English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“හානිපූර්න පනත ගැන අසත්‍ය මිස, සත්‍ය ප්‍රකාශයන් හිටපු හමුදා නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.” - බ්‍රිටෝ ප්‍රනාන්දු

“මේ පනතේ අඩුපාඩුකම් නැතුව නොවේ. මේ පනතේ හැටියට පත් වන කොමිසම ගන්නාවූ හැම තීන්දුවක්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතුව තියෙනවා. ඒ නිසා අපිට සැකයක් තියෙනවා එහි ස්වාධීනත්වය පවත්වාගෙන යාමේදී බාධා මතු වෙයි කියලා. නමුත් ඒ අඩුපාඩුකම් මැද්දේ හරි මේ පනත සම්මතවීම ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා.

මේ පනතේ ලැබෙන සහන සිංහල, මුස්ලිම්, දෙමළ බේදයකින් තොරව විපතට පත් සියල්ලටම ලැබෙයි කියල හිතනවා. නමුත් මේ අමුලික බොරු ප්‍රචාරයන් ගෙන යන හිටපු හමුදා නිලධාරීන් හා ඒකාබද්ද විපක්ෂයෙන් අපිට කවදාවත් මේ පනත ගැන අසත්‍ය මිස සත්‍ය ප්‍රකාශයන් බලා පොරොත්තු වෙන්න බෑ” යනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ හානිපූර්නය පිලිබඳ පනත සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් ගෙන යන අසත්‍ය ප්‍රචාර ගැන අදහස් දක්වමින් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අයිතිය වෙබ් අඩවිය වෙත අදහස් පළ කළේය

සම්පුර්ණ අදහස් පහත වීඩියෝවෙන්...





2018-10-15
Advertisement

Find us on Facebook