English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“සිංගප්පුරු ගිවිසුම ගැන මාධ්‍ය පළකරන්නේ බොරු” - අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

අපිට අවශ්‍ය වෙන්නේ මේ සිංගප්පූරු වෙලඳ ගිවිසුම හරහා අපේ රටට ලෝකයේ වෙලඳ ජාලයට, නිෂ්පාදන ජාලයට එකතු කරන්න අවශ්‍ය වෙන පාලම් ටික හදාගන්න. ඒ පාලම් හරහා අපි බලාපොරොත්තු වෙනවා තාක්ෂණය, ආයෝජනය, මේ රටට ගෙනල්ලා සරල භාණ්ඩවල ඉඳලා සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන රටක් බවට පරිවර්තනය කරගන්න. ඒකයි අපි කරන්න හදන්නේ. මේකේ කුණු ගේන්න පුලූවන් ද, හරක්ගේ අං ගේන්න පුලූවන් ද, වී ආනයනය කරන්න පුලූවන් ද කියන කතා අපි මාධ්‍ය වල අහලා තියෙනවා. පත්තරවල බලලා තියෙනවා. මේවා අමූලික බොරු.”

“සිංගප්පූරු ගිවිසුමේ ඇත්ත කතාව” මැයෙන්වූ මහජන මන්ත‍්‍රණ සභාව පසුගිය 18 වෙනි දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පස්වරු 4.00 ට පැවැත්විනි. එය ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සිවිල් සංවිධාන එකමුතුව විසින් මෙහෙයවනු ලැබූ අතර, එහි  මූලික අදහස් දැක්වීම ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සිදුකරන ලදී. ඊට අමතරව කරුණු දැක්වීම සඳහා මෙම ගිවිසුමේ සාකච්ජාවන්හීදී නායකත්වය ලබා දුන්, මෙම ගිවිසුමේ ප‍්‍රධාන සැලසුම්කරුවෙකු වූ කේ.ජී.වීරසිංහ මහතා ද එක්වීය. විෂය කරුණු ගැන උනන්දුවක් දක්වන විහාල පිරිසක් මේ සඳහා සහභාගි වීමෙන්, පුළුල් සංවාදයක් ද මෙහිදී ඇති විය.


ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මූලිකව අදහස් දක්වමින් මෙසේ පැවසීය. 

“ අපේ රටේ විදේශය සංචාරකයෝ එනවා මිලියන දෙකක් දෙකහාමාරක්, සිංගප්පූරැවේ මුලූ ජනගහනයම ඉන්නේ මිලියන පහයි, සිංප්ප්පූරැවේම ඉන්න මුලු ජනගහනයම ලංකාවට ආවත් අපේ රටට වෙනත් රටවලින් පැමිණෙන විදේශීය සංචාරකයින් හා සමානයි. මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ලා මේක කොයි ආකාරයකින් දකිනවද කියලා.... අපිට තියෙන්නේ නොයෙකුත් කට්ටියගෙන් අභාෂය ලබාගත් මිශ්‍ර  සංස්කෘතියක්,  මම හිතන්නේ නැහැ සංස්කෘතියට මෙයින් හානියක් වෙනවා කියලා. සිංගප්පූරැ ගිවිසුමෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ ආයෝජනකයන්ට ගිවිසුම මගින් හානියක් වෙන්න පුලුවන් ද කියන එක එක පාරටම අපිට අහක දාන්න බෑ... මොකද අපි තරගකාරී වෙන්න ඕනා. අපි තරගකාරී වුනේ නැත්නම් සමහර ආයතනවලට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. අපිට දේශපාලන වශයෙන් බොරු කියන්න වුවමානවක් නැහැ. ඒ නිසාම තමයි අපි කාරණා කිහිපයක් නීතියක් හැටියට සකස් කරලා සම්මත කලේ, ප‍්‍රපාතන විරෝධී නීති ආරක්ෂණ පනත කියලා. අපිට පෙනෙනවා නම් ව්‍යාපාරිකයන් තමන්ට යන පිරිවැයට අඩුව විකුණනවා කියලා, අපේ වෙළඳ පොළ අල්ලගන්න උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න අපි පාර්ලිමේන්තුවේ නීති සම්මත කරලා තියෙනවා. අපි ඒ ගැන දීර්ඝ වශයෙන් හිතලා, අවශ්‍ය ක්‍රියා පටිපාටි අරගෙන තියෙනවා. අපි ව්‍යාපාර නැවත සකස් කිරීමට අවශ්‍ය පනතක් දැන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා තියෙනවා. යම් කිසි කණ්ඩායමකට මෙය සෘණාත්මකව බලපානවා නම්  ඔවුන්ට හැකියාව තියෙනවා මේ පනතට අනුව කටයුතු කරන්න, සමහර අවස්ථාවලදී මූල්‍යමය වහයෙන් ගෙවීමක් රජය විසින් සිදු කරනු ලබනව. ඒ වගේම ඔවුන්ගේ කාර්යයක්ෂතාවය වැඩි කරගන්න රජය විසින් ආධාරදෙනවා. ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය ලබා දෙනවා. අපි ඇත්ත ඇති විදියට දැකලා, කල යුතු දේ කරලා තියෙනවා. නිශේධන ලැයිස්තුවේ මේ ගොඩක් දේවල් දාලා තියෙනවා. බොහෝ අවස්ථාවලදී විරුද්ධව අදහස් දැක්වූ සපත්තු, බිස්කට්, රසකැවිලි, මේවා මේ නිශේධ ලැයිස්තුවේ තියෙනවා.  මෙම ව්‍යාපාරිකයන්ට සිංගප්පූරු ගිවිසුමෙන් සෘණාත්මක බලපෑමක් පැමිණීම වැලැක්වීම සඳහා ඒ භාණ්ඩ නිශේද  ලැයිස්තුවේ දාලා තියෙනවා. කවදා හරි ඔවුන්ට හිතෙනවා නම් අපිට මේ නිශේධ ලැයිස්තුවේ ඉන්න අවශ්‍යතාවක් නැහැ  කියලා, අපිට තරගකාරීව නිෂ්පාදනය කරන්න පුලුවන් කියලා, එවිට එයින් ඉවත් වෙන්න පුළුවන්. නමුත් ඉදිරි අවුරැදු 15 දක්වා ඒ ගැන හිතන්න අපේ බලාපොරොත්තුවක් නෑ.

