English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


එක්නැළිගොඩගේ අතුරුදහන්වීමට බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන්වීම සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ නව මාවතකට පිවිස ඇත. ඒ මෙතෙක් අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ට අමතරව යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් එරන්ත පීරිස්ව අත්අඩංගුවට ගැනීමත් සමගයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට කැඳවා ඇති අතර ඉන් අනතුරුව එහිදී අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත. 

මෑතක් වන තුරුම ලූතිනන් කර්නල්වරයා ප‍්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී නොතිබුණු අතර, පසුව ඔහු විසින් බුද්ධි අංශ නිලධාරීන් සමග පැවති දුරකතන සංවාදයන් නිසා සැක කටයුතු තොරතුරු රැසක් වාර්තා වී තිබේ. ඔහු පෙර අත්අඩංගුවට ගත් ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.




2018-09-22
Advertisement

Find us on Facebook