English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ජනාධිපතිට හා අගමැතිවරයාට දේශපාලන අභිලාශයක් නෑ” ජොන්ස්ටන් නිදහස් වීම ගැන නාමල් රාජපක්ෂ කියයි.

ඊයේ (17) දින කුරුණෑගල මහාධිකරණයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස මුදල් අවභාවිතාවීම පිලිබඳ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, රටේ ජනාධිපති වරයාටවත්, අගමැතිවරයාටත් කිසිම දේශපාලන අභිලාශයක් නොතිබීම නිසා මෙම නඩු දිගටම පවත්වාගෙන යාමට නොහැකි වූ බවයි. දිගටම මේ තත්වය පැවතුනොත් විශාල ඛේදවාචකයකටද මුහුණ දීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

තවද, “ 2015 ජනවාරි 08 වැනිදා අපි මේ ආණ්ඩුවට බලය දුන්නේ නඩු මේ විදියට ඇද යමින්, සාක්ෂිකරුවන් දුර්වල කරලා, චුදිතයින් මේ විදියට නිදහස් වෙනවා බලන්න නෙමේ. බොහොම පැහැදිලිව පේනවා සතොස මුදල් අවභාවිතා උනා කියල. අධිකරණය උනත් ඒ අවස්ථාවේ හරියට කාර්යාභාරය ඉෂ්ඨ කලේ නෑ. සාක්ෂිකරුවන් මේ විදියට සාක්ෂි වෙනස් කරලා කියන අවස්තාවකදී, අධිකරණය අවදානය යොමුකරලා පරීක්ෂණයක් සිදු කලයුතුයි.”

සම්පුර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...





2018-10-18
Advertisement

Find us on Facebook