English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ලංකාවට තොරතුරු සතියක්

තොරතුරු දැනගැනීමේ පනත යහපාලන රජය පත්වීමෙන් පසුව රට තුළ විශාල වෙනස්කම් රැසක් සිදුවෙමින් තිබේ. රජයේ විවිධ ආයතන සම්බන්ධ තොරතුරු මහජනතාවට පහසුවෙන් මේ නිසා දැනගැනීමට හැකියාව ලැබී ඇත. ජනමාධ්‍යවේදීන් තමන්ට සොයා ගැනීමට අසීරුව තිබූ තොරතුරු එක් ලිපියක් හරහා ලබාගැනීමට හැකි වී ඇත. මේ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක් අතකින් ඉතා ඉහළින් අත්දැකීමට ජනතාවට හැකිවී ඇත. රජයේ ආයතනවල දූෂණයන්, රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණයන් ගැන අවශ්‍ය තොරතුරු ගැටළුවක් නොමැතිව ලබා ගැනීමට හැකි වී තිබේ. මේ නිසාම යහපාලන රජයට එරෙහිව තොරතුරු අවශ්‍ය කණ්ඩායම් වලට ඒවා ඉතා ඉක්මනින් ලබාගැනීමට ද හැකි වී තිබේ.

තොරතුරු දැගැනීමේ පනතින් ඇතිවුනු මේ අලූත් තත්ත්වයන් සමග මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් තොරතුරු සතියක් නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ඉතාමත් කාලෝචිතය. එය සැප්තැම්බර් මස  21 වෙනි දින සිට 28 වෙනි දින දක්වා ක්‍රියාත්මක ය. සැප්තැම්බර් 28 වෙනි දිනට ජාත්‍යයන්තර තොරතුරු දිනය යෙදී ඇත. මේ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර මහත්මිය ජනමාධ්‍ය වෙනුවෙන් පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී මෙම හමුව පැවැත්විනි.   

මෙහිදී අදහස් දැක්වූ අතිරේක ලේකම්වරිය ”තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනයා වෙත ලබා දුන් හොඳ අවස්ථාවක්. ඒ ලබා දුන් හොඳ අවස්ථාව භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පිළිබඳව මාධ්‍ය හරහා මහජනතාවට පණිවිඩය රැගෙන යා යුතුයි. තොරතුරු අයිතිය භාවිතා කරමින් මේ රටේ පාලනය ශක්තිමත් කිරීමටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංවර්ධනයට මහජන සහභාගිත්වය ලබා ගැනීම වැදගත්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අපේක්ෂාව එයයි.” පැවසුවාය.

සැප්තැම්බර් 21 වෙනි දින උදෑසන 11.00 ට කොළඹ ජාතික රෝහල අසල හා පස්වරු 4.00 ට කොටුව දුම්රිය ස්ථානය අසළ වීදි නාට්‍ය ප‍්‍රදර්ශනයක් සිදු කරමින් ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර ඇත. එදිනම පස්වරු 4.30 - පස්වරු 7.00 දක්වා RTI FILM DAY තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් නිෂ්පාදිත කෙටි චිත‍්‍රපට උළෙලක් තරංගනී සිනමා ශාලාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. 




2018-09-21
Advertisement

Find us on Facebook