English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සෞදි මාධ්‍යවේදී ජමාල් ඝාතනයට විරෝධය කොළඹ දී

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බූල් නගරයේ පිහිටි සෞදි තානාපති කාර්යාලයේදී ඝාතනය කිරීමට විරෝධය දැක්වීම සඳහා අද ( ඔක්තෝම්බර් 25, 2018 ) දින දහවල් 12 ට කොළඹ, හෝටන් පෙදෙසේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විනි. ජනමාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාදරයින්, මානව හිමිකම් ක්‍රියාදරයින් රැසක් ඒ සඳහා සහභාගි විය. මෙම විරෝධතාවය වෙබ් මාධ්‍යවේදීන් විසින් සංවිධානය කරන ලදි.

විරෝධතා බැනර්, පුවරු රැගෙන සහභාගි වූ ඔවුන් විවිධ ප‍්‍රකාශයන් හඩ නගමින් ප‍්‍රකාශ කරමින් විරෝධතාවය දැක්වීය. මෙම විරෝධතාවය වන අවස්ථාවේදී සෞදි තානාපති කාර්යාලයට හා අවට පොලිස් ආරක්ෂාව ද සපයා තිබිණි. එමෙන්ම මෙම විරෝධතාවය ආවරණය කිරීම සඳහා විශාල ජනමාධ්‍යවේදීන් පිරිසක් සහභාගි සිටියහ.


මෙම විරෝධතාවයට සහභාගි වූ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සමාජික, මීපුර වෙබ් අඩවියේ සංස්කාරක මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ අදහස් දක්වමින්, 

"මාධ්‍ය නිදහස අගයන මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් එක්වී සිටින්නේ මුළු ලෝකයම කම්පාවට පත් කරපු මාධ්‍යවේදියෙක්ගේ ඝාතනයක් පිළිබඳව. අපි පහුගිය දින කිහිපයෙහි මාධ්‍ය හරහා දැක්කා ඉතා තිරශ්චීන විදියට තුර්කියේ ඉස්තාන්බූල් නගරයේදී මේ ජමාල් කශෝගි ඝාතනයට ලක්වුනා. මේක අපිට කම්පනයට පත් කරන්න ප‍්‍රධාන හේතුවක් තමයි, ලංකාව තුළ පහුගිය රාජපක්ෂ රෙජීමය තුළ මාධ්‍යවේදී අපි හැම මේ වගේ බරපතල තර්ජනයකට ලක්වෙලා හිටියා. මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් 44 දෙනෙක් පහුගිය රාජ්‍ය සමයේදී ඝාතනයට ලක් වුනා. එන්න එවැනි සමයක් හරහා තමයි අපි අද ඒ පාලනයට පරාජයට පත් කරලා නිදහස් තත්ත්වයක් ඇති කරගත්තා. අද එක්තරා මට්ටමකට අපිට අද නිදහසක් ලැබිලා තියෙනවා මාධ්‍ය නිදහස වෙනුවෙන් වැඩ කරන්න. නමුත් අපි මේ රජයට අවධාරණයෙන් කියන්න කැමතියි මේ ඝාතනයට ලක්වෙච්ච මාධ්‍යවේදීන් 44 දෙනාගෙන් 41 දෙනෙක් දමිළ මාධ්‍යවේදීන්. නමුත් මේ 41 දෙනාගෙන් කිසිම අයෙකුගේ ඝාතන පරීක්ෂණයක් මේ වන විට සිද්ධ වෙන්නේ නැහැ. අපිට කියන්න කණගාටුයි මේ දමිළ මාධ්‍යවේදීන්, පැවති රාජපක්ෂ රෙජීමයේ අමණ පාලනය ලෝකයට කියන්නට විශාල මහන්සියක් ගත්තා. විශාල අවධානමක් දරමින් විශාල වැඩ කොටසක් කරපු පිරිසක්. නමුත් මේ යහපාලන රජයට බැරිවෙලා තියෙනවා ඒ අයට යුක්තිය, සාධාරණය ඉටු කරන්න.” පැවසීය.

එම වීඩියෝව පහතින්....





2018-10-25
Advertisement

Find us on Facebook