English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මැතිවරණ සැණකෙළිය වෙනුවෙන් පාසැල් ළමෝ ගෙදර !
ඌවේ පළාත් සභා මැතිවරණයේ ජයග‍්‍රහණය අරඹයා හමුදා සංදර්ශන පැවැත්වීම සඳහා (හමුදාව ආණ්ඩුවේය) පළාතේ පාසැල් 03ක් 11වන දා තෙක් වසා දමා ඇති අතර ලංකා ගුරු සේවා සංගමය ඊට දැඩි විරෝධය දක්වයි. සිසුන් 6000කගේ අධ්‍යාපනය අඩාලයි. හමුදාව පාසැල්වල ලැඟුම් ගනිති.
 
ඌව පළාතේ ආණ්ඩුවේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් වක‍්‍ර ආකාරයක ප‍්‍රචාරයක යෙදෙමින් ප‍්‍රදේශයේ පාසැල් වසා දමා දරුවන්ගේ අධ්‍යාපනයට කරනු ලබන මෙකී අනවශ්‍ය බලපෑමට අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සම්පුර්ණයෙන් වගකිව යුතු බව ලංකා ගුරු සේවා සංගමය කියා සිටියි.

සිය විරෝධය දක්වමින් ලංකා ගුරු සේවා සංගමය විසින් අධ්‍යාපන ඇමතිවරයා වෙතට ලිපියක් යොමුකර ඇත. එකී සම්පුර්ණ ලිපිය මෙසේය ; 

මොණරාගල නගරයේ පිහිටි මහානාම ජාතික පාසල, මහානාම ප‍්‍රාථමික විද්‍යාලය හා රාජකීය විද්‍යාලය යන පාසල් 32014. 09. 04 දින සිට සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. මොණරාගල කාර්මික විද්‍යාල ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන හමුදා සංදර්ශනයක් සඳහා සහභාගී වන හමුදා නිලධාරීන් ඇතුළු කණ්ඩායමට නවාතැන් ගැනීම සඳහා ඉහත කී පාසල් යොදා ගැනීම හේතුවෙන් මෙම පාසල් වසා දමා තිබේ.

මේ හේතුවෙන් මෙකී පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් 6000 කට ආසන්න සංඛ්‍යාවකගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අතරමග ඇනහිට තිබේ. යළි මෙම පාසල් විවෘත වන්නේ 2014. 09. 11 දින වන අතර සතියකට ආසන්න කාලයක් මෙලෙස පාසල් වසා තැබීම නිසා සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සිදුවන හානිය සුළුකොට තැකිය නොහැක.

මෙකී සංදර්ශනය සඳහා පසුගිය පාසල් නිවාඩුව යොදා ගැනීමට හැකිව තිබුනද කිසිදු සැලසුමකින් තොරව පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කරමින් මෙලෙස පාසල් වසා දැමීම සම්බන්ධව අප සංගමයේ දැඩි විරෝධය පලකර සිටිමු.

පසුගිය කාලය පුරා විවිධ අවස්ථාවලදී නගරයේ පිහිටි මෙම පාසල්වල නොයෙක් උත්සව කටයුතු පැවැත්වීම නිසාද අධ්‍යාපන කටයුතුවලට බාධා අවහිර ඇති වූ බවත් එසේ තිබියදී මේ ආකාරයට දින ගණනාවක් පාසල් වසා දරුවන්ගේ අධ්‍යාපනයට සිදුකරන හානිය පිළිබඳ මෙම පාසල්වල ගුරුවරුන්ගේද දෙමව්පියන්ගේද බරපතල විරෝධයක් ඇති බව ඔබ වෙත දන්වා සිටිමු.

ආණ්ඩුවේ ඉහළ බළධාරීන් විසින් ගන්නා මෙවැනි අදූරදර්ශී තීරණ හා ක‍්‍රියාමාර්ග හේතුවෙන් ආරක්‍ෂක හමුදාව කෙරෙහි ජනතාව තබා ඇති ගෞරවයටද මින් යම් කැළලක් සිදුවීම වැළැක්විය නොහැකි බවද අවධාරණය කර සිටිමු. ඌව පළාත් සභා මැතිවරණය අතරතුර කිසිදු පෙර නිමිත්තක් නොමැතිව හදිසියේ මෙවැනි සංදර්ශනයක් පැවැත්වීමේ අරමුණ අන් කිසිවක් නොව ඌව පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගත් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙලක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ආණ්ඩුව ඌව පළාත් සභා ඡන්දය සඳහා අනියම් ප‍්‍රචාරයක නිරතවෙමින් ඒ වෙනුවෙන් ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට සිදුකරන මෙකී බලපෑමට ඔබ ඇතුළු ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිවයුතු බවට අප සංගමය දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

නගරයේ ප‍්‍රධාන පාසල්වල මෙකී පාසල් විවිධ අවශ්‍යතා සඳහා දිගින් දිගටම යොදා ගැනීම හේතුවෙන්ද විවිධ උත්සව පැවැත්වීම හේතුවෙන්ද අධ්‍යාපන කටයුතු කෙරෙහි සිදුවූ බාධා නිසා විෂය නිර්දේශ ආවරණයට ගුරුවරුන්ට අමතර වෙහෙසක් දැරීමට සිදුව තිබියදී මෙසේ එක දිගට සතියකට ආසන්න කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කෙරෙහි සිදුවන බලපෑම ඉතා බරපතල බැවින් මෙහිදී දෙමව්පියන් විසින් ගුරුවරුන් වෙත එල්ල විය හැකි දෝෂාරෝපනයන්ගේ සම්පූර්ණ වගකීමද දරුවන්ගේ ජීවිත පිළිබඳ නිතර කතාකරන ඔබ විසින්ම භාරගත යුතු බවට අප සංගමය අවධාරණය කර සිටිමු.

-MMP



2014-09-09
Advertisement

Find us on Facebook