English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අද මාධ්‍යට කතා කරන්න තියෙන්නේ සංවිධානාත්මක අපරාධ ගැන විතරයි! - පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

“අපි දන්නවා එක කාලයක් තිබුනා පොලිසියේ කටයුතු මෙහෙයවනු ලැබුවේ දේශපාලඥයින් විසින්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරි, ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හරි. ඔවුන් පොලිසියේ ස්ථානාධිපතිව පාලනය කරන කාලයක් තිබුනා. රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට රජයේ බලගතු අය සම්බන්ධ වුනු යුගයක් තිබුනා. ඒ යුගය අවසන් කරනවා කියලා තමයි අපි ආවේ. නීතියේ සාධාරණත්වය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න අපිට පුලූවන් වුනා.”

“මේ දවස්වල පොලිසියටත්, පොලිස්පතිතුමා සම්බන්ධවත්, වෙනත් පොලිස් නිලධාරීන් සම්බන්ධවත් විවිධ චෝදනා එල්ල වෙනවා. පොලිසියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධවත්, අපරාධ සම්බන්ධවත් කතා කරනවා. අපට කල්පනා කරන්න වෙනවා කොහොමද අපි කල්පනා කළ යුත්තේ අපරාධ සම්බන්ධව කියලා. අද ලංකාවේ සිදුවන බොහෝ අපරාධයන් සමග මත්ද්‍රව්‍ය ජාවාරමත් සම්බන්ධ වෙනවා. මේ අපරාධ සිද්ධ කරන අයට විශාල ආර්ථික ශක්තියක් ලැබෙනවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන්. මත්ද්‍රව්‍ය ජාවාරමයි සංවිධානාත්මක අපරාධයි දෙකම එකටයි යන්නේ. අපි මේ දෙකම මර්ධනය කරන්න  ඕනා. මේ දෙකම අවම කරන්න කටයුතු කරන්න  ඕනා. අපි 2009 පස්සේ පශ්චාත් යුද සමයක ඉන්නේ. නමුත් අපි පැහැදිලිව කියන්න  ඕනා 2015 ජනවාරි 08 වෙනි දා අපි ජනතාවගේ ඡන්දයෙන් යහපාලනයක් ඇති කලා. එතැන් සිට අපිට වුවමානව තිබුනා විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය ස්වාධීන පොලිසියක් කරන්න. දේශපාලන බලපෑම්වලින්, දේශපාලන ඇගිලිගැසීම්වලින් තොර පොලිසියක් කරලා නීතියෙන් සාධාරණත්වය ලබාදීලා සාමය ඇති කරන්න. අපි ඒක නිසාම ජනතාවට පොරොන්දු වුනු විදියට ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක් ඇති කලා. ඉන් පොලිසියට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. අපි දන්නවා එක කාලයක් තිබුනා පොලිසියේ කටයුතු මෙහෙයවනු ලැබුවේ දේශපාලඥයින් විසින්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරි, ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හරි ගිහිල්ලා පොලිසියේ ස්ථානාධිපතිව පාලනය කරන කාලයක් තිබුනා. රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට රජයේ බලගතු අය සම්බන්ධ වුනු යුගයක් තිබුනා. ඒ යුගය අවසන් කරනවා කියලා තමයි අපි ආවේ. නීතියේ සාධාරණත්වය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න අපිට පුලූවන් වුනා. ඒ නිසාම මත්ද්‍රව්‍ය සම්බන්ධව, සංවිධානාත්මක අපරාධ සම්බන්ධව යම් පාලනයක් ඇති කරන්න පහුගිය කාලේ අපිට පුළුවන් වුනා.

නමුත් අද ජනතාවට පුවත්පත් වලින්, විද්යුත් මාධ්‍යවලින් පුළුවන් අපරාධ ගැන කතා කරන්න. පහුගිය කාලේ යුද්ධය ගැන කතා කලා. යුද්ධය අවසන් වෙලා වීරත්වය ගැන කතා කළා. ඒ වගේම දේශපාලනඥයන්ගේ න්‍යාය පත‍්‍රයන්ට වැඩ කරන පුවත්පත් හා විද්යුත් මාධ්‍ය තිබෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරපු අවදියක් තිබුනා. මාධ්‍යවේදීන් පැහැරගෙන ගිය අවදියක් තිබුනා. විරුද්ධ පක්ෂවල අයට කරදර කරපු අවදියක් තිබුනා. අද ඒ සියලූ දේ නැති නිසා අද කතා කරන්නෙම අපරාධ ගැන. අපි සතුටු වෙනවා මාධ්‍යයන්ගෙන් යම් අවදි කිරීමක් සිදු කිරීම ගැන. අපේ රජය යටතේ අපරාධ,මිනීමැරුම් අඩුවීමක් වෙලා තියෙනවා. ඊට අමතරව මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ අඩුවෙලා තියෙනවා. 2013 වසරේ මිනීමැරුම් 586 ක් වාර්තාවෙලා තියෙනවා. 2014 වසරේ 548 යි. 2015 වසරේ 476ට අඩුවෙලා තියෙනවා. 2017 452 ක්. මේ වසරේ ජූලි මාසේ 31 වෙනි දින වන විට 280 වාර්තා වෙලා තියෙනවා. පැහැදිලිවම අපරාධවල අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීම 2013 56 ක් තියෙනවා. 2015 දී 51 යි. 2017 වන විට 41 ක් තරම් අඩුවෙලා තියෙනවා. අද වන විට 37 ක් වෙනවා. මේ 37 න්, 28 වෙලා තියෙන්නේ බස්නාහිර සහ දකුණු පළාත්වල. අද අපරාධකාරයන් රටින් පිට පැනලා තියෙනවා. මොකද පොලිසිය මේ අය පසුපස්සේ යන නිසා අත්අඩංගුවට ගන්න. අපි මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම් වැඩි කරලා තියෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය මිළ දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. අපරාධ තවත් අඩුකරන්න පුළුවන්. අපි ක්ෂණික මෙහෙයුම් ඒකක 25 ක් හදන්න සැලසුම් කරලා තියෙනවා අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන්න. දැනට පාලනය වෙන්නේ එක තැනකින්. විශේෂ කාර්ය බලකාය මෙහෙයුම් සඳහා අපි යොදාගන්නවා.

අපරාධ පෙන්වන එක වැඩි වෙලා තියෙනවා. මාධ්‍යයෙනුත් ඉල්ලනවා වාර්තාකිරීම් සාධාරණව සිදුකරන්න කියලා. පොලිසිය සැම විටක විවේචනය නොකර ඔවුන් කරන ක්‍රියාකාරිත්වයන් සම්බන්ධයෙන් ගරුත්වයක් දෙන්න. ඒ සම්බන්ධයෙන් හොඳින් කතා කරන්න.”


ඔක්තෝම්බර් මස 03 වෙනි දින කොළඹ ගුවන්විදුලි සංස්ථාවේ පැවති "සත්‍යයේක්ෂණය" සංවාදශීලී වැඩ සටහනට එක්වෙමින් රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ අදහස් පළකළේය.

තවද, අධිකරණ හා බණ්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාල, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ, ජේෂ්ඨ ජනමාධ්‍යවේදී, රාවය හිටපු කර්තෘ සහ අනිද්දා පුවත්පතේ කර්තෘ නීතිඥ කේ.ඩබ්.ජනරංජන යන අයගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ තේමාව වූයේ සංවිධානාත්මක අපරාධ මර්ධනයයි.




2018-10-15
Advertisement

Find us on Facebook