English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මෛතී‍්‍ර - මහින්ද සමග එක්ව ජනවාරි 08 බලවේග නැවත ශක්තිමත් කරයි


2015 ජනවාරි 08 වන වෙනසට දායක වූ බොහෝ බලවේග පසුගිය රජයේ සමහර කි‍්‍රයාකාරකම් සම්බන්ධව යම් පසුබෑමක සිටියත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව පත්වූ අගමැතිවරයා කුමන්ත‍්‍රණකාරී ලෙස ඉවත් කිරීමත් සමග නැවත එම බලවේග වේගයෙන් ඒකරාශී වෙමින් මෙම කුමන්ත‍්‍රණයට එරෙහිව කි‍්‍රයාකාරීව මැදිහත් වෙමින් සිටී.

ඊයේ (2)අගමැති රනිල් වික‍්‍රමසිංහ හමුවූ සිවිල් සමාජ ප‍්‍රධානීන් පවසා සිටියේ මෙම කුමන්ත‍්‍රණයේ දී අගමැතිවරයා ඉතා සංවරව හා විනයගරුකව කටයුතු කිරීම සම්බන්දව තම ප‍්‍රසංසාව හිමිවන බවත්, මෙම කුමන්ත‍්‍රණය පරාජය කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමත් සදහා තම උපරිම සහයෝගය අගමැතිවරයා වෙත ලබා දෙන බවත්ය.

අග‍්‍රාමාත්‍යවරයා සිවිල් සංවිධන හමුවීමෙන් පසුව වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හමුවක්, විශ්වවිද්‍යෘල ආචාර්යවරුන්, නීතිඥයින් හා පූජ්‍ය පක්ෂයේ හමුවක් ද පැවැති අතර, ඒ සියලුම කණ්ඩායම් එක හඩින් පවසා සිටියේ මෙම කුමන්ත‍්‍රණය පරාජය කිරීම සදහා රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයාට උපරිම සහාය ලබා දෙන බව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමේ අරගලය හා බද්ධ වන බවයි.

මෛත‍්‍රී-මහින්ද එක්ව සිදුකරනු ලැබූ මෙම කුමන්ත‍්‍රණය හේතුවෙන් යම් පමණකට අකර්මන්‍ය සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල කි‍්‍රයාකාරීත්වයට ගෙන ඒම සදහා උපකාරී වී ඇති වා සේම විවිධ හේතු මත අකර්මන්‍ය සිටි 2015 ජයග‍්‍රහණය වෙනුවෙන් දායක වූ හැට දෙලයක් වූ බලවේග නැවත සකී‍්‍රය කිරීමට ද දායක වී තිබේ. 




2018-11-02
Advertisement

Find us on Facebook