English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකාවේ පොකුරු බෝම්බ සභාපතිකමට විරෝධයක්

ජිනීවා හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ඒ.එල්.ඒ.අසීස් මහතා සැප්තැම්බර් මස 06 වෙනි දින පොකුරු අවි පිළිබඳ සම්මුතිගත රාජ්‍ය පාර්ශ්වයන්ගේ 09 වැනි සැසිවාරය විසින් සභාපතීත්වයට පත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය නම් ජාත්‍යයන්තර සංවිධානයේ (The International Truth and Justice Project  - Sri Lanka (ITJP)) ශ්‍රී ලංකා ශාඛාව තම විරෝධය දක්වා ඇත.  

තවමත් ශ්‍රී ලංකාව යුද්ධයේදී පොකුරු බෝම්බ භාවිතාව ගැන ඇති චෝදනාවලින් නිදහස් වී නොමැත. යුද්ධයේ අවසාන මාස කිහිපයේදී පොකුරු බෝම්බ භාවිතා කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද මෙතෙක් ප‍්‍රසිද්ධියට පත් නොවුනු අභ්‍යයන්තර පණිවිඩ කිහිපයක් මේ සංවිධානය විසින් මෙම විරෝධයේදී ඉදිරිපත් කර ඇත.  

පොකුරු බෝම්බ භාවිතාව රජය විසින් ප‍්‍රතික්ෂේප කළත්, වන්නි යුද කලාපයෙන් පොකුරු බෝම්බ සුන්බුන් හමුවන්නේ කෙසේදැයි ඔවුන් විසින් ප‍්‍රශ්න කර තිබේ. මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය 2016 ඉල්ලා ඇති බවද, ඔවුන් එහිදී සඳහන් කළේය.

යුද්ධය අවසන් කාලයේදී එනම් 2009 මාර්තු 5 සිට 19 දක්වා දෙසතියක කාලයක් තුළ පොකුරු බෝම්බ වලින් මියගිය පිරිස 225 දෙනෙක් බව එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සමාජිකයින් විසින් හුවමාරු කරගන්නා වූ පණිවිඩ වල තිබේ.

බිම් බෝම්බ ඉවත් කරන ලෝකයේ ප‍්‍රමුඛතම සංවිධානය වන හේලෝ ට‍්‍රස්ට් (Halo Trust) කාර්ය මණ්ඩල සමාජිකයෙකු විසින් දෙන ලද කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රීක්ක වලින් හමුවූ පොකුරු බෝම්බ දැක්වෙන ඡායාරූප සහිත සාක්ෂි ලන්ඩනය මූලස්ථානය කොට ගත් ගාඩියන් පුවත්පත විසින් ද 2016 ජූනි මාසයේදී පළ කර තිබුණි.

රජය විසින් මෙම චෝදනා මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කර තිබුණි.

පොකුරු අවි පිළිබඳ සම්මුතිය 2018 මාර්තු 01 වන දින අත්සන් කළ ශ්‍රී ලංකාව එහි 103 වෙනි පූර්ණ පාර්ශ්වකරුද වෙයි. ඒ නිසා ඇති වගකීම පුළුල්ය. එපමණක් නොවේ ලංකාව පසුගිය කාලයේ මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධයෙන් සිදු කළ යම් ප‍්‍රමාණයක ධනාත්මක ක්‍රියාවලියන් මෙවැනි සිදුවීම් නිසා පසුපසට යා හැකිය. යුද සමයන්හිදි භාවිතා කරන ලද අවි ආයුධ සම්බන්ධයෙන් ප‍්‍රමාණාත්මක තොරතුරු සමාජය සතුව නොමැත. නමුත් පොකුරු බෝම්බ සම්බන්ධයෙන් විවිධ යුද කාලයන් අවස්ථාවන් වලදී ඒවා භාවිතා කළ බවට රජයට චෝදනා එල්ල විය.

මූලාශ‍්‍රය          අන්තර්ඡාල තොරතුරු

(http://www.itjpsl.com/assets/press/28-sept-2018-cluster-munition-press-release-ITJP-final.pdf )




2018-10-03
Advertisement

Find us on Facebook