English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සියදිවි හානිිකර ගැනීම් අතිින් ධර්මද්විපය සිිව් වැනිි තැනට !
ලෝකය පුරා සෑම තත්තපර 40කට වරක් පුද්ගලයෙකු සියදිවි නසාගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකළ සමික්‍ෂණයකට අනුව වාර්තා කරයි. එමෙන්ම, ලෝකයේ වැඩියෙන්ම සියදිවි නසාගන්නා රටවල් අතරින් ශ‍්‍රී ලංකාව සිව් වන ස්ථානයේ පිහිටන බව ද එම වාර්තාව සඳහන් කරයි. මෙම සමීක්‍ෂණය සඳහා ලොකයේ රටවල් 172ක් ශ්‍රේණිගතකර ඇත.

රටකරවන බලධාරින්ට අනුව මෙතරම් ධාර්මික රටක, සෑම අතකින්ම සංවර්ධනය වෙමින් ආශ්චර්යයක් කරා වේගයෙන් පියවර තබන රටක, ජනතාව සිය දිවි හානිකරගන්නේ මන්ද ? ලැයිස්තුවේ සිව්වැනි තැනට පැමිණෙන්නට තරම් ශ‍්‍රී ලාංකීක ජනතාව තමන්ගේ වටිනා ජීවිතය තමන් විසින් ම නසා ගන්නේ මන්ද යන්න ? කී.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරනු ලැබු මෙම ශ්‍රේණිගත කිරීමට අනුව, ලොව වැඩිවශයෙන්ම සියදිවි නසා ගන්නා රට ලෙසට ඝානාව නම්කර ඇති අතර, එහි සියදිවි නසා ගැනීමේ ප‍්‍රතිශතය ලක්‍ෂයකට 44.02%ක් ලෙස පෙන්වා දෙයි.

උතුරු කොරියාව හා දකුණු කොරියාව මෙම ශ්‍රේණිගත කිරිමේ දෙවන හා තෙවන ස්ථාන හිමිකරගන්නා අතර උ කොරියාවේ සියදිවි නසා ගැනිමේ ප‍්‍රතිශතය 38.05% ක් ද , ද කොරියාවේ ප‍්‍රතිශතය 28.09% ක් ද වන බව සඳහන් වෙයි.

ඒ අනුව, සිව්වන ස්ථානයට පත්ව ඇති ශ‍්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ ප‍්‍රතිශතය 28.08% කි. දෙවන ස්ථානය ගනු ලැබු දකුණු කොරියාවට වඩා අඩුවී ඇත්තේ දශමයකිනි.


සමස්ත ලොව තුළ මෙසේ වසරකට මිය යන ප‍්‍රමාණය 800,000 කි. එයින් බහුතරය වාර්තා වන්නේ ඌන සංවර්ධිත රටවල්වලින් වන අතර ආගමික, සංස්කෘතික, සමාජීය හා ආර්ථීක සාදක සියදිවි නසා ගැනීම කෙරෙහි සෘජුව බලපාන බව ද සොයාගෙන ඇතැයි වාර්තා වෙයි.

තරුණ ජනතාව අතර මරණවලට දෙවන ප‍්‍රධාන හේතුව වී තිබෙන්නේද සියදිවි නසා ගැනීම බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වන අතර බොහෝ විට උදැසන වරුව මෙසේ දිවි නසා ගැනීමට ප‍්‍රමුඛ කරගන්නා බවත් ඒ සඳහා රාත‍්‍රීය පුරා නිදිවැරිම හෝ මානසික අසමබරතාවය උත්පේ‍්‍රරක සපයන බව ද සඳහන් කරයි.

සියදිවි නසාගැනීමේ ශ්‍රේණිගත කිරීමට අනුව අසල්වැසි ඉන්දියාව සිටින්නේ ද දස වන (10) ස්ථානයේය.

ශ‍්‍රි ලංකාව වැනි ඉතාම කුඩා රටක, සුළුතර ජනගහණයක් සිටින රටක (මිලියන 20,483.00) මේ සා මහත් සිය දිවි හානිකර ගැනීම් දිගින් දිගටම වාර්තාවන්නට සිදුවුවහොත් රටට අනාගතයක් තිබේද? වේගයෙන් සංවර්ධනය වන රටේ ජිවත්වන්නට, රට කරවන්නට හා ආශ්චර්යය භුක්ති විඳින්නට ජනතාවක් ඉතිරිවේවිද ? ආශ්චර්යය ගොඩනගන්නට පෙර, දැසට පෙනෙන සංවර්ධනයට පෙර එය භුක්තිවිඳිම සඳහා ජීවත්විය යුතුව ඇති ජනතාවගේ මනස් හදන්නට සහ පෞද්ගලීක මෙන්ම පොදු අරගලයන්වලට විසඳුම් ලබාදීමට රටකරවන බලධාරීන් පියවර ගතයුතුය. මන්ද, පෙනෙන සංවර්ධනයේ කාන්තියට වඩා මතුපිටට නොපෙනෙන තනිකමේ, පීඩනයේ, කම්පනයේ අන්ධාකරය වඩාත් ගැඹුරු හා වඩාත් භයංකාර නිසාය.

රටේ සංවර්ධනයක් අවැසිමය. ජනතාව සහ පැවැත්ම දියණු විය යුතුමය. එහෙත් ඊට සමගාමිව ජනතාවගේ මනස් හා පැවැත්ම ද දියුණු නොවුවහොත්, මනස් හා පැවැත්ම උසස් නොවුවහොත්, සිතුම් පැතුම් හා අපේක්‍ෂාවන් උසස් නොවුවහොත්  සහ  එදිනෙදා දිවියේ අභ්‍යන්තරයේ පවතින අරගලවලට සැබෑ විසඳුම් නොලැබුනහොත් ඒ නිසාම සිය වටිනා ජීවිතවලින් සමුගතහොත් මේ රට බෞද්ධ ධර්මය රජයන රටක් ලෙසට කෙසේ සතුටු වන්න ද ? ප‍්‍රධාන ආගම් හතරක් ජීවය දෙන රටක් සේ කෙසේ සතුටු වන්නද ? 

ඡායාරූපය  -  අන්තර්ජාලයෙන්
-MMP




2014-09-09
Advertisement

Find us on Facebook