English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සොහොනක් නොමැති ඔබ සිහිකිරීම - ඔක්තෝබර 27


ඕනෑම ජාතියකට අයත් මිනිසෙකු මිය ගිය විට ඔහුගේ ආසන්න ඥතීන් ව්‍යවසනකාරී අත්දැකීමකට, කම්පනයකට පත්වේ. පසුව එම තැනැත්තා මිය ගිය ආකාරය තේරුම් ගැනීමත්, එය පිළිගැනීමත්, ඔහුගේ මෘත දේහය දැකීමත්, අවමංගල්‍ය උත්සවයක් පවත්වා දේහයට අවසන් ගෞරව දැක්වීමත් පසුව එම මිය ගිය තැනැත්තා වෙනුවෙන් තමන් අදහන ආගම අනුව පුද සත්කාර පැවැත්වීමත් මත මුලින් ඇතිවන ව්‍යවසනකාරී අත්දැකීම හා කම්පනය ක‍්‍රමයෙන් ක්ශය වී නැවත ප‍්‍රකෘර්ති තත්ත්වයකට එම ආසන්න ඥතීන් පත්වේ. නමුත්, තම ආසන්න ඥතියෙකු අතුරුදහන්වූ විට එම තැනැත්තාට වූ දෙයක් පිළිබ`දව දැනගැනීමට නොහැකි වූ විට, එය තේරුම් ගැනීමට නොහැකි වූ විට, ඔහුගේ දේහය නොදැකීම නිසා ඔහු ජීවතුන් අතර ද නැද්ද යන්න පිළිබදව නිගමනයක පැමිණීමට නොහැකි වූ විට, එම සිදුවීම පිළිබ`දව රාජ්‍යයෙන් හෝ සමාජයෙන් සාධාරණ විනිශ්චයක් ලබා නොදෙන තත්ත්වයක් තුළ පවුලේ ආසන්න ඥතීන්ට ඇති කළ ව්‍යවසනකාරී අත්දැකීම හා කම්පනය නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත් නොකර ඔහු හෝ ඇය මැරෙන තුරාවටම පවත්වාගෙන යනු ලබයි.

එමෙන්ම, එසේ පුද්ගලයෙකු අතුරුදහන්කරවීම තුලින් අයුක්තිය එරෙහිව කතා කිරීම හෝ පෙනී සිටීම තුලින් තමන්ටත් එවැනි අනතුරක් ඇති විය හැකි බවට එම පවුලේ සමාජිකයන්ට මෙන්ම සමාජයට ද විශාල හා බැරැරුම් පණිවුඩයක් ද ලබා දේ. එම හේතුව මත එම ඥාතීන් මෙන්ම මේ පිළිබදව අවබෝධයක් ඇති සමාජය ද අයුක්තිය අසාධාරණය ඉදිරියේ කතා නොකිරීමටත්, නිහඩව හා කරබාගෙන සිටීමටත් අවශ්‍ය අවකාශය මෙසේ අතුරුදහන් කරවීම් සිදුකරන්නන් විසින් සමාජයට ලබා දේ. මෙය සමස්ත සමාජයේ කොන්ද කඩා මුළුගන්වා තැබීමේ සාර්ථක උපක‍්‍රමයක් ද වේ.

ශී‍්‍ර ලංකාව අතුරුදහන්කරවීම් සම්බන්ධව දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. නිදහසින් පසුව ඇතිවූ විවිධ ජන නැගීටීම් මර්ධනය කිරීම සදහා ජර්මනියේ නාසිවාදීන් මෙන් නොවුවත්, අතුරුදහන්කරවීම් සාර්ථකව එවක සිටි පාලකයන් විසින් යොදාගත් බව ඉතිහාසය අපට පෙන්වා දෙයි. පසුගිය දශක පහක කාලය ස්ව කැමැත්තෙන් තොරව පුද්ගලයන් පැහැරගෙන යාම හෝ අතුරුදහන් කරවීම ශ‍්‍රී ලංකා රාජ්‍ය තුළ ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. විවිධ පර්යේෂණ හා විමර්ෂණ සංවිධාන මෙම අතුරුදහන් කරවීම් හෝ පැහැරගෙන යාම් පිළිබඳව විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇතත් එ් සෑම ලේඛනයකම අගය රටේ ජනගහනයෙන් 1.5% ට වඩා ඉහළ අගයක් ගෙන ඇත. 2009 වර්ෂය වැඩිම අතුරුදහන්කරවීම් ප‍්‍රමාණයක් වාර්තා වූ රට ලෙස ද ශී‍්‍ර ලංකාව පත් විය. මෙය ටිමෝරය, බොලිවියාව, මියන්මාරය, වැනි ලෝකයේ රටවල් කිහිපයකට දෙවැනි වූ අගයකි. එසේ හෙයින් අතුරුදහන් කරවීම් හා පැහැරගෙන යාම ශ‍්‍රී ලංකා රාජ්‍ය තුළ බරපතල සමාජ ගැට`ඵවක් බව පිළිගත යුතුව ඇත.



පසුගිය කාලය තුළ වරින්වර සිදු වී අතුරුදහන්වූවන් සිහිකිරීම පිණිස ස්මාරක දෙකක් දකුණේ ඉ`දි විය. ඉන් එකක් පාර්ලිමේන්තු වටරවුම අසල 1999 දෙසැම්බර් 10 වන දින ගොඩනැගූ අතර එය චිත‍්‍ර ශිල්පී ජගත් වීරසිංහ අතින් නිම විය. ‘‘අහිංසකයන්ගේ ආරාමය’’ නම් වූ එම ස්මාරකය විශේෂයෙන් ඇඹිලිපිටියේ සිදුවූ කෲර සිසු ඝාතනය සිහිවීම පිණිස රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව ඉදිවිය.

