English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විදුහල්පතිනිය දණ ගැස්සීමේ සිද්ධියේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ අවසන්
2018 ජනවාරි මස 09 වෙනි දින බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ආර්. බවානි මහත්මියට බැන වැදී, දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තම පරීක්ෂණ තත්ත්වයන් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
 
2018 ජනවාරි මස 09 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ආර්. බවානි මහත්මිය විසින් පළමු වසරට දරුවෙකු ඇතුළත් නොකළ බවට චෝදනා කරමින්, ඌව පලාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් අසැබි හා පරුෂ වචන භාවිතා කරමින් බැන වැදී ඇයව දණ ගස්සවා තිබේ. මේ සිදුවීම මාධ්‍ය මගින් ප‍්‍රචාරයවීමෙන් අනතුරුව, විශාල විරෝධයක් රට තුළ ඇති විය. සමාජයේ සෑම ජන කොටසක් වෙතින්ම ඒ සඳහා විරෝධයක් මතු විය. ජනමාධ්‍යයන් තුළින් විරෝධය දක්වන අදහස් විශාල වශයෙන් ප‍්‍රචාරය විය. විවිධ පලාත්වල උද්ඝෝෂණයන් ද පැවැත්විනි.

මේ තත්ත්වයන් මැද ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මධ්‍යම පලාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට ඔහු දරණ අධ්‍යාපන අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට නියෝග කළේය. ඔහුගේ මධ්‍යම පලාත් ප‍්‍රධාන අමාත්‍ය ධූරයෙහි වෙනසක් නොවීය. නමුත් පසුව නැවතත් ඔහුව එම තනතුරේම පිහිටුවන ලදි.

මේ සම්බන්ධව මාධ්‍ය මගින් වාර්තා වීමෙන් පසුව මානව හිමිකම් කොමිසම මේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කළ අතර පසුව ලංකා ගුරු සංගමය සහ කැෆේ සංවිධානය ද මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබුනි. අද වන විට එහි පර්යේෂණ අවසන් වී නිර්දේශයන් සදහා අනුමැතිය ද ලැබී ඇති බව මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

නමුත් පැමිණිලි පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තාවීම මත මානව හිමිකම් කොමිසම තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය යම් විමසීමක් සිදුකරන්නේ නම් එම තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරිමට මානව හිමිකම් කොමිසම බලාපොරොත්තු වේ.




2018-10-10
Advertisement

Find us on Facebook