English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් ක්‍රියාකාරීන්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනා සඳහා අනුමැතිය අද පාර්ලිමේන්තුවේදී හිමිවිය. ඒ අනුව ආචාර්ය ජයන්ත ධනපාල, නීතිඥ ජාවෙඩ් යුසෆ් හා කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහතුන් පත් වූ අතර, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට පළමුවරට රැස් වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාමාජිකයින් 10 දෙනා මේ වන විට පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා හා විපක්ෂනායකවරයා නිළ බලයෙන් ඒ සඳහා පත් වේ.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහත්, විපක්ෂනායකවරයාගේ නියිජිතයා ලෙස පාර්ලිමේන්තු මංත්‍රී චමල් රාජපක්ෂත්,  පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පත්කර අත්තේ තලතා අතුකෝරල අමාත්‍යවරියයි.

තවද සුළු පක්ෂ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පත්කර ඇති අතර, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම ව්‍යවස්ථා නිළ කාලය වසර 03 ක් වේ.




2018-10-11
Advertisement

Find us on Facebook