දෙවැනි ස්මාරකය 1989 ඔක්තෝබර් 27 වන දින කටුනායක නිදහස් වෙලද කළාපයේ සේවය කළ රංජිත් හා ඔහුගේ නීති උපදේශක ලයනල් සිහිකිරීම පිනිස ඔවුන් පහැරගෙන ගොස් මරා පුළුස්සා දැමුණු සීදුව රද්ෙදාළුව හන්දියේ ඉදිකිරීමට එදිනම එනම්, 1999 දෙසැම්බර් 10 වන දින මුල් ගල තැබූ අතර, එය ‘‘අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව’’ විසින් 2000 පෙබරවාරි 04 වන දින විවෘර්ථ කරන මහජන අයිතියට පවරන ලදී. එය ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ නිර්මාණයක් විය.



එදා අතුරුදහන්වුවන් සිහිකිරීම සදහා මිලියන හතරක වියදමින් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව ඉදිකළ ‘‘අහිංසකයන්ගේ ආරාමය’’ වල්බිහි වෙන්නට ඉඩ හැර, පසුව එම ස්ථානයේ ස්ථාපිත කළ මල්පැල විකුණුම් කරුවන්ගේ නිල නොවන වැසිකිලය බවට පත්කර තිබුනි. ඊට ටික කාලයක පසුව එය සහමුලින්ම පොලවට සමතලා කළ එම රජයම, ගොඨාභය රාජපක්ෂගේ දියත උයන නැමති නගරාලංකාර ව්‍යපෘතියක් එම භුමිය තුල ස්ථාපිත කරනු ලැබීය.

‘‘අහිංසකයන්ගේ ආරාමය’’ පොලවට සමතලා කරන අවධියේ දී සීදුව ගොඩනැගූ ස්මාරකය කඩා ඉවත්කිරීම සදහා ද පිඹුරුපත් සැකසුනු අතර, එයට මූලිකත්වය ගනු ලැබුවේ වර්තමාන කාදිනල් මැකලම් රංජිත් හිමිපානන් වීම මෙහි විශේෂත්වය විය. ඔහුගේ ඉල්ලීම වූයේ සීදුව ශාන්ත සිසිලියා දේවස්ථානය ඉදිරිපිට ඉදි වූ මෙම ස්මාරකය ඉවත්කර වෙනත් ස්ථානයක ස්ථාපිත කරන ලෙසත්, ඒ සදහා ඉඩමක් හා යන වියදම් කතෝලික සභාව විසින් ලබා දීමට කටයුතු කරන බවයි. නමුත් ඊට එල්ල වූ විරෝධතාවය නිසා පසුව එය අතහැර දමනු ලැබුවත්, මෙම ස්මාරකය වට තිබූ නිදහස් පරිසරය සම්පුර්ණයෙන් අවහිර වන සේ විශාල කොන්කී‍්‍රට් තාප්ප යොදා මෙම ස්මාරක භූමිය කොටුකරනු  දමනු ලැබීය. එමෙන්ම, මෙම ස්මාරකය ගොඩනැගූ දවසසේ සිට මෙහි පැමිණෙන දෙමාපියන්ට තම අතුරුදහන්වු ඥාතියා සිහිකර මල් පහන් තැබීමෙන්  පසුව පල්ලිය භූමියට ඇතුලූවීමට තිබු අවකාශය සහමුලින් අහුරා දැමීමට කතෝලික සභාව කටයුතු කරනු ලැබීය.     

දශක ගණනාවක සිට විසදී නැති ගැටළුවක්ව තිබූ ශී‍්‍ර ලංකාවේ අතුරුදහන් ප‍්‍රශ්ණය සම්බන්ධව බොහෝ දෙනාගේ අවධානය යොමු නොවූ මොහොතක එවැනි දේ ලංකාවේ සිදුවූ බවට ඇති මතකය පවා අමතක කර දැමීමට උත්සාහ කරන තත්ත්වයක් තුල 1991 සිට සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම් වලට එරෙහිවත්, අතුරුදහන්වු සියළුම දෙනා සිහිකිරිම, නැවත එවැනි සිදුවීම් ඇතිවීම වැලැක්වීමත් ස`දහා අවුරුදු 28 ක් තිස්සේ අඛන්ඩව හා වාර්ෂිකව අතුරුදහන්වුවන් සිහිකර මෙවැනි උත්සවයක් පැවැත්වීමට හැකිවීම අගය කළ යුතුය.

එමෙන්ම, අතුරුදහන්කරවීම ශී‍්‍ර ලංකා භූමිය තුලින් සහමුලින්ම අතුගා දැමීම සදහා මේ රටේ ප‍්‍රගතිශීලීන් විසින් ඉල්ලා සිටි අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීම සදහා වූ කාර්්‍යාලය ස්ථාපිත කිරීමත්, එම පවුල් වෙත සහන සැලසීම සදහා වන්දි කාර්්‍යාලය ස්ථාපිත කිරීමත්, අතුරුදහන්කරවීමට එරෙහි එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥ්ඥප්තියට අත්සන් තැබීම හා අතුරුදහන් කරවීම අපරාධ වරදක් බවට පත්කිරීමත් පසුගිය අවුරුදු 3ක කාලය තුල මෙරට ජනයා ලැබූ ප‍්‍රධාන ජයග‍්‍රහන්යන්  කිහිපයකි. එමෙන්ම පසුගිය අවුරුදු 3 තුල අතුරුදහන්කරවීම් පිළිබදව වාර්තා නොවීමත් අප ලැබූ තවත් ප‍්‍රබල ජයග‍්‍රහනයක් ලෙස සැලකිය හැක.

පිලිප් දිසානායක






2018-10-26
Advertisement

Find us on Facebook