දුම්කොල, ස්පිරිට්, මධ්‍යසාර තමයි අපි සිංගප්පූරුවෙන් ගේන්නේ. ඒවට තමයි අපි බදු ගහන්නේ. ඒ නිසා ඒවයේ බදු අයින් කරලා නෑ. සමහරු මේවා ගැන කියන කතා සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොරවයි. සේවා වෙලඳාම ගතහොත් සමහරු කියනවා මේක විවෘත කලොත් සේවා වෙලදාම විවෘත වෙනවා කියලා. සිංගප්පූරැවෙන් මිනිස්සු එනවා. තවත් කට්ටිය ඉන්දියාවෙන් ගේනවා. පකිස්ථානයෙන් ගේනවා. අපේ රස්සා ටික එක්කෝම ගන්නවා කියලා. ඒක කිසි විදියකටවත් වෙන්නේ නැහැ. දොස්තරවරු, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුලූවන්, ඒ අයට තමයි වෙනත් රටකට ගිහිල්ලා වැඩ කරන්න පුලූවන්. ඉතාමත් තදින් අවධාරණය කරලා කියන්න පුලූවන්. කිසිම විදියකට මේ වෘත්තීන් විවෘත කරල නැහැ.

සන්නාම වැනි දේ නැති වී යන්නේ නැහැ.  මගේ අදහස නම් මේ ගිවිසුම නිසා සන්නාමවල ඇති ශක්තිය වැඩිවේවි කියලා. සමහරු මාධ්‍යට ගිහිල්ලා දෝෂාරෝපණය කලාට ලිඛිතව ඔවුන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා නැහැ. ඔවුන් කෙතරම් ඒ ගැන උනන්දු ද කියලා එයින් ම දැනෙනවා. ඉංජිනේරුවන්ගේ ආයතනය ඉතාම වැදගත් විදියට ඉංජිනේරු වෘත්තිකයන්ට බලපාන ප‍්‍රශ්න 22 ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා වැදගත් හොඳ ප‍්‍රශ්න . ඒ ප‍්‍රශ්න වලට අපි පැහැදිලි පිිලිතුරු දීලා තියෙනවා. රුපවාහිනියට ඇවිල්ලා දේශපාලන ප‍්‍රශ්න අහනවට වඩා ඒ වෘත්තිකයෝ මේ විදියට ප‍්‍රශ්න ඉදිරිපත් කරනවා නම් ඒ කට්ටියට ඒ ප්‍රශ්න වලට පැහැදිලි පිලිතුරු දෙන්න පුළුවන්.

පකිස්ථානයේ දොස්තර මහත්තයෙක්ට පුලූවන්ද සිංගප්පූරු ගිවිසුම හරහා කොට්ටේ ඩිස්පෙන්සරියක් ඇරලා බෙහෙත් කරන්න. විවේචකයෝ කියනවා එහෙම කරන්න පුළුවන්ලු. එහෙම කරන්න බෑ. පකිස්ථානය කියන්නේ තුන්වෙනි ලෝකයේ රටක්. ඒ වගේ රටක කෙනෙක්ට සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට එන්න බෑ. මේ ගිවිසුම හරහා කොයි ක‍්‍රමයකින්වත් වෘත්තිකයන්ට මෙහෙට ඇවිල්ලා ඔවුන්ගේ වෘත්තියේ නියැලෙන්න බෑ. මම වගකිවයුතු රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට නැවතත් මේ දේ කියනවා. අවධාරණය කරලා කියනවා. කිසිම වෘත්තිකයෙක්ට, සිංගප්පූරුවේ පුරවැසියෙක්ට ස්වාධීන වෘත්තිකයෙක් හැටියට ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න බෑ. ඔය කියන කතා සියයට සියයක් සාවද්‍යයි. පට්ටපල් බොරු.

