English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වූවන් වෙනුවෙන් වූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය අනුකාරක සභාවක්
සැප්තැම්බර් මස 05 වෙනි දින අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද තමන්ගේ පළමු අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බාර දෙන ලදි. එම වාර්තාවේ රජයට අතුරුදහන් වූ තැනැත්තන්ගේ වින්දිතයන් වෙනුවෙන් සිදු කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් සඳහන් නිර්දේශ ගණනාවක් ඇතුළත් විය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමසා බැලීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කරන බවයි.

ඒ අනුව යමින් සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. එම අනුකාරක සභාවේ සභාපතිවරයා වන්නේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාය. එමෙන්ම අනු කාරක සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා අනුමැතිය ද හිමිව තිබේ.




2018-09-21
Advertisement

Find us on Facebook