English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කාදිනල් නැවතත් රාජ ආණ්ඩුවකට අතවනයි


”බටහිර ලෝකයේ අලූත් ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම්. මේ මානව හිමිකම් කියන ඒවා ආවේ ඊයේ පෙරේදා. හරියට මේ අලූතින් සොයාගත්තු පුදුමාකාර දෙයක් වගේ. ඔලූව උඩ තියාගෙන  ඕක තමයි අපිට හැම තිස්සෙම කියන්නේ. මානව හිමිකම්. මානව හිමිකම්. අපේ රටේ මිනිස්සු ආගම අදහන්න ගත්තේ ශත වර්ෂ ගණනාවකට කලින්. අපේ රටෙත් සමහර අය කතා කරනවා අනාගමීක සමාජයක් ගැන. අනාගමීක සමාජයක් නැහැ. මිනිස්සුන්ගේ ජීවිතය කෑම, බීම, ඇඳුම් පැළඳුම්, සහ සැප විහරණය පමණක් නෙමෙයි. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කතා කරන්න  ඕනා නෑ. මානව හිමිකම්වලටත් එහා ගිය විදියට අපිට ජීවත්වෙන්න පුළුවන්. මානව හිමිකම්වල එල්ලීගෙන ඉන්නේ ආගම් අදහන්නේ නැති මිනිස්සු. ආගමක් අදහනවා නම් මානව හිමිකම්  ඕන නෑ අපිට. ඒ නිසා ඒ මායාවට අපි රැවටෙන්න හොඳ නෑ. අපි බුද්ධිමත්ව මෙහිදී කටයුතු කළ යුතුයි. ”

පසුගියදා ඉහත ප‍්‍රකාශය කරනු ලැබුවේ වෙනින් කවුරුවත් නොව ලංකාවේ ප‍්‍රධාන ආගම් නියෝජනත්වයක ප‍්‍රධාන පූජකවරයෙකු වන අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් විසින් ජා ඇල, ඒකල පිහිටි ශාන්ත මතෙව්තුමාගේ දේවස්ථානයේ පැවැති උදෑසන දේව මෙහෙයට සහභාගී වෙමිනි.

රාජපක්ෂ රාජ්‍ය සමයේ ජනතා ප‍්‍රශ්න මැද නිහඩව සිටි කාදිනල් මැල්කම් රංජිත් මෑතක සිට විවිධ අන්දමේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් සිදු කිරීමට පටන් ගෙන තිබේ. මීට ඉහත දී මරණීය දණ්ඩනය අනුමත කරමින් ඔහු විසින් ප‍්‍රකාශයක් කළ අතර, ඊට සමාජ මාධ්‍ය ඡාලාවලත්, සමාජයේත් දැඩි විරෝධයක් මතු වූ අතර පසුව එය වෙනස් කරමින් ප‍්‍රකාශක් නිකුත් කළේය.

කාදිනල්තුමා මරණීය දණ්ඩණය ගැන එවැනි ප‍්‍රකාශයක් කලේ පාප්තුමන් විසින් මරණීය දණ්ඩණය කතෝලික සභාව විසින් ප‍්‍රතික්ෂේප කළ යුතු බවට ප‍්‍රකාශයක් කර තිබිය දීය. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ කතෝලික රදගුරු මණ්ඩලය හා ලංකා කි‍්‍රස්තියානි සභාව එතුමන්ගේ මේ මතය බැහැර කළේය.

මෙම දහම් දෙසුමේදී කාදිනල්තුමා දැඩි උපහාසයකින් කතා කරන බව පෙනේ. කිසිඳු ගැඹුරු තර්කානුකූල බවක් නොමැතිව ගැලරියට කතා කරන දේශපාලඥයෙක් මෙන් වචන හසුරුවනු පෙනේ. මේ උපහාසය එතුමන් එල්ල කරන්නේ මිනිසුන් විශාල ගණනක් ජීවිත කැපකොට, කාලය, ශ‍්‍රමය වැය කොට ගොඩනගාගත් අතුපතර විහිදාගත්, මිලියන ගණනක් මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත කරන, මිනිස් ව්‍යායාමයකටය. එතුමන්ගේ මේ අදහස ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරයවීමත් සමගම විවිධ ප‍්‍රතිචාර ලැබෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් තමන්ගේ මුහුණු පොතෙහි ප‍්‍රතිචාරයක් දක්වා ඇති අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා,
”මේ වාර්තාව නිවැරදි නම් මානව හිමිකම් වල ඇති වටිනාකම් කාදිනල්තුමා විසින් පහත් කොට සැලකීම ලැජ්ජා සහගතය. මානව හිමිකම් සංකල්ප සම්බන්ධයෙන් ඔහු මහත් අඥාන භාවයක් පළ කරන සැටියක් දිස්වේ. ආගමක් කෙරේ විශ්වාසයක් නැති බොහෝ දෙනා ඉන්නා බවද, ආගම බලහත්කාරයෙන් පුද්ගලයන් මත පැටවිය නොහැකි බවද වටහාගන්නට ද ඔහු අසමත් වෙයි. මෙය ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ප‍්‍රගතිශීලී චින්තනයට කොතරම් පැටහැනිද? මෙය නිවැරදි නොවේ නම් ඔහු එය ප‍්‍රතික්ෂේප කළ යුතුය.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මානව හිමිකම් කි‍්‍රයාදරයෙක් වන රුක්ෂාන් ප‍්‍රනාන්දු පවසන්නේ, ෆ‍්‍රැන්සික් පාප්තුමන් 2018 ජනවාරි මාසයේ දී දේශනයක් කරමින් 1948 විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනය ඉතා වැදගත් ප‍්‍රකාශනයක් බවත්, එය කිතුණු බැතිය සමග සමානව ගමන් කරන බවත් සඳහන් කළේය. පාප්තුමන් ඒ සම්බන්ධයෙන් දීර්ඝව අදහස් දක්වා ඇති බවයි.

