English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ අලූත්ම තත්ත්වය

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වු මෙහෙයුම් කමිටු වාර්තාව මේ මස 25 වෙනි දින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් එම වාර්තාව වල සිංහල, දෙමළ පිටපත් සකස් කර අවසන් බව වාර්තා වේ. පසුව මෙහෙයුම් කමිටුව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. එහිදී පරිවර්තනයන් සම්බන්ධයෙන් සාකච්ඡාවන් සිදුවනු ඇති අතර, මේ මස 25 වෙනි දින යළි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතය. අදාල වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පියවරෙන් පියවර එහි කරුණු ගැන සාකච්ඡාවන් එහිදී සිදුවනු ඇත.

දැනටම ඒ සම්බන්ධයෙන් මතුවන විරෝධතාවයන්ගෙන් මෙම යෝජනා පැහැදිලි ප‍්‍රගතිශිලී යෝජනාවන් රැසක් අඩංගුවන බව පෙනේ. දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් නිශේධනීය ප‍්‍රතිචාරයක් නොදැක්වීමෙන් මෙහි ජාතිවාදි නොවන කණ්ඩායම්වලට එකගවිය හැකි කරුණු ඇතුළත් බව පෙනී යයි.

මෙම වාර්තාව ඉදිරිපත්වීමත් සමගම රටේ ජාතීවාදීන් විසින් විවිධ ප‍්‍රශ්න මතු කරමින් රටේ තත්ත්වය බැරෑරුම් කිරීමට උත්සාහ කරනු ඇත. ජාතිවාදී, බෙදුම්වාදී මතයන් උත්සන්න කිරීමටත් උත්සාහ කරනු ඇති. මෙහිදි යහපාලන රජයටත්, ප‍්‍රගතිශිලී ජන කොටස්වලටත්, සිවිල් ව්‍යාපාරයන්ටත් මෙම යෝජනා රැකගැනිමේ විශාල අභියෝගයක් ඇත. ඒ සඳහා දැන් සිටම සූදානම් වීම ආරම්භ කළ යුතුය. නොමැති නම් නව ව්‍යවස්ථාව මින් පෙර ඉදිරිපත් වී ප‍්‍රගතිශීලී යෝජනාවන්ට අත්වූ ඉරණම අත්වීමට ඉඩ ඇත.




2018-10-02
Advertisement

Find us on Facebook