English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“සිංගප්පුරු ගිවිසුමෙන් කිිසිම අයුරකින් වෘත්තීය සේවා නිදහස් කරලා නැහැ.” - ආර්ථික උපදේශක කේ.ජී. වීරසිංහ

සිංගප්පූරු ගිවිසුමේ ඇත්ත කතාව මැයෙන් වූ මහජන මන්ත‍්‍රණ සභාව පසුගිය 18 වෙනි දි ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ දී පස්වරු 4.00 ට පැවැත්විනි. එය ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සිවිල් සංවිධාන එකමුතුව විසින් මෙහෙයවනු ලැබීය. එහි මූලික අදහස් දැක්වීම ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සිදු කරන ලද අතර ඊට අමතරව කරුණු දැක්වීම සඳහා මෙම ගිවිසුමේ සාකච්ඡුාවන් හී දී නායකත්වය ලබා දුන්, මෙම ගිවිසුමේ ප‍්‍රධාන සැලසුම්කරුවෙකු වූ කේ.ජී. වීරසිංහ මහතා ද එක්වී සිටියෝය. මේ සඳහා සිවිල් සමාජ ක්‍රියාදරයින් ද සහභාගි වීය. විෂය කරුණු ගැන උනන්දුවක් දක්වන විහාල පිරිසක් මේ සඳහා සහභාගි විය. ඉදිරිපත් කිරීම් වලින් පසුව පුළුල් සංවාදයක් ද ඇති විය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ කේ.ජී.වීරසිංහ මහතා.

“මෙවැනි ගිවිසුම් රජයේ වෙලඳ ප‍්‍රතිපත්තියේ අනිවාර්ය කොටසක්. රජයේ වෙළඳ ප‍්‍රතිපත්තියක් නැහැයි කියලා චෝදනාවක් තිබුනා. මෙම ගිවිසුමට ඇතුල් වෙන්න පෙර රජය විසින් වෙළඳ ප‍්‍රතිපත්තියක් සකස් කලා. ආචාර්ය කැලේගම ඇතුළු පිරිසක් එම ප‍්‍රතිපත්තිය සකස් කලා. ඒ වෙළඳ ප‍්‍රතිපත්තිය කැබින්ට්ටුව විසින් අනුමත කලා. එය ක්‍රියාත්මක කිරීමක් තමයි අපි කරගෙන යන්නේ. දැනට තියෙන ප‍්‍රධාන ආර්ථික වෙළඳ පොළ වන ඇමරිකාව සහ යුරෝපා සංගමය තමයි අපේ භාණ්ඩ වලින් සියයට 65 පමණ මිලදී ගන්නේ. මේ වෙළඳ පොළ දෙක ආරක්ෂා සහ සංවර්ධනය කරන ගමන්ම ඈත පෙර දිග හා ළග පෙර දිග වෙළඳ පොළවල් කරා යොමු වීමේ දර්ශනය ක්‍රියාත්මක කිරීමේ ප‍්‍රථිපලයක් හැටියට තමයි අපි ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කළේ. අපි දකුණු ආසියාව සමග සම්බන්ධකම් ඇති කරගන්න ගමන්ම අසියානු වෙළඳ පොළ සමග සම්බන්ධකම් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. මධ්‍යම කාලීන හා දිගු කාලීන ආර්ථික ගිවිසුම් වලට සම්බන්ධ වෙන්න අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි මේ ක්‍රියාවලිය කරගෙන යන්නේ. එහි කොටසක් ලෙස දකුණු ආසියාවට සම්බන්ධ වෙන්න අපිට පුලූවන් වුනා පකිස්ථානය සමග වෙළඳ ගිවිසුමක් ඇති කර ගන්න. ඉන්දියාව සමග ගිවිසුමේ අපි දැන් සාකච්ඡා වට 11ක්  පවත්වා තිබෙනවා. දෙසැම්බර් මාසයේ ඊළග සාකච්ඡාව කරන්න සැලසුම් කර තිබෙනවා. ලබන වසරේ මැද පමණ වන විට අපිට ගිවිසුමේ කටයුතු අවසන් කරන්න පුළුවන්. ඒ වගේම අපි සිංගප්පුරු ගිවිසුම අවසන් කලා. තායිලන්තය සමග අපි සාකච්ඡා වට දෙකක් පවත්වා තිබෙනවා. ඉන්දුනීසියාව, මැලේසියාව හා බංගලාදේශය ගැන අපි අධ්‍යයනයක් කරමින් යනවා. ඒ හරහා අපි සම්බන්ධ වෙනවා අසියානු රටවල්වලට. එවිට ඒ රටවල් වල තිබෙන නිෂ්පාදන ඡාලයන්ට අපි සම්බන්ධ වෙනවා.

මේ සාකච්ඡා එක පුද්ගලයෙක් හැටියට කරන සාකච්ඡා නෙමෙයි. මේ සාකච්ඡා කරන්නේ ඒ ඒ විශයයන්ට විශේෂඥ දැනුම තියෙන 11 දෙනෙක් ගෙන් සමන්විත කැබිනට්ටුවෙන් අනුමත සාකච්ඡා මෙහෙයුම් කමිටුවක් විසින් තමයි සාකච්ඡා පවත්වනු ලබන්නේ. ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය නිහාල් සමරප්පුලි, මුදල් අමාත්‍යයංශයේ ආර්ථික උපදේශක දේශාල් ද මැල් යන අය ඇතුළු විශේෂඥ පිරිසක් තමයි මේ සාකච්ඡා මෙහෙයවන්නේ. ඊට අමතරව ඒ ඒ විශය සඳහා කමිටු පත් කර තිබෙනවා. ඒ සඳහා අදාළ අමාත්‍යයාංශය නියෝජියන් ඇතුලත් වෙනවා.

