English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සමාජයේ බොටුව හිරවෙමින් යන්නේ! - විමල් කැටපේආරච්චි

සමාජයේ බොටුව හිරකරන කොට ඒක වාමාංශිකයි, ඒක දක්ශිණාංශිකයි කියලා බොටුව හිරකරන්නේ නැහැ. මේවා සංයුක්තයි. ඒවා මේ දක්ෂිණාංශික මන්දිරවල රණ්ඩු කියලා අපිට බජව් දාන්න බෑ. වාමාංශිකයන්ට බජව් දාන්න බෑ. මේ සමාජයේ සමස්ත බොටුව හිරවෙන කොට ඒ හැමෝගෙම බොටුව හිරවෙනවා. අපිට වෙන් කරන්න බෑ. පොදු අර්බුදයක අපි ඉන්නේ. පොදු අර්බුදයෙන් පියමන් කරන්න නම් පොදු ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා. එතකොට අපි ගාව තියෙන දහසකුත් එකක් න්‍යායික කතන්දර ඒවාට බාධාවක් කර නොගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා සමාජ ක්‍රියාකාරිකයෙක් සහ ජනමාධ්‍යවල වැඩ කරන කෙනෙක් හැටියට මා ඉල්ලා සිටිනවා. යැයි ජනමාධ්‍යවේදී විමල් කැටපේආරච්චි පසුගිය 29 වනදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

තවද, 2015 ජනවාරි 08 වෙනි දින පත් කරගත්ත ජනාධිපතිවරයා මේ වන විට තමන්ගේ ජනවරමට පිටුපාලා තියෙනවා. ඒ මොහොතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටි ලක්ෂ 62ක ජනතාව අතර පුංචි වැඩ කොටස් කරමින් හිටපු අපිත් මෙතන ඉඳගන්නේ ඒ අභිලාෂයන්ට ජනාධිපතිවරයා පිටුපාලා තියෙන නිසා. මොකද මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දේ දුන්නු මිනිස්සු ආපහු බලාපොරොත්තු වුනේ නැහැ මෛත්‍රීපාල සිරිසේන ලවා මහින්ද රාජපක්ෂව නැවත අභිෂේක කරවන්න. ඒ එක පැත්තක්.

අනෙක් පැත්ත 2015 බලහුවමාරුවෙන් පස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයේ යමක් සිද්ධ වුනේ නැහැයි කියනවා නම් ඒක වෙනත් ප‍්‍රශ්නයක්. සුදුවෑන් ආපු නැති එක විතරක් නෙමෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වෙනසක් සිද්ධ වුනා. ඒක තමයි ඇත්ත කතාව. මම වැඩ කළේ රාජ්‍ය මාධ්‍යවල. රාජ්‍ය මාධ්‍යවල විකල්ප මතධාරීන්ට ගිහිල්ලා ජාතිවාදයට විරුද්ධව සංක‍්‍රාන්තික ලිංගිකත්වය වගේ තහනම් කරලා තිබුණු මාතෘකාවලට කතා කරන්න පුළුවන් වුනා. රාජ්‍ය මාධ්‍ය වලට වැද්දගත්තේ නැති විකල්ප ක්‍රියාකාරිකයින්, විකල්ප මතධාරීන් ඒවා තුළ සාකච්ඡාවලට කැඳෙව්වා. ඒක මහා ලොකු කේතුමතී තත්ත්වයක් නෙමෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසක් වුනා. ඒක තමයි ඇත්ත කතාව. ඒකට පිටුපාන්න අපිට බැහැ. හැබැයි දැන් ඒ මාධ්‍යවල තක්කඩි, හොරු මැරයන්, පැල් බැඳගෙන ඉන්නවා. තිප්පොළවල් බවට පත්කරගෙන ඉන්නවා. සුදර්මන් රඳලියගොඩ වැනි මිනිස්සු. දැන් එහි අශිෂ්ටත්වයට ගිහින් තියෙනවා. එය පැහැදිලියි.

ඒ වගේම මා ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයට වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ඔප්පු කරලා තමන්ගේ දේශපාලන අභිලාෂයන්ට තමන්ට යන්න පුළුවන්. ඒක හැමෝටම විවෘතයි. ඊට පස්සේ අපි බලමු මොකක්ද කරන්න තියෙන්නේ කියලා.

වීඩියෝව පහතින්...





2018-10-31
Advertisement

Find us on Facebook