English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අශ්රොෆ් හිටපු ඇමතිතුමාගේ ගුවන් අනතුරු වාර්තාව සොයා ගිය අසීරු ගමන

තොරතුරු දැනගැනීමේ කොමිසම පත් කිරීමෙන් පසුව ඔවුන් මුහුණ දුන් අත්දැකීම් ගැන එහි අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා පසුගිය දිනක රසවත් කතා කිහිපයක් පවසනු ලැබුවා. ඒ වගේම කොමිසමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරනු ලැබුවා. එහිදී ඔවුන් ඉතාමත් වෙහෙසව සොයාගත් හිටපු අමාත්‍ය, මුස්ලිම් කොන්ග‍්‍රස් ආරම්භක සභාපති එම්.එච්.එම් අශ්රොෆ් මහතාගේ මරණය සිදුවූ ගුවන් අනතුරු වාර්තාව සොයා ගිය ආකාරය ඉතා වැදගත්. මේ රණසිංහ මහතා ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයක්.

”2016 ඔක්තෝම්බර් මස 01 වෙනි දින කොමිසම් සභාව සංස්ථාපනය වුනා. කොමසාරිස්වරු පස් දෙනෙක් පත් වුනා. ඒ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයෙකු වන ජස්ටින් අලාම් මහතා සභපති වශයෙන් පත්වුනා. පසුව ඔහු තානාපතිවරයෙක් වශයෙන් ගිය නිසා පසුව අභියාචනාධිකරණ විනිශ්චය සභාවේ සභාපතිව සිටි ජස්ටිස් වල්ගම මහතා පත්වුනා. දැන් ඔවුන් තමයි කමිටුවේ ඉන්නේ. කොමිෂන් සභාව ඉන්නේ පුරවැසියෙක් තොරතුරු ඉල්ලා සති දෙකක් ගිය පසු, ආයතන ප‍්‍රධානියාට අභියාචනයක් දැමීමෙන් අනතුරුව එයත් අසාර්ථකවීමෙන් අනතුරු සති තුනකට පසුව කොමිසමට පැමිණිලි කළ හැකියි. පනත සම්මත වුනේ අගෝස්තු 04 දා. ක්‍රියාත්මක වෙන්නේ මාස 06 කට පස්සේ පෙබරවාරි 04 වෙනි දින. ඉන් සති 06 කට පස්සේ තමයි අභියාචනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඊට කලින් තොරතුරු නිලධාරියාටයි, නම් කළ නිලධාරියාටයි යන්න  ඕන. නීතියේ හැටියට අපට පළමුවෙනි අභියාචනය ලැබෙන්න  ඕන, අප්‍රේල් 01 වෙනි දින. අපේ වැඩ සටහනේ විදියට මාස දෙකක් විතර යනවා. නමුත් මාර්තු 26 වෙනි දින කොමිෂන් සභාවට පළමුවෙනි පැමිණිල්ල ලැබී තිබුනා. පස්සේ ක‍්‍රමානුකූලව අභියාචනා ලැබීමට පටන් ගත්තා.

පළමුවෙනි මාසයේ අභියාචනා 03 යි. දෙවෙනි මාසේ 11 යි. තුන්වෙනි මාසේ 25 යි. හතරවෙනි මාසේ 54 යි. වර්තමානය වන විට පැමිණිලි 100 ක් පමණ මාසයට ලැබෙනවා. පහුගිය මාස කිහිපයේ ලැබුනු විධිමත් අභියාචනා 970 ක් පමණ තිබෙනවා. කොමිසමට නොයෙක් ආකාරයේ අභියාචනා ලැබෙනවා. සමහර අය නම් කරන ලද නිලධාරියාට පැමිණිලි නොකර කොමිසමට පැමිණිලි කරනවා. පනතේ 31 වෙනි වගන්තිය යටතේ නම් කරන ලද නිලධාරියාට අභියාචනා කිරීමෙන් අතෘප්තියට පැමිණෙන්නාවූ තැනැත්තෙක්ට 32 වන වගන්තිය යටතේ කොමිෂන් සභාවට අභියාචනා කළ හැකියි. නම් කරන ලද නිලධාරියාට අභියාචනා කර නැත්නම් කොමිසමට අභියාචනය බාරගැනීමට නොහැකියි. කොමිසමේ කාර්යය වන්නේ නම් කළ නිලධාරියාගේ අභියාචනයට විරුද්ධව අභියාචනය භාර ගැනීම. අපගේ ප‍්‍රධාන කාර්යය අභියාචනා විභාග කිරීම. කොමිසමට ලැබුණු අභියාචනා 70 න් 690 විභාගයට ගෙන තිබෙනවා. ඉතිරිය නෛතික සටහන් විභාගයට සුදුසු පරිදි සකස් කරගෙන යනවා. අභියාචනයක් ලැබූ විට අදාල නීති රීති බලලා, සාරංශයක් සකස් කර එය ඉදිරියට ගෙන යාමට සුදුසු පරිදි සකස් කරනවා. පසුව එය කොමිෂන් සභාවට ඉදිරිපත් කරනවා. අභියාචනය ලද විට අපි අභියාචනාකරුටත්, පොදු අධිකාරියටත් ලිඛිත නියෝජන ඉදිරිපත් කිරීමටත් දවස් 14 දෙනු ලබනවා. ඉන් පසුව තමයි අභියාචනය විභාගයට ගන්නේ. අපි විභාගයට ගත්ත අභියාචනාවලින් දැනට 452 ක් අවසන් කර තිබෙනවා. ඉතිරිය විභාග කරමින් යනවා. දැනට තවත් අභියාචනා රැුසකට දින නියම කර තිබෙනවා. පැමිණෙන පිළිවෙළ අනුව දින නියම කරනු ලබනවා. සමහර අභියාචනා එක් දිනකින් අවසන් වෙනවා. සමහර අභියාචනා වාර ගණනාවක් යනවා. එය සිදුවන්නේ නීතිඥවරුන් පැමිණ දින ඉල්ලීම නිසයි. සමහර අවස්ථාවල පොදු අධිකාරිය වෙනුවෙනුත් නීතිඥයෙක් පැමිණෙනවා. විදුලි බල මණ්ඩලය වෙනුවෙන් නීති නිලධාරින් පැමිණෙනවා. ඔවුන් පැමිණි විගසම වෙනත් දිනයක් ඉල්ලනවා. ඔවුන් අදාල ලිපි කියන්නේ නැතිව පැමිණෙනවා. එවිට අපිට වෙනත් දිනයක් දෙන්න වෙනවා. සමහර අවස්ථාවලදී පුරවැසියා එන්නේ නෑ. එවිට පොදු අධිකාරිය පැමිණ රස්තියාදු වෙනවා. නමුත් අපි නැවතත් දිනයක් නියම කිරීමක් සිදුවෙනවා. තුන්වෙනි වතාවටත් නොපැමිණියහොත් අපි වෙනත් තීරණයක් ගනු ලබනවා. පුද්ගලයන්ගේ සහභාගිත්වය නොමැතිකම නිසා සමහර ප‍්‍රශ්න සංකීර්ණ වෙනවා. එවිට අනිවාර්යෙන් කල් දිගු කරන්න වෙනවා.

