English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් හදිසි දුරකතන ඇමතුම් අංකයක්

      

ජනමාධ්‍ය වෙනුවෙන් වෙන්වූ හදිසි දුරකතන අංකයක් හඳුන්වාදීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

ජනමාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමට ජනමාධ්‍ය සංවිධාන, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු සහ ප‍්‍රවෘත්ති කර්තෘවරු සමග අදහස් විමසීමේදී සාකච්ඡාවක් අද (2) ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති අතර එම සාකච්ඡාවේදී ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව හෙළි කළේය.

මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර තර්ජන ඇතුළු ආරක්ෂාව පිළිබඳ තොරතුරු මෙන්ම රැකියා සුරක්ෂිතතාවය පිළිබඳව ද මෙම අංකයට දැනුම් දිය හැකි බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා කියා සිටියේය.

මෙම හදිසි දුරකතන අංකය මේ මාසය අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව ද, මාධ්‍යවේදීන් මුහුණ දෙන ප‍්‍රශ්න පිළිබඳව හැකි උපරිම මැදිහත් වීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද, නිසි ක‍්‍රමවේදයක් අනුව ජනමාධ්‍යවේදීන්ට නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත මගින් මෙම මැදිහත්වීම ඵලදායී ලෙස සිදුකිරීමේ හැකියාව ඇති බව ද ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කර සිටියේය.

 

මූලාශ‍්‍රය - news.lk 




2018-10-02
Advertisement

Find us on Facebook