English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුලත් කිරීම, සිවිල් සමාජයට මඟ හැරුණු දෙයක්!” - නීතිඥ ජගත් ලියනආරච්චි

“19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුලත් කිරීම කියන කාරණය සිවිල් සමාජයේ ඉල්ලීමක් නොවේ. එවැනි සාකච්ඡාවක් සිවිල් සමාජය තුල තිබුනෙත් නෑ. තිබුණේ පනතක් ගෙන එම පමණයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයින් විසින් ස්ව කැමැත්තෙන් ඇතුල් කරපු දෙයක් විදියටයි මම දකින්නේ.” යැයි නීතිඥ ජගත් ලියනආරච්චි මහතා පැවසීය.

ඇත්තම කිව්වොත් තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුල ඇතුලත් වී තිබු නිසා තමයි, අද තොරතුරු පනත බලාත්මක වෙලා තියෙන්නේ. එහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාපක වරුන්ට අපි ස්තුති වන්ත විය යුතුයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තොරතුරු අයිතිය හා එහි සීමාවන් ඇතුලත් කර තිබෙන නිසා පාර්ලිමේන්තුවට අද බැරිවෙලා තියෙනවා එම තොරතුරු අයිතිය ඉක්මවා යන පනත් පනවන්න.” යැයි ඔහු තව දුරටත් පැවසීය.

ඒ පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව තුල පැවති සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිනි. එය නිදහසේ වේදිකාව විසින් සංවිධානය කර තිබුණි.

එම වීඩියෝව පහතින්...





2018-10-11
Advertisement

Find us on Facebook