English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“සිවිල් සමාජයෙන් රජය කෙරෙහි සාධනීය විවේචනයක් නෑ.” - සම්පත් සමරකෝන්

සිවිල් සමාජය ආණ්ඩුවත් සමඟ එකට වැඩ කිරීම හේතුවෙන් ආණ්ඩුව විවේචනය කිරීමේ නොහැකියාවක් පවතින නිසා, 2015ට පෙර මෙන් සමාජ ප්‍රශ්න කෙරෙහි සිවිල් සමාජ මැදිහත් වීම අඩු වී ඇති බවත්, සිවිල් සමාජය රජය සමග සාධනීය විවේචනයන්ට නොයන බවටත්, වූ මතයක් සමාජය තුල නිර්මාණය වී තිබෙන බව “විකල්ප” වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් මහතා පවසයි.

තවද, “උතුරු නැගෙනහිර ඉඩම් ප‍්‍රශ්නය ගැන අම්මලා තාමත් උපවාස කරනවා. ඒ සම්බන්ධයෙන් දකුණේ සිවිල් සමාජයේ ලොකු ප‍්‍රකාශනයක් අපිට පේන්නේ නෑ. දකුණ ගැන ගත්තත් එහෙමයි. අපි බැලූවොත් පානම ඉඩම් ප‍්‍රශ්නය ගැන. කලින් තිබුනු මැදහත්වීම දැන් අඩුයි.

සිවිල් සමාජයේ බලාපොරොත්තු සම්පූර්ණ වෙලා නැහැ. මට හිතෙනවා යම් කිසි කළකිරීමේ ස්වභාවයක් සිවිල් සමාජය තුළ තිබෙනවා. එයට හේතුව තමයි සිවිල් සමාජය කල්පනා කරනවා 2015 පසුව ඔවුන් සාකච්ඡා කරමින්, වැඩ කරමින් සිටි ක්ෂේත‍්‍ර වල නිදහසේ වැඩ කරන්න පුළුවන් වේවි කියලා ඒ විදියටම. එයට කිසියම් විදියකට බාධා එල්ලවෙනවා. අනෙක් පැත්තෙන් ඒක ටිකක් විහිළුවකට කාරණාවක්. සිවිල් සමාජයේ සිටි කණ්ඩායම් වලින් බහුතරයක් ආණ්ඩුවේ වැරදි තැන්. ආණ්ඩුවේ නිවැරදි කළ යුතු තැන්, ආණ්ඩුව හදා ගත යු තැන් ගැන සාකච්ඡාවක් කරන්නේ නැහැ. පසුගිය මාසයේ එක සාහිත්‍යය කෘතියක් සහ වේදිකා නාට්‍යයක්, ගුවන් විදුලි නාට්‍ය මාලාවක් වාරණයට ලක් කරනවා. මේ වාරණයන් ගැන සිවිල් සමාජයේ කිසිඳු හඩක් නෑ.”

ඔහු ඒ අදහස් පැවසුවේ පසුගියදා අයිතිය වෙබ් අඩවිය සමඟ කළ සාකච්ඡාවකට එක් වෙමිනි.

එම අදහස් පහත වීඩියෝවෙන්....


 




2018-10-01
Advertisement

Find us on Facebook