English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන් වූවන්ගේ නිර්දේශ සඳහා ඇමති කමිටුවක් නම් කෙරේ...

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් රජයට ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් දස දෙනෙකුගෙන් යුත් ඇමති අනු කමිටුවක් පත් කර තිබේ. කලින් එහි සභාපතීත්වයට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නම් කර තිබිනි. එම කමිටුවේ අනෙකුත් සමාජික සමාජිකාවන් වන්නේ සරත් අමුණුගම, රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, පී. පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් මහින්ද සමරසිංහ සහ තලතා අතුකෝරාල යන අයයි. මෙම කමිටුවේ කැඳවුම්කරු වන්නේ ජාතික සමගිය හා සහජීවනය රාජ්‍ය අමාත්‍යයංශයේ ලේකම්වරයායි.

ඒ කමිටුවට සහයවීම සඳහා තවත් සහායක කමිටුවක් ද පත් කර ඇත. ඒ සහයක කමිටුව සමන්විත වන්නේ නීතිපති හෝ එතුමාගේ නියෝජිතයෙක්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් හෝ නියෝජිතයෙක්, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හෝ ඔහු විසින් නම් කරන ලද නියෝජිතයෙක්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයෙක් ඇතුළත් වේ.

මෙම අමාත්‍ය අනුකමිටුවේ යෝජනා සඳහා ඉදිරි වසර 03 ක (2019 – 2021) කාලය සඳහා ජාතික අයවැය මගින් මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීමටත් නිර්දේශ වී ඇත.

මූලාශ‍්‍රය - news.lk




2018-09-25
Advertisement

Find us on Facebook