English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගැන අප තැබූ බලාපොරොත්තු මෛත්‍රී බිඳ දැම්මා” - රනිල්


"අප ඉදිරියට ගියේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටයි. නමුත් අවාසනාවන්ත ලෙස අප නොසිතූ මොහොතක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවරම කඩා බිඳ දමා පාර්ලිමේන්තුව පැත්තකට දමා යළිත් ජනාධිපති අතට විධායක බලය ගැනීමට තැත් කරනවා. ඒ කාර්යය සඳහා අප විරුද්ධයයි. ඒ සඳහා අප ඉඩ දෙන්නේ නැහැ. මෙරට ජනතාව අද බලාපොරොත්තු වන්නේ තමන් කැපවූ ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමටයි.” යැයි අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අද රැලියට සහබාගී වෙමින් පැවසීය.

මැති සබයේ දොර ඇරපිය - ජනමතයට ගරු කරපිය” නමින් හා ”ජනවරමට ගරු කරනු පාර්ලිමේන්තව වහා කැඳවනු” නමින් එය නම් කර තිබූ එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතා රැළිය අද (30) දින කොල්ලූපිටිය මංසන්ධියේදී පැවති ජන රැළියට ලක්ෂයකට ආසන්න විශාල ජනතාවක් විවිධ ප‍්‍රදේශවලින් පැමිණ මීට සහභාගි විය. අද දින දහවල් 12 පමණ වන විට ජනතාව එම ස්ථානය කරා පැමිණ සිටියහ.


ස්ථාන කිහිපයකින් පැමිණි පෙළපාලි කොල්ලූපිටිය මංසන්ධියට පැමිණීමත් සමග රැළිය ආරම්භ විය. මේ සඳහා වෙනත් දේශපාලන පක්ෂ සමාජිකයන් සමාජිකයින් සහ සිවිල් සමාජ ක්‍රියාදරයින් රැසක් සහභාගි වී සිටියහ. 

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණේ සිටින දේශපාලන නායකයින් රැසක් සහභාගි විය. ඒ අතර නියෝජ්‍ය සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, අජිත් පී. පෙරේරා, චම්පික රණවක, සුජීව සේනසිංහ, හරීන් ප‍්‍රනාන්දු, චම්පිකා ප්‍රේමදාස, බුද්ධික පතිරණ, රෝසි සේනායනායක, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, හර්ෂණ රාජකරුණා, වැනි පිරිසක්ද, සිවිල් සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් හා නව සමාජ පක්ෂ නායක වික‍්‍රමබාහු කරුණාරත්න යන අයත් ප‍්‍රධාන පීඨිකාවේ රැඳී සිටියහ. පසුව රැස්වීම මැදදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පැමිණියේ ජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේය. එමෙන්ම මෙම රැස්වීමේදී සජිත් ප්‍රේමදාසට සහ රවී කරුණානායකටද විශාල ජනතා ප‍්‍රතිචාරයක් ලැබුණි.


මෙහිදී ඉතා ආවේගශීලී කතාවක් කළ ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2015 ජනවාරි 08 බලය ලබා දුන් 62 ලක්ෂයේ ජනතාව පවා දුන් බව පැවසූහ. තමන්ව ඝාතනය කිරීමට පස්වතාවක් උත්සාහ කළ මහින්ද රාජපක්ෂට අගමැති ධූරය ලබා දීම සිතා ගැනීමට පවා නොහැකි දෙයක් බව පැවසූහ.

කතා කළ බොහෝ දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කළ කැපවීමට කෙළෙහිගුණ සැලකීමට ඔහු අපොහොත්වූ බවත්, ඔහු රජය විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ බොහෝ දේ ඔහු විසින් බාධා කළ බවත් පැවසුවෝය.   

පැමිණ සිටි ජනතාව ඇමතූ අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉතා කෙටියෙන් යහපාලන ඉතිහාසය පැහැදිලි කළේය. ඉන් පසුව ඔහුගේ කතාව අවසානයේ දී ඔහු මෙසේ ජනතාවට කරුණු පැහැදිලි කළේය.

“අප ඉදිරියට ගියේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටයි. නමුත් අවාසනාවන්ත ලෙස අප නොසිතූ මොහොතක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවරම කඩා බිඳ දමා පාර්ලිමේන්තුව පැත්තකට දමා යළිත් ජනාධිපති අතට විධායක බලය ගැනීමට තැත් කරනවා. ඒ කාර්යය සඳහා අප විරුද්ධයයි. ඒ සඳහා අප ඉඩ දෙන්නේ නැහැ. මෙරට ජනතාව අද බලාපොරොත්තු වන්නේ තමන් කැපවූ ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමටයි.

ඔවුන් බලාපොරොත්තු වූයේ සිකුරාදා සවස මේ ක්‍රියාව කර සඳුදා දිනය වන විට අප සිරකරුවන්සේ කරගන්නට දෙයක් නොමැතිව සිටිනු දැකීමයි. මෙවැනි කුමණ්ත‍්‍රණවලට ඉඩ නොදෙන බවට අප තීරණය කළා. එම නිසා ජනතාව එක් රැස්වී ජනතාව සංවිධානය වනතුරු අරලිය ගහ මන්දීරය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සංකේතය බවට පත් කළා. මෙහි පැමිණ අපට සහයෝගය දුන් සෑම දෙනාටම අප ස්තූතිය පළ කරනවා.”





2018-10-30
Advertisement

Find us on Facebook