English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ව්‍යවස්ථාදායක සභාව ගැන කතා කරන්න සිවිල් සමාජ නායකයින් කථානායක හමුවේ


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයින්ගේ ධුර කාලය පසුගිය සැප්තැම්බර් 22 දායින් අවසන් විය. නව නියෝජිතයින් පත්කිරීම නැවත සිදු කළ යුතු අතර, එම පත්කිරීම් විනිවිද භාවයකින් යුක්තව කි පාර්ලිමේන්තුවේ කතානයක නිල මැදිරියේ දී කතානායක හමුවූ සිවිල් සමාජ නායකයින් විසින් ඉල්ලා සිටින ලදී.

පාර්ලිමේන්තුවේ කථානයක නිල මැදිරියේ දී පැවති මෙම මෙම සාකච්ඡාව ෆැපරල් සංවිධානයේ රෝහන හෙට්ටිආරච්චි මහතා විසින් සංවිධානය කර තිබු අතර, ජාතික සාම මණ්ඩලය, නීතිය හා සමාජ භාරය, ට‍්‍රාන්ස්පෙර්න්සි ඉන්ටර්නැෂැනල් ආයතනය, සණස හා සර්වෝදය ව්‍යාපාරය, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ඇතුලූ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් මීට සහභාගී විය.

ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ සිවිල් සමාජ නියෝජිතයින් වූ ආචාර්ය ඒ.ටී ආරියරත්න, රාධිකා කුමාරස්වාමි, ෂිබ්ලි අසීස් යන තිදෙනාට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍ය තිලක් මාරපන, පා.ම ඩබ්.ඞී.ජේ සෙනෙවිරත්න, විජිත හේරත් යන අයගේද කාලය පසුගිය සැප්. 22 දායින් අවසන් විය.

දස දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව සදහා කතානායක, අග‍්‍රාමාත්‍ය, විපක්ෂ නායක නිල බලයෙන් තේරී පත්වේ. ජනාධිපතිවරයාගේ නියෝජිත ලෙස අමත්‍ය මහින්ද සමරසිංහ මෙහි දැනට සමාජිකත්වය දරණ අතර, සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා ඇතුලූ අනෙකුත් පාර්ලිමේන්තුවේ සුලූ පක්ෂ  නියෝජනය කරන මන්තී‍්‍රවරු තිදෙනෙක් ඇතුලූ නියෝජිතයින් 6 දෙනෙකු පත්කළ යුතුව තිබේ.




2018-09-26
Advertisement

Find us on Facebook