ජනාධිපතිතුමා පත්කරලා තියෙනවා කමිටුවක් මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මැතිතුමාගේ සභාපතීත්ත්වයෙන්. එතුමා සිංගප්පූරු ගිවිසුම ගැන දරපු අදහස් රටම දන්නවා. අපි බලමු ප‍්‍රථිපලය කුමක්ද කියලා. විශාල පිරිසක් එහිදී කරුණු දක්වලා තියෙනවා. අපිත් දීර්ඝ වශයෙන් කරුණු දක්වලා තියෙනවා. අපි සියලූ ලියකියවිලි සහතිව ඒවා ඉදිරිපත් කලා. එවුන් අපක්ෂපාතීව වාර්තාව ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි සභාපතිතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමාගේ මතය අපිට වාසි නෑ. ඒත් අපි හිතනවා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා වාර්තාවක් ලබාදෙයි කියලා. රතන හිමියන් එක්සත් ජාතික පක්ෂයේ නෙමෙයි. උන්වහන්සේ හිටියේ හෙළ උරුමයේ. දැන් එයින් අයින් වෙලා. මම දන්නේ නැහැ උන්වහන්සේගේ පක්ෂය කුමක්ද කියලා. නමුත් ඒ ඉදිරිපත් කරන තර්කවලට පිිලිතුරු තමයි අපි ලබාදුන්නේ. උන්වහන්සේ ප‍්‍රශ්න කළා පමණයි. බලාපොරොත්තු වුනා පිිලිතුරු. ඒ පිලිතුරු ලැබිලා තියෙනවා.

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වෙන බ්‍රෙක්සිට් එක තාම වෙලා නෑ. මගේ හිතේ සැකයක් තියෙනවා එය ක්‍රියාත්මක වෙයිද නැද්ද කියන එක ගැන. සමහර විට දෙවැනි ජනමත විචාරණයකට යන්න සිදුවේවි. දැන් මහා බ්‍රිතාන්‍ය වැසියන්ට වැටහෙනවා එය හොඳ දෙයක් නෙමෙයි කියලා. ඒ ගැන කතා කරපු අය පක්ෂයෙන් අයින් වෙලා. තේරේසා මේ ටත් දැන් යන එන මං නැතිවෙලා තියෙන්නේ. ඒ වෙලාවේ ඒක කලාට එවුන් තේරුම් ගත්තේ නැහැ යුරෝපා සංගමයේ සිටීම හරහා එවුන්ට ලැබෙන වාසි පිලිබඳව. ලංකාවේ සියයට 40 ක්ම අපනයන යවන්නේ මහා බ්‍රිතාන්‍යට තරුණ කට්ටිය ඡන්දය දෙන්න ගියේ නෑ. තරුණ කට්ටිය ඡන්දය නොදුන්නට ඒ කට්ටියට වුවමනා වුනා යුරෝපා සංගමයත් එක්ක ඉන්න. එවුන්ගේ අනාගතය තියෙන්නේ යුරෝපා සංගමය එක්ක තියෙන බැඳීම හරහා.

ට‍්‍රම්ප් මොනවා කරනවද කියලා කවුරුත් දන්නේ නැහැ. අපේ රටෙත් එහෙම කට්ටිය ඉන්නවා. හිටපු ගමන් ට‍්‍රවිට් එකක් ගහනවා. ට‍්‍රම්ප් දන්නෙත් නැහැ මොකක්ද වුනේ කියලා. ට‍්‍රම්ප්ට පුළුවන් එහෙම දේවල් කරන්න මොකද ඔහුට හයිය තියෙනවා. ට‍්‍රම්ප් ඊළග දවසේ කියන්නේ නැහැ කිව්වේ නැහැ කියලා. හාර්ලි ඩේවිඩ්සන් කියන මෝටර් බයිසිකලය තමයි ඇමෙරිකාවේ ආඩම්බරය. කොන්ඩේ  වවාගෙන, ලෙදර් ජැකට් එකක් දාගෙන, කකුල් උඩට දාගෙන, ස්පීකර් එකකුත් හයි කරගෙන, 1500 සීසී බයිසිකල් 25 විතර කන් පැලෙන්න සද්දේ දාගෙන යනවා. හාර්ලි ඩේවිඩ්සන් අයිතිකාරයා දැන් තායිලන්තයට යනවා. ට‍්‍රම්ප් යුරෝපයටත්, චීනයටත් දාපු සම්බාධක නිසා. ඇමෙරිකන් ආර්ථිකය ඉදිරියට යන්නේ බදු කපා හැරිය නිසා මිසක් නිෂ්පාදනය වැඩි වෙලා නෙමෙයි. මේ තත්ත්වය ඉදිරියට ගෙන යාම ගැන ට‍්‍රම්ප්වත් හිතලා නෑ. අද ලෝකය වෙළඳ අර්බුදයකට ගමන් කරනවා. මේ තත්ත්වය ට‍්‍රම්ප්ටත් හොඳ නැහැ, චීනයටත් හොඳ නෑ. අපි බලන්න  ඕන අපි ගොඩවෙන්නේ කොහොමද කියලා.




2018-10-19
Advertisement

Find us on Facebook