English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කිරි දරුවන්ගෙන් බදු අයකර නොගැනීමට කැබිනට් අනුමැතිය


පසුගියදා කිරිදරුවන්ගෙන් බැංකු ගිණුම් වල තැන්පත් මුදල් ලැබෙන පොලියෙන් කොටසක් බදු  ලෙස අයකර ගැනීම සම්බන්ධව වාර්තාවක් අප වෙබ් අඩවියේ පල කරනු ලැබීය. ඉන් අනතුරුව දරුවන්ගෙන් බදු අයකරගැනීම සම්බන්ධව තොරතුරු ඉල්ලා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත තොරතුරු පණත යටතේ ඉල්ලූම්පතක් ද ඉදිරිපත් කරනු ලැබීය. ඊට අමතරව දරුවන්ගෙන් බදු අයකරගැනීම යහපාලන ප‍්‍රතිපත්තීන්ට අනුකූල නොවන බැවින් ඒ සම්බන්ධව රජයේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා මුදල් අමාත්‍යංශය වෙතද ලිපියක් යොමු කරනු ලැබීය.

රජයේ බදු ප‍්‍රථිපත්තිය යථාර්ථයක්ද මැයෙන් ඊයේ (25) ගුවන් විදුලි සංස්ථාවේ පැවැති මහජන මහන්ත‍්‍රණ සභාවේ දී අප වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු විසින් ඉහත ප‍්‍රශ්ණය මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා වෙත යොමු කරන ලදී. ඊට පිලිතුරු දුන් දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ බදු උපදේශිකාවක් ලෙස කටයුතු කරන තණුජා පෙරේරා මහත්මිය ප‍්‍රකාශ කලේ, මෙම බදු අය කරගැනීම නව පනතින් සිදු වූ දෙයක් නොවන බවත්, එසේ බදු අයකරගැනීම දිගටම සිදු වූ බවත්, නමුත් දරුවන්ගේ තැන්පත්වල තිබෙන මුදලට ලැබෙන පොලියෙන් බදු අයකරගැනීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී ඇති බවයී.

ඒ අනුව දරුවන්ගෙන් බදු අයකර ගැනීම සම්බන්ධව බදු සංශෝධන කැබිනට් පති‍්‍රකාව අනුමත වී බදු ප‍්‍රතිශෝධනය සදහා නීති කෙටුම්පත් ආයතනය වෙත යොමු වී ඇති බවත්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් මෙම ප‍්‍රතිශෝධනය පැමිණි වහාම සියලූම බැංකු සහ මුල්‍ය ආයතන වෙත එය යොමු කිරීම සිදු කරන බව දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ බදු උපදේශිකා තණුජා පෙරේරා මහත්මිය වැඩි දුරටත් ප‍්‍රකාශ කලේය.
    
 




2018-09-25
Advertisement

Find us on Facebook