පුරවැසියෙක් ඉල්ලූවා හිටපු අමාත්‍ය එම්.එච්.එම් අශ්රොෆ් මහතාගේ ගුවන් අනතුරින් මිය යෑම  ගැන පරීක්ෂණ වාර්තාවක්. මෙය ඉල්ලනු ලැබුවේ ජනාධිපති ලේකම්තුමාගෙන්. පරීක්ෂණ කළ අවධියේ එම පරීක්ෂණ වාර්තාව බාර දී තිබුණේ ජනාධිපති ලේකම්තුමාට. ඒ අවුරුදු 15 කට පමණ පෙර. එවිට ජනාධිපති ලේකම්තුමා කිව්වා මේ වාර්තාව මා ළග නැහැයි කියලා. මට දෙන්න විදියක් නැහැයි කිව්වා. කොමිසම විමසීමක් කලා මේ වාර්තාව තිබෙන ස්ථානය සම්බන්ධව. ජනාධිපති ලේකම් තුමා අපට දැනුම් දුන්නා ඒ කාලයේ නීතියේ හැටියට ජනාධිපතිධූර කාලය අවසන් වූ වහාම සියලූම ලියකියවිලි ජාතික ලේඛනාරක්ෂක අධිකාරියට බාරදී තිබෙන බව. පසුව අපි ජාතික ලේඛනාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක කැඳවා විමසීමක් කලා. ඔවුන් දැනුම් දුන්නා ඔවුන් සතුව එම වාර්තාව නැති බව. පසුව කොමිසම දැනුම් දුන්නා මේ සම්බන්ධයෙන් යම් ලියකියවිලි තිබේ නම් ඒ ගැන දැනුම් දෙන්න කියලා. ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණා එක් ලිපි ගොනුවක්. තවත් ලිපි ගොනුවක් ලේඛනාරක්ෂක අධිකාරියේ තිබුනා. ඒත් වාර්තාව තිබුණේ නැහැ. පසුව ලිපි ගොනුව ගෙනල්ලා අපි නිරීක්ෂණය කරලා ලැබුවම අපට පෙනුනා, එවකට හිටපු අතිගරු ජනාධිපතිතුමිය පැහැදිලිව ලියලා තියෙනවා වාර්තාව බාරගන්න වෙලාවේ මෙහි පිටපතක් මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපතිට යවන්න කියලා. තවත් පිටපතක් පොලිසිය විසින් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නම් පොලිස්පතිතුමාට යවන්න.තුන්වෙනි පිටපත ජාතික ලේඛණාරක්ෂක අධිකාරියට යවන්න කියලා. පසුව කොමිෂන් සභාවේ මේ පාර්ශ්වයන් තුනම කැඳෙව්වා. අපි දැනුම් දුන්නා අපිට සුමාන තුනක් ඇතුළත  ඕනා කියලා මේ වාර්තාව. පසුව පොලිස්පතිතුමා වාර්තා කළා ඔවුන් සතුව ඒ වාර්තාව තිබෙනවා කියලා. පසුව අපි ඒ පිටපත අපි ගෙනල්ලා කියවලා බලලා. පස්වෙනි වගන්තිය යටතේ තහනම් කරපු තොරතුරු එහි අඩංගු වුනේ නෑ. කොමිසම නිර්දේශ කලා වාර්තාව නිකුත් කරන්න කියලා අයදුම් පත ඉදිරිපත් කරපු පුද්ගලයට. ඒ වගේ අවස්ථාවල මාස හතරක්, පහක් යනවා.

මිනිස්සු වැඩිපුර තොරතුරු ඉල්ලන්නේ පුද්ගලික කාරණා සම්බන්ධයෙන්. පොදු කාරණා සම්බන්ධයෙන් කරුණු විමසන්නේ ඉතාම අඩුවෙන්. මේ තත්ත්වය ලෝකයේ  ඕනෑම රටක තියෙනවා.”

වීඩියෝව පහතින්....


  




2018-10-09
Advertisement

Find us on Facebook