ඒ සමගම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්වීටර් පණිවිඩයක් ඔස්සේ අදහස් දක්වමින් පවසන්නේ,
”කතෝලික ආගම පිළිනොගත් හෝ එය ප‍්‍රශ්න කළ පුද්ගලයන්ට දෙතිස් වද දී මරා දැමීමට කතෝලික සභාව විසින් 12 වැනි සියවසේදී යොදා ගන්නා ලද සංවීක්ෂණය ( ෂබුමසිසඑසදබ * යනුවෙන් හැඳින්වුනු භීෂණකාරී සෝදිසියත් වෙනත් ආගම්වලට එරෙහිව සිය අධිපත්‍යය පැතිරවීම සඳහා දාහත් ලක්ෂයකට අධික ජනකායක් මරුවුවට පත් කරමින් දියත් කෙරුණු කුරුස යුද්ධයත් ජගත් මානව හිමිකම් රැුකගැනීමේ අවශ්‍යතාව මතු කළ බවයි.”
”මානව හිමිකම් පිළිබඳ අවශ්‍යතාව මතුවුනේ කොල්ලකාරී ආගමික අන්තවාදීන්ගේ භීෂක සෝදිසිය සහ කුරුස යුද්ධය විසින් තොග ගණනින් නොදහන්නන් ඝාතනය කිරීම හේතුවෙනි. අනේ අපොයි, ජනපි‍්‍රයවාදීවීමට වීරිය කරන හැම අවස්ථාවකම කානිනල් වැඩ වරද්දා ගන්නා පාටයි.”

මානව හිමිකම් සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාවය දෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අප මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපගේ දැඩි පිළිකුල දක්වා සිටින්නෙමු. ලංකාවේ මෑත ඉතිහාසයේ මානව හිමිකම් වෙනුවෙන් වැඩිම නීති සංඛ්‍යාවක් පැනවුනු කාලයක, මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට නඩු විශාල සංඛ්‍යාවක් පැවරුනු කාලයක, ගැටුම්, යුද්ධය පැවති කාලයන් වල අතුරුදහන් වූ පුද්ගලයන් සෙවීම සඳහා සකී‍්‍රය කි‍්‍රයාකාරිත්වයක් ඇති කාලයක රටේ ප‍්‍රධාන ආගමික සංස්ථාවක නායකයෙක් මානව හිමිකම් සම්බන්ධව මෙවැනි ප‍්‍රකාශ කිරීම ඉතාමත් කණගාටුදායකය. මේ නිසා අප ලංකාවේ විහිදී විසිරී සිටින මානව හිමිකම් කි‍්‍රයාකරයින්ගෙන් සහ ප‍්‍රගතිශිලී මතවාදයන් දරන ආගමික පූජකවරුන්ගෙන් ද ඉල්ලා සිටින්නේ මේ සඳහා ඔබගේ විරෝධය දක්වන ලෙසයි. මේ අවස්ථාවේදී අප විසින් මෙම සිද්ධිය අමතක කළහොත් පහළ මට්ටමේ කි‍්‍රයාකාරිත්වයන්හීදී තදින් බලපෑ හැකි බව අපගේ විශ්වාසයි.

අතිගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා
අගරදගුරු කාර්යාලය
අගරදගුරු නිවස
කොළඹ 08

දුරකතනය     0094112695471 / 2695472/ 2695473/ 0718332726
ෆැක්ස්        0094112692009
ඊමේල්         ්ඉිැරුඒරස්එ?ිකඑබැඑගකන      












2018-09-25
Advertisement

Find us on Facebook