English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කටයුතු ඉබි ගමනේ

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් 2016 සිට මේ වන විට පුද්ගලයන් හය දෙනක් සඳහා ආරක්ෂාව ලබා දී ඇත. පරීක්ෂණ පැවැත්වීම හා ආරක්ෂාව සැපයීමේ නිලධාරීන් අවමවීමත්, වින්දිතයන් සඳහා දීමනාවන් ලබාදීම සඳහා අරමුදල් හිඟයක් ද පවතී.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය සඳහා රුපියල් මිලියන 40ක මුදලක් වෙන් කරන ලදි. මෙම අරමුදලේ මූලික කොටස භාණ්ඩාගාරය හරහා ලැබී ඇත්තේ බොහෝ ප‍්‍රමාද වී 2018 පෙබරවාරි මාසයේදීය. මෙම අරමුදල් ලබා දී ඇත්තේ පොලිසිය, විනිසුරුවන්,නීතිඥයින්, වෛද්‍යවරුන් සහ වෙනත් කණ්ඩායම් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වන අතර, අරමුදලේ තවත් කොටසක් යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා වේ.

අධිකාරිය 2016 ජනවාරි මස දී පිහිටුවන ලදි. හිටපු කොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් ගේ ප‍්‍රධානත්වයෙන් පරිපාලන කමිටුවක් පිහිටුවන ලදි. පලමු සේවකයන් බඳවා ගැනීම සිදුකරන ලද්දේ 2017 ජූලි මස දීය.

කාර්යාලය පිහිටුවන ලද්දේ බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ලමා මහේස්ත‍්‍රාත් අධිකරණයේ පලමු මහලේය. මේ කටයුතු සඳහා ප‍්‍රාග්ධන වියදම් වශයෙන් භාණ්ඩාගාරයෙන් ලබා දී තිබුණේ රුපියල් මිලියන 15 ක මුදලකි. ඊට ගෘහ භාණ්ඩ, පරිඝනක, ඇතුලත් වී නොතිබිනි. කෑම කාමරයක්, වායු සමීකරණයන් කාර්යාලය සතුව නොතිබිනි. සනීපාරක්ෂක පහසුකම් සඳහා නවීකරණයක් අවශ්‍යව තිබිනි. අවශ්‍ය කරනු ලබන ලිපිගොනු තැබීම සඳහා වූ කබඩ් පසුගිය සතියේදී ලැබිණි. අධිකාරියට 2016 වසරේ පැමිණිලි 12 ක් ලැබී තිබුණු අතර, 2017 දී 49 ක් ලැබිණි. මේ වසරේ මේ වන විට පැමිණිලි 70 ක් ලැබී තිබේ. විවිධ අභියෝගයන් මැද වුවද සියලූ පැමිණිලි සඳහා නීතිත්‍යානුකූලව ක්‍රියා කරනු ලබයි. ලැබෙන පැමිණිළි වර්ගීකරණයකට ලක් කරන අතර, බොහෝ පැමිණිලි අයිතිවාසිකම් උල්ලංඝණයන් සම්බන්ධ ඒවාය. සියලූම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී වින්දිතයන්ගේ අභිමානය හා පුද්ගලිකත්වය සුරැකෙන අයුරින් සිදුකෙරේ.

සාක්ෂිකරුවන්ට හිරිහැර කිරීම, භය ගැන්වීම, බලහත්කාරකම් කිරීම, සිදුවන්නේ නම් එවුන්ට මෙම අධිකාරියේ හරහා අවශ්‍ය ආරක්ෂාව ලබාගත හැකියි. අධිකාරියට පැමිණෙන පැමිණිලි වල ස්වභාවය අනුව පරීක්ෂණ හා ක්‍රියාමාර්ග ගනු ලබයි. නොඑසේ නම් අපරාධකරුට එරෙහිව පොලිසියේ පැමිණිලි කිරීමක් සිදු කරනු ලබයි. අධිකාරිය තමන්ගේ කටයුතු කොලඹ 12 මිහිඳු මාවතේ තිබෙන අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සඳහා වූ පොලිස් ඒකකය හා සම්බන්ධීකරණය කරනු ලබන අතර, එසේ නොවන පැමිණිලි අදාල වෙනත් ආයතන වෙත යොමු කරනු ලබයි.

ඉතාමත් ඉබි ගමනේ ගමන් කරනු ලබන වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂාව කිරීම සඳහා වූ අධිකාරිය අද රටේ පවතින තත්ත්වයන් අනුව මීට වඩා ක්‍රියාශීලී විය යුතු ආයතනයකි. අධිකාරියේ කටයුතු සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම මීට වඩා පුළුල් විය යුතු බව අයිතියේ අදහසයි. එමෙන්ම රටේ සිදුවන විවිධ අපරාධයන් හා දූෂණයන් ගැන ගෙන බැලීමේදී අධිකාරියේ ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය මොහොතක තිබෙන බව අපගේ අදහසයි. ඒ නිසා අධිකාරිය අවශ්‍ය මූල්‍යමය හා මිනිස් සම්පත්, අවශ්‍ය වෙනත් සම්පත් හා සහය ලබාදී එය ක්‍රියාශීලී ආයතනයක් බවට පත් කිරීම අදාල බලධාරීන්ගේ වගකීමක් සේ අපි සලකමු. මෙම පනතත්, අධිකාරියත් පිහිටුන ලද්දේ දීර්ඝ කාලයත් තිස්සේ රටේ තිබෙන මානව හිමිකම් සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් ගෙන යන ලද අරගලයක කොටසක් වහයෙනි. මෙවැනි අධිකාරියක පැවැත්මට එරෙහි බලවේග දේශපාලන ක්ෂේත‍්‍රයේත්, නීති ක්ෂේත‍්‍රයේත්, වෙනත් සෑම ක්ෂේත‍්‍රයකමත් ඇති බව පැහැදිලිය. ඔවුන් තීරණාත්මක ලෙස පරාජය කිරීමට නම් මෙම අධිකාරිය තවත් ශක්තිමත් කල යුතුය.

 




2018-10-24
Advertisement

Find us on Facebook