලවත් ලෙස මානසිකව අපහසුතාවයකට පත් වුනා.

ඉන් පසුව මම පොලිස්පතිතුමා වෙත, ප‍්‍රධාන පොලිස් මූලස්ථානය වෙත, මේ සම්බන්ධයෙන් පැමිණිල්ල කලා ඊයේ දිනයේදී. මා ළග පැමිණිල්ලේ පිටපත් පවා තිබෙනවා. නමුත් කියන්න කණගාටුයි කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ මේ ආකාරයට වෙද්දී, කෑගල්ල ප‍්‍රදේශයට යළිත් කණ්ඩායමක් ඊයේ යවලා තියෙනවා. මම දන්නේ නැහැ මේ විදියට දිගින් දිගටම මේ රැගෙන යන කාරණය කුමක්ද කියලා. එතනදි මම කියන්න  ඕනා මම ජාතික නීතිඥ සංගමයේ නීතිඥයෙක් විදියට 2015 ජනවාරි 08 වෙනි දින සිදුවුනු විප්ලවය සඳහා ජනතාව පෙළ ගැස්වීම සඳහා කටයුතු කරපු පුද්ගලයෙක් විදියට හිටියා. මම දැනට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධාකයකවරයෙක් විදියට ඉන්නවා. නමුත් ඒ අවස්ථාවේදී මම ජනතා ක්‍රියාකාරිකයෙක් විදියටයි වැඩ කළේ. එතකොට ඒ අවස්ථාවේ ඒ කරපු දේ. ඒ වගේම පහුගිය දිනයේදී මේ සිදුවූ පෙරළිය කොයි ආකාරයට රටට බලපාන්නේ යන වග නීතිඥවරු දැනුවත් කරමින් රටපුරා නීතිඥයින් සංවිධානය කිරීමට වැඩ කළ පුද්ගලයෙක් විදියට මට මේ එල්ල කරන ලද බලපෑම බරපතල තර්ජනයක් විදියටයි මම දකින්නේ.

ඒ නිසා මම ඔබගෙන් සහය ඉල්ලා සිටිනවා 2015දී සිදුකළ පෙරළිය වෙනස් කිරීමේ පළමු බිල්ල විදියට මම සිටිනවා කියලා මම විශ්වාස කරන නිසා මගේ ජීවිතයට ලැබී ඇති තර්ජනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම 2015 දී නැගී සිටියා මෙන් නැගී සිට මේ තත්ත්වය වෙනස් කරමු යයි පවසමින් මම නිහඩ වෙනවා.”

වීඩියෝව පහතින්...





2018-11-03
Advertisement

Find us on Facebook