මේ ගිවිසුම සකස් කිරීමේ දි අදලා වෘත්තීය සංගම් සමග සාකච්ඡා කරමින් තමයි මේ සාකච්ඡා අරගෙන ගියේ. සංචාරක කර්මාන්තය, ගොඩනැගිලි ඉදි කිරීම සම්බන්ධයෙන් ද, පරිගනක සම්බන්ධයෙන් ඊට අදාල වෘත්තීයවේදීන් සමග සාකච්ඡා කරමින් තමයි මේ ගිවිසුම සකස් කළේ. ඊට පසුව තමයි අපි ප‍්‍රතිපත්තිමය තීරණයන්ට පැමිණියේ. ඒ වගේම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, නිසි විදියට තමයි මේ ගිවිසුම අත්සන් කලේ. චෝදනාවක් තිබුණා කැබිනට් මණ්ඩලයේ නිසි අවසරයකින් තොරව මේ ගිවිසුම අත්සන් කලා කියලා. ඒත් ඒක සත්‍යය නෙමෙයි. නුමුත් අපි ලියකියවිලි සහිතව ඔප්පු කරලා තියෙනවා කියලා. ගිවිසුමට නිසි අවසරය ගෙන තමයි ජනවාරි මාසේ 16 වෙනිදා මේ ගිවිසුම අත්සන් කලේ. මේ සියලූ කරුණු පැහැදිලි අපි ජනාධිපති කමිටුවට ඉදිරිපත් කර තිබෙනවා. තුන් වතාවක් ඒ කමිටුව ඉදිරියේ පෙනී සිටියා.

අපි සියයට 80 ක් තීරු බදු නිදහස් කිරීම සම්බන්ධව සමහරු ප්‍රශ්න කරනවා. සමහරු කියනවා අපි ගිය දුර මදියි කියලා. අපි සියයට 20 ක් තියාගත්තා. එසේ කලේ සමබරතාවයක් ඇතිව මෙය කල යුතු නිසා. සියයට 20 ක් තිරු බදු අඩු නොකරන ලයිස්තුවට ඇතුළත් කළේ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමටත්, රජයට අවහ්‍ය අදායම ස්ථිර කිරීමටත් ය. 2017 වසරේ ඇමරිකානු ඩොලර් 1.2 බිලියනයක ආනයනය කර තිබෙනවා සිංගප්පූරුවෙන්. එයින් ඩොලර් මිලියන 750 ක් තෙල් සම්බන්ධයෙන් සිදුකරන ලද වියදම්. මේ වියදම් ගිවිසුමේ ඇතුලත් වන්නේ නිශේධ ලැයිස්තුවේ. රාජ්‍ය අදායම ආරක්ෂා කිරීමට එවැනි ප‍්‍රධාන භාණ්ඩ ගැන අපි තීරණයක් ගත්තා. සිංගප්පූරුව එවැනි භාණ්ඩ නිශේධ ලැයිස්තුවට ඇතුලත් නොකරන ලෙසට බලවත් ඉල්ලීමක් කලා. නමුත් අපි ඒකට එකඟ වුණේ නැහැ. අපි වෙළඳ අමාත්‍යංශයත් සමග සාකච්ඡා කරන අවස්ථාවන්හීදී එවැනි තීරණ ගත්තා. බොහෝම කල්පනාකාරීව මුදල් අමාත්‍යංශය විසින් මේ ප‍්‍රතිපත්ති තීරණ ගත්තා. මේ නිදහස්වීම් කරන්නේ අවුුරුදු 15ක කාල පරිච්ජේදයක් තුල. ගිවිසුමේ සෙස් බද්ද පිලිබඳව සඳහන් වන්නේ අඩු කිරීමක් කරන්නේ අවුරුදු 5 සිට අවුරුදු 10 ක කාලයක් තුල. ඒ අතර රජයට අවහ්‍ය ඕනෑම ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට අවස්ථාව දෙමින්.

අනෙක් කාරණය තමයි වෘත්තිකයන්ට නිදහසේ මේ රටට එන්න පුලූවන් කියන එක. නිදහස් වෘත්තිකයන්ට එනම් ගණකාධිකාරීවරුන්ට, වාස්තු විද්‍යාඥයින්ට, ඉංජිනේරුවන්ට, දොස්තරවරුන්ට, මේ මගින් රටට පැමිණීමට ඉඩ ලබා දෙනවයි කියන චෝදනාව. ඒක අසත්‍යක්. ගිවිසුම පැහැදිලිව කියවා බලන්න. වෘත්තීය සේවා අපි නිදහස් කරලා තියෙන්නේ ඉතාම සීමිතවයි. කිිසිම අයුරකින් වෘත්තීය සේවා නිදහස් කරලා නැහැ.”




2018-10-21
Advertisement

Find us on Facebook